Wed. Jul 3rd, 2024
Srilanak Consitiuion
Spread the News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වෙනි ව්‍යවස්ථාවේ (2) වෙනි අනු ව්‍යවස්ථාවෙහි

“ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය..”
යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.

මේ ව්‍යවස්ථාවේ කාලය වෙනස් කිරීමට පාර්ලිමේනතුවට ගෙන එන යෝජනා සම්මතයකින් පමණක් කළ නො හැක. ජමමත විචාරණයක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු ය. මෙයට පිටින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක් නැත.

තව ද ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 ව්‍යවස්ථාවේ (3) අනු ව්‍යවස්ථාවෙහි

“ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධූරය දරන ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත් වීමට පෙර, මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත්විය යුත්තේ ය. “
යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාව යටතේ බලයට පත් වී ඇති බැවින් 31 ව්‍යවසථවේ 3 අනුව්‍යවස්ථාවෙහි (ඉ) ඡේදයෙන්, වත්මන් ජනාධිපතිවරයාට 31 ව්‍යවස්ථාවේ (3) අ ඡේදයේ ප්‍රකාරව ජනාධිපතිවරණයක් කැදවීමේ අයිතිය ද නැත. ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ ධූරකාලය ඉකුත්ව එක දිනයකුදු බලයේ රැදී සිටීමට ද හිමි කම් නැත. පාර්ලිමේන්තු සරල හෝ විශේෂ බහුතර ඡ්න්දයෙන් යෝජනා සම්මත කිරීමකින් ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවසථාවේ කිසිදු ප්‍රතිපාදනයක් නැත., යමෙක් එවැනි යෝජනාවක් කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටහැනි ය.