Mon. Jul 8th, 2024
Spread the News

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර

බුදුන් වහන්සේට සමකළ හැකි වෙනත් කිසිම අයිතිහාසික ආගමික ශාස්තෲ වරයෙක් ලෝකයේ පහලවී නැත. බුදුන් වහන්සේ උපත ක්‍රි.පූ,623 බැවින් ක්‍රිස්තුස් වහසේ ගේ උපතට ඊට වසර 623ක පසුවය. ප්‍රොෆට් මොහොමඩ්ගේ උපත ක්‍රි. ව. 570 බැවින් එය සිදුව ඇත්තේ බුදු උපතින් වසර 1193 කට පසුවය. මේ නිසා ක්‍රිස්තුස් මෙන්ම ඉස්ලාම් ආගම් කතුවරයින්ගේ සිතුම් පැතුම් කෙරෙහි බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනිවාර්‍යෙන්ම බලපා ඇති බව උපකල්පනය කළ හැක.

ක්‍රිස්තු මෙම ප්‍රොෆට් මොහොමඩ් අදෘෂ්‍යමාන දෙවියකුගේ  පනිවිඩය ලෝකයට ගෙන ආ දේව දූතයින් මිස ස්වයන්භූ ඥානයක් හෝ දර්ෂනයක්  හෝ ලොවට දුන් පුද්ගලයින් වශයෙන් සැලකිය නොහැක. අනෙක් අතින් බුදුන්වහසේ මනුස්සයෙකි. අධ්භූත අදුර්ෂ්‍යමාන දෙවියෙක් හෝ දේව ධූතයෙක්ද නොවේ. බුදුන් වහන්සේගේ ධර්මය පෙරුම්පුරා යළිත් වසර 6ක් තිස්සේ භාවනානුයෝගිව අපමණ වීර්යකොට සොයාගත් අතිශයින්ම සරළ මෙන්ම ස්වයන්භූඥානයෙන් සොයාගත් ගැඹුරු එසේම ඥානවන්තයින්ට පමණක් වටහාගත හැකි දහමකි.එසේම  අසම සම දර්ෂනයකි. උන්වහන්සේ දේවාති දේවය. බ්‍රහ්මාති බ්‍රහ්මය. දෙවියන් මෙන්ම බ්‍රහ්මයින්ද ධර්මය උගත්තේ ගෞතම බුදුන්ගෙන්ය. ජීසස් ක්‍රිස්ට් මෙන්ම ප්‍රොෆ්ට් මොහොමඩ්ද දේව දූතයින් පමණි. දෙවියන් දුන් පනිවිඩය ලෝකයට එළිදරවු කළ දේව දූතයින් පමණි.එමනිසා එවැනි සුරන්ගනා කතාවලින් බුදුන් වහන්සේ හෝ බුද්ධාගම ආවරණය වී නැති බව ඉතා පැහැදිළිය.

බුදුන් වහන්සේ වැඩසිටියේ ක්‍රිස්තුස් වහන්සේට වසර 623 කට පෙර. මොහොමඩ් තුමා පහල වන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර 1113 කට පමණ පසුවය. මේ දෙදෙනාම දේව දූතයින්ය. එසේම දෙවියන්ගේ පණිවිඩය ලෝකයට ප්‍රකාශකළා මිස බුදුන් වහන්සේ මෙන් ස්වයන්භූ ඥානයෙන් තමන් වහන්සේ විසින්ම සොයාගත් අකාළිකය ලෝකෝත්‍ර, කිසිවෙකුට  කිසිදිනක බිඳලිය නොහැකි අසම සම ධර්මයක් දේශනා කළ අය නොවේ.

 බුදුන් වහන්සේ දේව ධූතයෙක්ද නොවේ.දෙවියෙක්ද නොවේ.උන් වහන්සේ සුද්දෝන මහ රජුගේ සහ මහමායා දේවියගේ මිනිස් පුත්‍රයෙකි.  අල්ලා සහ ජේසු මෙන් දෙවියෙක්ද හෝ දේව දූතයෙක්ද නොවේ. එහෙත් උන්වහන්සේ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම අසම සම මිනිසෙකි. මනුෂ්‍යයෙක් වෂයෙන් ඉපිද, මනුෂ‍යයෙක් වෂයෙන් ජීවත්ව සිට මනුෂ්‍යයෙක් වශයෙන් නිවනට පත් වූ උත්තරී තර මිනිසෙකි. උන්වහ්සේගේ ධර්මය ස්ඛන්ධ වෂයෙන් 84,000 යකි. එය සුත්‍ර, අභිධර්ම, විනය වශයෙන්පිටක තුනකි. ඌවහන්සේගේ විෂ්ව ඥානය අසම සමය.ලෝකයේ වෙනත් කිසිම ආගමක එවැනි ගැඹුරක් හෝ හෝ පුළුලක්ද නැත. එසේම උන්වහන්සේගේ ධර්මය අකාලිකය. ප්‍රඥාවන්තයින් පමණක් අවභෝධකොටගත හැකි, කිසිවෙකුට කිසිදිනක බිඳලිය නොහැක ධර්මයකි.  එච්,ජී වෙල්ස් පවසන පරිදි උන්වහන්සේ ලොව උපන් ශ්‍රේෂ්ඨතම මිනිසාය

