Wed. Jul 3rd, 2024
Spread the News

චාල්ස් පෙරේරා විසින්.

Link Lankaweb:

Ceylon Teachers' Union secretary and union members released following  growing protests against their detention | Tamil Guardian

අද අපේ රටේ කුඩු ජාවාරම් කාරයෝ සල්ලිවලට නොකරන පිළිකුල්  අසික්ෂිත අමනුස්ස වැඩක් නැත. උන් අනාගත දරු පරපුර ගැනවත් රට ආගම ගැනවත්  නොසිතන්නොය. අද අනාගත දරු පරපුර ගැන නොසලකා ජෝසොප් ස්ටාලින් පිටිපස්සේ සල්ලි වලට කෑදරකමින්  සල්ලි හොයා පාරට බැහැ  සිටින  ගුරු විදුහල්පතියෝ කුඩු ජාවරම්කාරයින්ට වඩා වෙනස් යයි කිව හැකිද ? 

 රටේ මව් පියරුවන්  මේ ගුරු විදුහල්පතිවරුන් විස්වාශය කරලා නොවේද තම දරුවන්ගේ අනාගතය ඔවුන්ට බාර දී තිබෙන්නේ ? ඒ ගුරුවරු නොවේද කුඩුකාරයන් මෙන් ඒ දෙමාපියන්ගේ විශ්වාශය කඩ කර තියෙන්නේ ?.  

අපේ ගුරු විදුහල්පතිවරුන් අතර මුදලට පාරට නො බැහැපු  ප්‍රෂන්ශනීය  ගුරු දෙවිදේවතාවුන් නැත්තේ නොවේ ?  ඔවුන්ට අපි ගරුත්වයෙන් නමස්කාර කරන්නෙමු. 

අපේ කාලේ අපේ ගුරුවරු අපේ දෙමවුපියෝ මෙන් සිසු දරුවන් ගැන සොයා බැලුවෝය. කොළඹ  කෙසේවෙතත්  ලංකාවේ පිටපලාත්වල ගුරු මහත්ම මහත්මියන්ට විශාල වැටුපක් නොලැබුනා  විය හැකියි. නමුත් ඔවුන් අඩු ආදායම් ඇති පවුල්වල දිලිඳු ලමයින්ගේ  ඔනා  එපාකම් ගැන සෝදිසියෙන් සිටියෝය. ඔවුන්ට පොත් පත් ඇදුම්  පවා  ඔවුන්ගේ සුළු වැටුපෙන්  ලබා දුන්නෝය. සමහරක් ළමයින්ට ඔවුන්ගේ කෑ ම වෙලත් ඒ ගුරු වරුන් ලබා දුන්නෝය. ඔවුන් වැටුප් උදෙසා පාරට බැසීමට තරම් අසන්වර හිඟන්නන්  නොවීය.    

අද වෙන්නේ ඊට හාත් පසින්ම වෙනස් දේශයක්. ලංකාවේ එකෙකුගේ නමක්වත් නැති දරුවන් නැති තනිකඩයෙක් බව සලකුණ වැඩසටහටනේදී පිළිගත්  2015 දීත් ගුරුවරුන් පාවා දීගෙන දියුණුවෙමින් තිබුණු ශ්‍රී ලංකාව රුපියල් 10 දාහකට  රට  යහපාලනයකට  පාවා දෙන්න ගුරුවරුන්  රවට්ටලා  ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්තානය තරම් දුප්පත් තැනකට පත්කරපු ජෝසේෆ් ස්ටාලින්,  ජනතාවිමුක්තිපෙරමුනේ මහින්ද ජයසිංහත්  එක්ක එකතුවෙලා අදත් වෑයම් කරන්නේ  නැවතත්  ගුරු විදුහල්පති ගොන්නුන්ට අන්දවලා  රටේ දරුවනුත් පාවාදීගෙන  ජනාධිපති  ගොටාබය රාජපක්ස මැතිතුමාගේ ආණ්ඩුව පෙරලන්න හිතා ගෙනයි.

