Fri. Jul 5th, 2024
Spread the News

Divaina:

මෙරට හමුදා නිලධාරීන් 28 දෙනෙකුට එරෙහිව පුද්ගලයින් එක්ලක්ෂ විසිදහසක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට ව්‍යාජ සාක්ෂි ලබාදී ඇතැයි වාර්තා වෙයි.

2011 වසරේදී දරුස්මාන් කමිටුව වෙත 4000ක් සාක්ෂි ලබාදී ඇති අතර එය 2021 සැප්තැම්බර් මස වනවිට 120000ක් දක්වා වැඩිවී තිබේ. මෙම සාක්ෂිකරුවන් කවුදැයි මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැෂලේ මහත්මිය හෙළිකර නැත. ඔවුන් කවුදැයි හෙළි කිරීමට ඇය තහනම් කර ඇත. බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා පැවසුවේ මේ සියලූ සාක්ෂි අසත්‍ය බවය. මෙරට හමුදා නිලධාරීන් 28 දෙනෙකුට එරෙහි සාක්ෂි ඉදිරිපත් කර ඇත්තේ කොටි ඩයස් පෝරාව බව වාර්තාවී ඇත. මේ අතර ඩොලර් 28 ලක්ෂයක් වැයකරමින් එම හමුදා නිලධාරීන්ට එරෙහිව ඔක්තෝබර් 1 දා විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට මානව හිමිකම් කවුන්සිලය තීරණය කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය