Spread the News

තර්ජනය කළේ යැයි කියන සිද්ධිය පට්ටපල් බොරු

– ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අනුර සේනානායක

Related news: click here

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරමින් තමා ඔවුන්ට තර්ජනය කළේ යැයි කියන සිද්ධිය කිසිදු සත්‍යතාවයකින් තොර පට්ටපල් බොරු ප්‍රකාශයක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවැසීය.

තවද තමාට එම එල්ල වී ඇති අසත්‍ය චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ද පැවැසීය.

2013 වසරේ දී උතුරු කොළඹ පළාත් කොට්ඨාස පොලිස් විශේෂ විමර්ශන ඒකකය භාරව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කටයුතු කරන අවධියේ ලැබුණ තොරතුරක් මත මහා භාණ්ඩාගාරයෙන් රත්තරන් ලබා දෙන බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලැබේ.

එහි දී මෙහෙයුමක් සිදුකර එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට ඔවුන්ට එරෙහිව නීතිය මඟින් නඩු පවරා තිබේ. මේ වනවිටත් එම නඩුව විවාද වෙයි.

මේ සිද්ධියට ආර්යාවක් සම්බන්ධ යැයි එම දිනවලම එක්තරා විකල්ප පුවත්පතක ප්‍රවෘත්තියක් පළ විය. එම ප්‍රවෘත්තියේ කිසිම තැනක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වු ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නම සඳහන්ව තිබුණේ නැත.

ආර්යාව යන වචනය පළ වී තිබූ නිසා එම පුවත්පතට කතා කළ අප එම ආර්යාව යැයි හඳුන්වන්නේ කවුදැයි විමසා සිටියේය. එහෙත් එම විකල්ප පුවත්පතේ කතුවරයා පැවසුවේ ආර්යාවක් සම්බන්ධ යැයි තොරතුරක් ලැබුණත් එහි නමක් ගමක් නොදන්නා බවයි.

එම සිද්ධිය එතැනින් අවසන් වු අතර රත්තරං ජාවාරමට සම්බන්ධ පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී කිසිම ආකාරයකින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊට සම්බන්ධ යැයි තොරතුරක් හෝ ඇගේ නමක් කියවුණේ නැත.

වාස් ගුණවර්ධන මහතාගේ බිරිය මෙම අසත්‍ය චෝදනාව එල්ල කරන්නේ වෙනත් අරමුණක් මත විය හැකිය. ඒ කෙ‍ෙස් වූවද මෙසේ එල්ල කරන අසත්‍ය චෝදනාව හරහා මාගේ කීර්තිනාමයට සිදුවන හානිය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිවිල් අධිකරණය හමුවේ නඩුවක් පැවරීමට බලාපො‍රොත්තු වන බව ද අනුර සේනානායක මහතා කීය.