Spread the News

ජාතිවාදයේ සැබෑව !

ජාතිවාදයට තදබල ලෙස විරුද්ධ , ජාතිවාදයට පුදුම ලෙස පහරදෙන , ජාතිවාදය අතිශයින් පිළිකුල් කරන , ඉතා සාමකාමී , සහජීවන ලැදි , උපාසක මත්මයෙක් මෑතදී මට හමුවිය.

මිත්‍රයා ….! ඔබ මිනිස් ප්‍රජාවේ හතුරෙක්. වෛරය වපුරන්නෙක්. අපායෙහි දොරගුළු හරින්නෙක්. ඔහු කියාගෙන කියාගෙන ගියේය.

මම බිඳක් නිශ්ෂබ්දව සිට ඔහුට මෙසේ ප්‍රති පිළිතුරු දුන්නේය.  

 ඔබගේ ඔය කතාවම ජාතිවාදීයකු විය යුතුම බව ලොවට හඬගා කියයි. ඔබගේ ඔය කතාවම දිවිහිමියෙන් ජාතිවාදී විය යුතුම බව ඔප්පු කර හමාරයි !

ඈ……………..ඈ………………………ඈ..!

මොනවා ???????????????????????????????????

ඇයි ?

මිත්‍රයා…..ඔබට තේරෙන්නේ නැත්ද මම ඔබට මෙතැනදී කියන්නට උත්සාහ කරන්නේ ජාතිවාදය හොඳ නැහැ කියාය. ඔබ මේ කියන්නේ මොන අපභ්‍රන්සයක්ද ?

හොඳට බලන්න යාළුවා ! ඔබ මේ කතාකරන්නේ අප හා ඔවුන් එක හා සමානයි කියලාය. ඔවුන්ටත් අපටත් ඇත්තේ එකම වූ ලේ ධාතුව කියලාය. අපට ඇති වරප්‍රසාද සියල්ලක්ම අඩුවක් නෑර ඔවුන්ටත් දිය යුතුයි කියාය. ඔවුන් අපගේ සහෝදරයන් කියාය. ඔවුනගේ දු දරුවන් අපගේම දු දරුවන් කියාය.

ඔව් ! ඉතින් ?

ඔබගේ එම ප්‍රකාශය කෙතරම් ඉස්තරම්ද ? කොපමණ හොඳද ? කෙතරම් අග්‍රගණ්‍යද ? එය ඉස් මුදුනේ තබා රැකිය යුතු වුවක්.

මා කියන දේ ඇත්ත නම් ඉතින් ඔබ ජාතිවාදියෙක් වන්නට උත්සාහ කරන්නේ ඇයි ?

ඇයි කල්පනාවුණේ නැත්ද ?

මොකක්ද ?

ඔබ මගේ යාළුවා. ඔබ අපේ කෙනෙක්. ඔබ අපේ කෙනෙක් වූවකු නිසා මෙවැනි වූ උතුම් අදහස් ඔබට ඇත. එනම් ඔබ අදහන්නේ ලොව උතුම්, අග්‍රගණ්‍ය, ඉස් මුදුනේ තබා රැකියා යුතුම වූ දේය. ඔබගේ එම මතවාදය ලොව නිවා සනහාලයි. ලොවට සහනය ගෙන එයි. ලොව ලස්සන කරයි.

ඉතින් ?

ඉතින් එසේ නම් පළමුව රැකිය යුත්තේ එවැනි ප්‍රකාශ කරනා වුන්ද නැතිනම් එවැනි ප්‍රකාශ නොකරනා වුන්ද ?

එසේ නම් දිවිහිමියෙන් රැකිය යුත්තේම ඔබවද නැත්නම් එවැනි මතවාදයක් නැති, එවැනි මතවාදයක් ගැන කිසිත් ප්‍රකාශ නොකරන අනිකාවද ?

මලා ……………………………………!

ස්තුතියි !

වෛද්‍ය ධම්මික විජේරත්න