 මේ ජෝසොප් ස්ටාලින් කරන්නේ  ආණ්ඩුවේ විරෝධකාරි දෙස් විදෙස් හතුරන් වෙනුවෙන්  රට පාවාදීමේ  සටනක්.  ඒ බව තාමත් ඔහුත් සමග පාරට  බැහැ  සිටින ගුරු විදුහල්පතිවරුන්ට  නොතේරෙන්නේ උන් රැකියාව කරන්නේ සල්ලිවලට මිස අනාගත පරපුරවෙනුවෙන් කරන අසමාන ජාතික සේවයක් බව නොදන්නා නිසාවිය හැකියි..  

මේ ලංකාවේ NGO  කාර ජෝසප්  ස්ටාලින්  කිසි පැකිලීමක් නැතිව රට විනාශයකරා  ගෙනයන්න හදන්නේ ලංකාවේ හතුරන්ට  ඔහු  දුන් පොරොන්දුවක් සපුරාලීමට  වියහැකියි.  ගුරු විදුහල්පතිවරුන්ගේ  වැටුප්  විෂමතාවයට සුදුසු වැඩපිළිවෙලක්  පිළිබඳව  ගොටාබය රාජපක්ෂ ජනාධිපති  තුමා එතුමාගේ සෞභාග්යේ දැක්ම ප්‍රකාශයේ  සඳහන්කර තියෙනවා. එය පමා වීමට හේතුව වුයේ කොවිඩ් වසංගතයයි. ඒ බව අපි නැන වත් යයි  සිතා සිටි  ගුරු විදුහල්පතිවරු දැනගත යුතුව තිබුනා.   අද රට මුහුණපා සිටින ආර්ථික හා සෞක්‍ය  අපහසු තාවයන්  සිතාබලා  ජනාධිපති තුමා විෂවාශයට ගෙන රටේ  දරුවන්වන්-අනාගත පරම්පරාව  වෙනුවෙන් අවුරුදු 24ක් පමාවුනු මේ ගුරුපඩි විෂමතාවය  නැතිකරගැනීමට තව  ටික කලක් ඉවසා දරා සිටිය යුතු බව මොවුන්ට   නොතේරෙන්නේද ? 

මේ මුනෙවත් මිනිස්කමක් නොපෙනෙන ජෝසප් ස්ටාලින්  ගුරු විදුහල්පතිවරුන්ගේ පඩි  විසමතාවයන් වහා  ඉටුකරන්නයයි අද රට මුනපාසිටින  අභාග්‍යසම්පන්න තත්වයත් නොසලකා  සටනක් ගෙනයන්නේ ඔහුගේ වෙන යම් කුට උපක්‍රමයක් සඳහා බව ගුරුවිදුහල්පති පැලැන්තිය තේරුම්ගත යුතු නොවේද ?

රටේ දරුපරම් පාරව වෙනුවෙන් මේ අමනුස්සයා පිටිපස්සේ නොගිහින් හර්දසාක්ෂියට එකඟව මේජෝසප්සටලින්ගේත් ජනතාවිමුක්ති පෙරමුනෙත් විනාශකාරී කෘර අරමුණට ඉඩනොදී අද පාරට බැසසිටින ගුරු විදුහල්පතිවරු රටේ දරුපරපුර වෙනුවෙන් ආපසුවැඩට යායුතුනොවේද? 

