Fri. Jul 5th, 2024
Spread the News

“තාත්තාගේ වැඩේ පුතා නොකළොත් ඒකා නොට්ටියගෙ පුතා” කියලා කියමනක් තියෙනවා.

මහින්දලා දෙන්නගෙම පුත්තු (නාමල් හා කාංචන)
තාත්තලාටත් එහා ගිය පුත්තු වෙන්න හදනවා.

හොරකමේ අඩුවකුත් නැහැ බොරු කීමේ අඩුවකුත් නැහැ.

සජිත් තමයි හොඳම ජීවමාන උදාහරණය. මිනිහා කෑගහළම කියනවා තාත්තාගේ අඩි පාරේ යනවා කියලා.

ඒ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වලට ඇහෙන්නයි කෑගහන්නෙ.

එතකොට තමයි අර බොරුවට අටවාගත් “සසුනට අරුණ” කියන ප්‍රෝඩාවට පොහොර දමන්න ශ්‍රී ලංකාවේ ලංකා විරෝධී රටවල් වලින් සජිත්ට ආධාර ලැබෙන්නේ.

බස් රථ 75ක් පාසැල් වලට තෑගි ලෙස බෙදා දෙන්න පාර්ලිමේන්තුවෙ හැර කිසිදාක රැකියාවක් නොකළ සජිත්ට බස්රථ 75ක් ගන්න මුදල් දුන්නෙ කවුද? සමහරවිට Born Again පමණක් තනිවම ඒ මුදල වියදම් කළා වෙන්න පුළුවන්.

දියුණු රටවල් වල බලය තාත්තලගෙන් පුතාලට යන්නේ නැහැ. මන්ද රටේ අනාගතය සෑම තරුණ තරුණියකට ම පොදුවේ උරුම වන නිසා. දේශපාලන ප්‍රවාහයට අලුතෙන් එකතුවෙන තරුණ පරපුර අලුත් දේ සමාජයට හඳුන්වා දෙනවා. ඒ තුළින් සමාජය ඉදිරියට ගමන් කරනවා.

ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලකයින් අනාගත පරපුරට බලය ලබා දෙනවා කියා තමාගේ පවුලේ පැටවුන්ට බලය පමණක් නොව බලයේ රැඳී සිටීමට අවශ්‍ය සියලුම බලුකම් ජඩකම් වංචා හා දූෂණ ක්‍රියා මාර්ගත් බලෙන්ම උරුම කරනවා.

ශ්‍රී ලංකාව අද කොතැන ද කියන ප්‍රශ්නයට පැහැදිලිම පිළිතුර දේශපාලනයේ පියපුතු ආශ්චර්යය තුළ ගැබ්වී තිබෙනවා.