Mon. Jul 1st, 2024
Spread the News

වරෙව් , වරෙව් , වරෙව් , වරෙව්

වරෙව් , වරෙව් …….//

කොල්ලනේ  වරෙව්

සිහල කෙල්ලනේ  වරෙව්

නිදාසිටියා ඇති බොලව් දැන් , මිහිර වින්දා මදිද තොපි  දැන් ,

තැලී පොඩිවෙන අපේ උරුමය රකී සිතුවද  අන් එවුන්  .

වරෙව් , වරෙව් ,……….

කියාපිය කුලුගෙඩියටත් , ඌට පනදෙන කහවනුවටත්,

තලන්නේ තොපි කුලක් නොව බොල , පුදා උවටැන් කලයුතු උරුමයක්.

වරෙව්  වරෙව්……….වරෙව්….

කෙලක්  රහතුන්  වැඩ විසූ ,

  කපක් හෙලයන්ට වැඩ සැදූ ,

කපක් නොසිදී පවත්වන කය

ඉන්මුදා ….පරම සුඛයට පමුනුවාලන ,

ලෙයත්  පුදසුන මත තබා පිදුවද

අහවරක් නැති පින්කමක් සතු

නොසිදෙනා මහ මෙහෙවරක්  සතු

 දැයක  ,

කටත් , බඩගෙඩියටත්…. ලොල්වී…..

 තොපි  ….. …….මකන්නේ…………

ඉනක්  නැනයේ ගිලී  රැකිය යුතුවූ   ,

 අති  ශ්‍රේෂ්ඨ   වූ  අබිමානයක්.

ව.රෙව්… වරෙව්…… ව.රෙව්…..

-ධම්මික