Mon. Jul 8th, 2024
Spread the News

ජීවිතය ගෙවා ගන්න
ගණිකාවන් වන ආච්චි අම්මලා

* 75 – 70 කාන්තාවන් සොයා එන්නේ 16-17 ගැටව්
* මුදල් හොයා ගන්න මව ගණිකා සේවයේ යොදවන්නේ ඇගේ දරුවෝ

පවුලේ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තරුණ වියේදී ගණිකා සේවයෙහි යෙදුණු දැනට අවුරුදු 70 ත් 75 ත් අතර වයස්‌වල පසු වන ලිංගික ශ්‍රමික කාන්තාවන් නැවත ගණිකා සේවයට පැමිණීම වැඩි වෙමින් පවතින බව සමීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම ලිංගික ශ්‍රමිකයන් කොළඹ ඇතුළු දිවයින පුරා නගරවල ගණිකා සේවයේ යෙදෙමින් සිටින අතර ඔවුන් එම තත්ත්වයට නැවත පත් කර ඇත්තේ මුදල් උපයා ගැනීමේ අරමුණින් ඔවුනගේම දරු මුණුබුරන් බව අභිමානී කාන්තා සංවිධානය පවසයි.

වියපත් වූ පසු දෙමව්පියන්ට සැළකීම උතුම් වු කර්තව්‍යයක්‌ සේ සළකනු ලබන ශ්‍රී ලාංකීය සමාජය තුළින් තම මව ගණිකා සේවයෙහි යොදවා මුදල් උපයා ගන්නා දරු මුණුපුරන් පිළිබඳව අසන්නට ලැබීම සැබැවින්ම ෙ€දජනක සිදුවීමකි.

මෙම මවුවරුන් තුරුණු වියෙහිදී ගණිකා සේවයට යොමු වී ඇත්තේ ඔවුන් ජීවත් වූ සමාජ හා ආර්ථික රටාව තුළ එක්‌කෝ කවුරුන් හෝ විසින් ඔවුන්ව මුලා කොට එම සේවයට බලහත්කාරයෙන් යොමු කරවීම හෝ ඔවුනට ආදායම් මාර්ගයක්‌ නොමැති කමිනි. ගණිකා සේවයෙහි යෙදීමෙන් උපයාගත් මුදල් ඔවුන් වැය කර ඇත්තේද තම දරු මුණුපුරන් වෙනුවෙනි. එහෙත් විවිධ හේතූන් මත ගණිකා සේවයෙහි නිරත වූ මෙම පිරිස මුදල් ඉපයීමේ ෙච්තනාව පෙරදැරි කර ගෙන වියපත් වූ පසුද නැවත එම සේවයටම යොමු කරවීම සැබැවින්ම කිසිවෙකු හෝ අසන්නට කැමැති නොවන පුවතකි.

මෙහි ඇති හද සසල කරවන පුවත නම් මෙම අවුරුදු 70 ත් 75 ත් අතර වයස්‌වල පසු වන කාන්තා ලිංගික ශ්‍රමිකයන්ගේ එම සේවය ලබා ගැනීමට වැඩි වශයෙන් යොමුව ඇත්තේ වයස අවුරුදු 15, 16 වයස්‌වල නව යොවුන් වියෙහි පසුවන පාසල් සිසුන්ය යන්නයි. දෙවියන් බුදුන් අදහන රටක මෙවැනි අතිශයින්ම අප්‍රසන්න ජනක පුවතක්‌ වාර්තා වීම කනගාටුවට කරුණක්‌ වූවද එවැනි තත්ත්වයක්‌ අප සමාජය තුළ අප නොදැනුවත්ම නිර්මාණය වී ඇති බව අභිමානී කාන්තා සංවිධානය පවසයි.