අද අපේ රටට අවශ්‍ය ආර්ථික දියුණුවක් සඳහා මොනයම් වැඩ පිලිවෙලක්වත් ගන්නට  ඉඩ නොදෙන්නේ අපේ ම හිතුවක්කාර ගුරු සංගම් කාරයොයි . අවුරුදු 24ක් වැටුප් විෂමතාවයන් වෙනුවෙන් සැලැස්මක් බලාපොරොත්තුවෙන්  හිටපු ජෝසොප් ස්ටාලින් නඩය එයට විසිඳුමක් අද අදම ඔනෑ කියනවා, ඒ අස්සේ  අතුරලියේ හාමුදුරුවන්ගේ නඩයත්  වැටුප් වැඩිවීමක් සඳහා මිනීපෙට්ටියෙන් නැගිට්ටුන් වගේ පෙලපාලි කරනවා.  මේ ඇත්තන්ට පඩි දෙන්න,  රටේ නය ගෙවන්න, පටන්ගෙන තියෙන වැඩකටයුතු ඉවරකරන්න,  කොහෙන් කියලා සල්ලි හොයන්නද ?  සල්ලි අච්චු ගහන එකේ සීමාවක් තියෙනවා නේ? 

ගුරු පඩි විසමතාවයට විසඳුමක් ඔනෑ . ඒ බව රාජපක්ෂ ජනාධපතිතුමන් දැන සිටියා, නමුත්  කොවිඩ් වසංගතය කවුද බලාපොරොත්තු උනේ?

 ජෝසොප් ස්ටලින්ටත් ගුරුවිදුහල්පති වරුන්ටවත්  මේක පෙනෙන්නේ නෑ.. දරු පරපුර ගැනවත් රටේ අසීරු  ආර්ථික තත්වය  ගැනවත් මොවුන් හිතන්නේ නෑ.  මේ ගුරු විදුහල්පතිලත්  දැන්නම් පෙන්නේ  කුඩු ජාවාරම්  කාරයෝ  වගේ. කුඩු ජාවාරම් කාරයින්ට දරුපරම්පරාවට සිදුවන විපත ගැන හැඟීමක්  තියෙනවද ? උන්ට රට ජාතිය ගැන  හැඟීමකුත්  නෑනේ.  උන් දකින්නේ  අරගන්න පුළුවන් සල්ලි විතරයි.  ඒ වගෙයි ජෝසොප් ස්ටලින් පස්සේ පෙළපාලි යන ගුරු විදුහල්පතිවරුන්. මෙවුන්ට දරුපරම්පරාවට සිදුවන විපත, අසාධාරණය  ගැන හැඟීමක්  තියෙනවද ?   එකයි උනුත් කුදඩු ජාවාරම් කාරයෝ වගේ කියන්නේ. 

2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජයකරන්න  සතාට චන්දේ  දෙන්න මේ ගුරු විදුහල්පතිවරු  එක එකා පොරොන්දුකරගෙන  ගිහිල්ල මේ රට අවුරුදු පහකින් අගාදියට ඇද දාන්න  යහපාලනයක් හදාගත්ත. එදා ඒ විනාශය කලෙත්   රුපියල් දහදාහකට ආත්මය විකුනපු මේ ගුරුවිදුහල්පතිවරුන්මයි නේ.  මේ අය අතරත් හිටියා  යහපත්ව හොඳට හිතන්න පුළුවන්  රුපියල් දහදාහට ආත්මය විකුණුවේ නැති ගුරු විදුහල්පති  කොටසක්. ඒ උතුම් ගුරු වරුන්  සතාට චන්දෙ දුන්නේ නෑ. 

මේ කරුණු හිතට ගෙන රටේදරුපරම්පාරවවෙනුවෙන්මේඅමනුස්සයාපිටිපස්සේනොගිහින්හර්දසාක්ෂියටඑකඟවමේජෝසප්සටලින්ගේත්ජනතාවිමුක්තිපෙරමුනෙත්විනාශකාරීකෘරඅරමුණටඉඩනොදීඅදපාරටබැසසිටිනගුරුවිදුහල්පතිවරුරටේදරුපරපුරවෙනුවෙන්ආපසුවැඩටයායුතුනොවේද? 

Courtesy Lankaweb