Mon. Jul 8th, 2024
Spread the News

ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට දේශප්‍රේමී පනතක්‌

කීර්ති වර්ණකුලසූරිය

ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට ඇමරිකාවේ දේශප්‍රේමී පණතට සමාන පනත් කෙටුම්පතක්‌ ගෙන ඒමට රජය කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (23 දා) පැවසීය.

මෙම ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායමද රජයෙන් ඉල්ලා තිබේ.

1982 දී සම්මත වූ මෙම ත්‍රස්‌ත මර්දන පනත යටතේ කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ක්‍රියා කිරීමට හැකි වී තිබුණි.