Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtecy Minster of Defence

ජාතිවාදය කියන්නේ කුණුහරුපයක්.

මිනිස්සු එදිනෙදා ජීවිතයේදී කතා කරන විට කුණුහරුප භාවිතා කරන්නේ නෑ.
ජාතිවාදයත් ඒ වගේ තමයි.

බලහත්කාරයෙන් බලයේ රැඳී ඉන්න උත්සාහ කරන කපටි දේශපාළුවන්
හා මොළය මඤ්ඤං වූ හුදී ජනයා “ජාතිවාදය” කියන වචනය තේරුමක් නොදැනම භාවිතා කරනවා.

උතුරේ තරුණයින් නැගී සිටියේ ඔවුන් තුළ තිබුණ අසහනය නිසා යයි
කියමින් සුදු හුණු ගාන්නේ ලෝකයේ මෙතෙක් බිහිවූ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමටයි.

ප්‍රභාකරන් ප්‍රමුඛ දමිළ ත්‍රස්තවාදය උතුරේ හා නැගෙනහිර ස්ථාපිත කිරීමට න්‍යායෙන් හා මූල්‍යමය වශයෙන් මුල්ගල තැබුවේ ලංකාවේ කතෝලික සභාවෙන් යන්න නොබිඳිය හැකි ප්‍රබල තර්කයකි.

කිහිප විටක්ම මා හිටපු රදගුරු ඔස්වල්ඩ් ගෝමිස්ට හා වර්තමාන කාදිනල් මැල්කම් රංජිත්ට ප්‍රසිද්ධියේම අභියෝග කළා, කතෝලික පල්ලිය දමිළ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්නා කියන එක පුලුවන්නම් බොරු කරන්න කියලා.

අද දක්වාත් අපගේ අභියෝගය බාරගන්න කතෝලික සභාව හෝ වතිකානුව ඉදිරිපත් වුනේ නැහැ.

-තෙවැනි ඇස-
23.10.2023