කාන්තා ලිංගික ශ්‍රමිකයන්ගෙන් සැදුම්ලත් අභිමානී කාන්තා සංවිධානයට අනුව සමාජය තුළ එච් අයි වී/ ඒඩ්ස්‌ ඇතුළු සමාජ රෝග පැතිරවීමේ දැඩි අවදානමක්‌ සහිත නවතම කාණ්‌ඩය බවට පත් වෙමින් සිටිනුයේ මෙම වියපත් ලිංගික ශ්‍රමිකයන් හා ඔවුනගේ සේවය ලබා ගන්නා යෞවන හා තරුණ කොටස්‌ය.

ඇතැම් පාසල් සිසුන් මෙම කාන්තා ලිංගික ශ්‍රමිකයන්ගේ සේවය ලබා ගැනීම සඳහා පාසල් නිල ඇඳුමින් පැමිණෙන බවටද වාර්තා වී ඇතැයි අභිමානී කාන්තා සංවිධානය අවධාරණය කර සිටී. මෙය තම දරුවන් පාසල් යවා ඔවුන් පාසල් වේලාව තුළදී පංති කාමරයේ ඉගෙනුම් කටයුතුවල නිරත වන්නේද? පාසල් වේලාවෙන් පසු ඔවුන් යන ගමන් බිමන් කවරේද? යන්න සොයා නොබලන දෙමව්පියන් විසින් අවධානයෙන් පසු විය යුතු තත්ත්වයක්‌ බව නොකිවමනාය.

මෙම තත්ත්වය වර්තමානයේ පාසල් අධ්‍යාපන විෂය ධාරාවට එච්. අයි. වී/ ඒඩ්ස්‌ රෝගය පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධව මෙන්ම පාසල් සිසුන් එච්. අයි. වී /එඩ්ස්‌ ඇතුළු සමාජ රෝග පිළිබඳ දැනුවත් කිරීමට අවසරය ලබා නොදෙන ගුරු දෙගුරුන් විසින් දැඩි අවධානය යොමු කළ යුතු කරුණකි.

තරගකාරී ආර්ථික රටාවක්‌ තුළ අප සමාජයද ශීඝ්‍රයෙන් බටහිරකරණය වීමේ ක්‍රියාවලියෙහි අනිසි ප්‍රතිඵලය වී ඇත්තේ පාසල් සිසුන්, තරුණ පිරිස්‌ මෙන්ම වැඩිහිටියන් දරුණු ලෙස කාම අපචාර ක්‍රියාවන්ට යොමු වීමයි. අන්තර්ජාලය ජංගම දුරකථනය, ෙµaස්‌ බුක්‌ වැනි සමාජ ජාලයන් හරහා මෙන්ම අසභ්‍ය චිත්‍රපට/ වීඩියෝ හරහා ළමුන්ගේ සිට තරුණයන් මෙන්ම වැඩිහිටියන් දක්‌වාම මනස විකෘති කරවන වාතාවරණයක්‌ මේ වන විට නිර්මාණය වී අවසානය.

මෙම තත්ත්වයන්ට ගොදුරු වන කවරෙකු හෝ අවසානයේ මෙරට සමාජ රෝග පතුරුවන වාහකයෙකු බවට නිසැකයෙන්ම පත් වේ.

අප නැවතත් වියපත් ලිංගික ශ්‍රමිකයන්ගේ කථාව දෙසට හැරෙමු. වයස අවුරුදු 70 ක්‌ හෝ 75 ක්‌ වීත් තම දරු මුණුබුරන්ට මුදල් උපයා දීම සඳහා ගණිකා සේවයෙහි යෙදෙන මෙම පිරිස මෙන්ම ඔවුන්ගෙන් සේවය ලබා ගන්නා තරුණ කොටස්‌ එම තත්ත්වයන්ගෙන් මුදා ගැනීම බලධාරින් සතු යුතුකමක්‌ හා වගකීමකි.

ලිංගික ශ්‍රමිකයන් යනු අප සමාජය තුළ ජීවත් වන මිනිස්‌ කොට්‌ඨාසයක්‌ බව අප හො¹කාරව දනිමු. එහෙත් බොහෝ දෙනෙකු ඔවුන් දෙස වපර ඇසින් බැලීමට හුරු වී තිබීම නිසා ඔවුහු තම ප්‍රශ්න පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කිරීමට මැලිකමක්‌ දක්‌වති.

මෙම තත්ත්වය මත ඔවුන් හරහා සමාජය තුළ එච්. අයි. වී/ ඒඩ්ස්‌ පැතිරීම සිදු වන ආකාරය පිළිබඳව බලධාරීන් නිසි සේ දැනුවත් වී නොමැති බව පෙනී යයි. එමෙන්ම කොන්ඩම් ඔවුන් අතර බෙදා හැරීමෙන් පමණක්‌ ඒඩ්ස්‌ රෝගය පැතිරීම පාලනය කළ නොහැකි බවද බලධාරීන් අවබෝධ කර ගෙන නොමැති බව පෙනී යනුයේ මේ වන විට මෙරට එච්. අයි. වී / ඒඩ්ස්‌ පතුරුවන ප්‍රධානතම සාධකය බවට ලිංගික ශ්‍රමිකයන් පත්ව සිටින බව අනාවරණය වීමත් සමගිනි.

මෙම තත්ත්වයට වහා පිළියම් යෙදිය යුත්තේ මෙම ලිංගික ශ්‍රමිකයන්ගේ සේවය ලබා ගන්නා විවාහක පුරුෂයන් හරහා එම පුරුෂයන්ගේ බිරින්දෑවරුන්ද එච්. අයි. වී. /ඒඩ්ස්‌ රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන බව හෙළිදරව් වී තිබීම නිසාය. සැබැවින්ම මෙය ෙ€දජනක තත්ත්වයකි. එච්. අයි. වී/ඒඩ්ස්‌ රෝගය මැඩලීමට ක්‍රියා කිරීමේදී දිනෙන් දින අලුත් අවදානම් සාධකයන් මතු වීම තුළ පෙනී යනුයේ මෙම රෝගය මැඩලීම සංකීර්ණ වූ ක්‍රියාදාමයක්‌ බවයි.

මෙම තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගෙන කටයුතු කරන්නේ නම් එච්. අයි. වී/ ඒඩ්ස්‌ පැතිරීම මැඩලීම අසීරු කාර්යයක්‌ නොවනු ඇත.

ලිංගික ශ්‍රමිකයන්ට එච්. අයි. වී/ ඒඩ්ස්‌ පිළිබඳව දැනුවත් භාවය ලබා දීමේදී එය ඒ පිළිබඳව දැනුමක්‌ ලබා ඇති ලිංගික ශ්‍රමිකයන් හරහාම ලබා දීමට කටයුතු කිරීම කාලෝචිත මෙන්ම ප්‍රතිඵලදායී ක්‍රියාවකි.

අවසන් වශයෙන් කිව යුතුව ඇත්තේ බෞද්ධ ධර්මයේ අනුහසින් අප සමාජය තුළ පැළපදියම්ව තිබූ සාරධර්ම හා හැදියාවන් විනාශ කරමින් උතුම් වූ මාතෘත්වයට අවමන් කරමින් තම මව පවා ගණිකා සේවයෙහි යොදවන දරුවන් සම්බන්ධයෙන් කිසියම් පියවරක්‌ ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි. එම මවුවරුන් කලින් කුමන වෘත්තියක නිරතව සිටියද ඔවුනට ජීවිතයේ සැඳෑ සමය හෝ විඳීමට ඉඩ ප්‍රස්‌ථා ලබා නොදීම නම් සැබැවින්ම ඔවුනට කරනු ලබන අවමානයකි.

තොරතුරු සැපැයුම නාරාහේන්පිට ජනගහණ අංශය හා අභිමානී කාන්තා සංවිධානය

ඒමන්ති මාරඹේ