Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtecy Moshiapp

අන්තර්ජාලයට මා විසින් මුදා හරින පණිවිඩ නොඉවසන පුද්ගලයෙක් ඔහු තුළ ඇති අතෘප්තිමත් බවට මා දුන් ප්‍රතිචාරය:

තව කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි මානසික තත්වය කාලෙන් කාලෙට යුගයෙන් යුගයට දේශයෙන් දේශයට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

ඔබ හා මා අතර ඇති වෙනස සනිටුහන් කරන එක් ප්‍රධාන නිර්ණායකයක් වන්නේත් අනුන්ගේ සැපත දරාගන්න පුළුවන්ද නැද්ද කියන මානසික තත්ත්වයයි.

මට මගේ සභ්‍යත්වයෙන්, මගේ දෙමව්පියන්ගෙන්, මගේ ගුරුවරුන්ගෙන් ඒ වගේම මගේ සමීප මිතුරන් ගෙන් උරුමවූ යහපත් ගුණාංග රාශියක් හිමි වී තිබීම නිසා මට ඉදිරියෙන් මම අන් අයව තබමි.
මා සිට ගන්නේ කොතැනද යන්න තීරණය වන්නේ මා භෞතිකව පයගසා සිටින තැන නොව චින්තනමය වශයෙන් මා සිටින්නේ කොතැනද යන්නයි.

මම මගේ ජීවිතය පිළිබඳ තෘප්තිමත් මිනිසෙක්මි. අන් අය වෙනුවෙන් කැප වීමට මා පොලඹවන ප්‍රධාන අභිප්රේරණ සාධකය වන්නේත් මෙකියන තෘප්තිමත් භාවයයි.

මම කයින් සහ සිතින් නිරෝගී මිනිසෙක් වෙමි.
“ආරෝග්‍යා පරමා ලාභා- සන්තුට්ඨි පරමං ධනං
විස්වාස පරමා ඥාති
නිබ්බානං පරමං සුඛං” යන බුදු වදන
මා මෙනෙහි නොකරන දිනයක් එන්නේද, ඒ මා මියගිය දිනය යි.

” සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා”

-තෙවැනි ඇස-
21.10.2023