නූතන විද්‍යාව හමුවේ නොසැලෙන, නොබිඳෙන එකම ආගම බුදු දහමය. නූතන තාරකා විද්‍යාඥයින් මේ ඊයේ පෙරේදා සොයාගත් විෂ්වයේ රහස් උන්වහසේ මීට වසර 2568 කට පෙර කිසිදු දුරක්ෂේපනයක් නැතිව සොයාගෙන තිබුණු බව අනන්ත අපරිමාන සක්වලවල් ගැන සඳහන් කිරීමෙන්ම උන්වහ්න්සේගේ ඒ අසමසම දැනුම් සම්භාරය පිළිබඳ අපට සිතාගත හැක.ඒ සමඟම එය නිවන් කෙළවරකොට ඇති ගැඹුරු දහමක වුවද ලෝකවාසීන්ට එය ජීවනමඟකි .බුදු දහම අනුව ජීවත්වන පුද්ගලයා  මිනිසුන්ට පමණක් නොව සියළුම අපා,දෙපා.සිව්පා සහ භූපා සතා සර්පයාටද ගහකොලටද ආදරය කළ අහින්සාවාදි කෙනෙකි.සර්ව කාලීන දහමකි. සෙසු ආගම්වල මෙන් බුදු දහම ව්‍යාප්තිය සඳහා කිසිම වි ටෙක ආයුධ සන්නද්ධ යුද්ධයක් කොට නැත. එසේම එකද මිනිසෙකු හෝ මරාද නැත.

බුදුන් වහන්සේ යනු, අන්ගුලිමාල වැනි මිනීමරුවන්, චින්චිමානවිකාව, අම්බපාලී වැනි වෙසඟනුන් සහ මක්කලී ගෝශාල වැනි මිසදිටුවන් මෙන්ම ආලවක වැනි යකුන් පමණක් නොව නාලාගිරි වැනි මද කිපුණු තිරිසනුන්ද ධර්මයෙන්  හා මෛත්‍රීයෙන් ධමනයකොට යහමඟ යැවූ, සියළු දෙවි බඹුන්ට ඉහලින් සිටි උත්තම ගණයේ අසමසම, අනන්තභද්‍ර මිනිසෙකි.

මීලඟට උන්වහන්සේ ගැන සුරන්ගනා මුසා බස් දොඩන පුද්ගලයින් ගැනද වචනයක් කිව යුතුය. ඒ අතර සිවුරු පොරවාගත් ගුරුහිමිනමක් නැති, පන්සලක් නැති පොට්ටනිකාර චීවරධාරීන්, හොරට සිවුරු පොරවාගත් අන්‍යාගමිකයින් සහ බටහිර මන්කොල්ලකාරී අධිරාජ්‍ය වාදි රටවලින් විසිකරණ ඩොලර් වෙනුවෙන් කහින චීවර සහිත සහ රහිත රාජ්‍ය නොවන සන්විධාන වැනි සින්හල බෞද්ධ විරෝධි කණ්ඩායම්  මෙහෙයවන කුමන්ත්‍රණ ආදිය සඳහන් කළ යුතුය.

මීටත් වඩා භයානක තවත් සින්හල බෞද්ධ විරෝධි වැඩවල යෙදෙන කල්ලිද ඇත. ඒ කාලාන්තරයක් තිස්සේ යන්ට එන්ට මන් නැතිව ඉන්දියාවෙන් නීතිවිරොදී අන්දමින් මෙහි පැමිනි සහ සුද්දන් විසින් ඔවුන්ගේ වහළුන් වෂයෙන් මෙහි ගෙන්වා අතරමන්කොට දමාගිය ,බොහෝවිට සින්හල නම් පවා ගත් සක්කිලි නම්වූ පිරිසය. තවද බටහිරින් ලැබෙන ඩොලාර් වලින් යැපෙන මෙවැනි සින්හල බෞද්ධ විරෝධි කටයුතුවල යෙදෙන අරගල කාරයින් සහ ඊනියා සමාජ ජාලද මේ අතර වේ.

මොවුන් බෞද්ධාගමට නින්දා අපහාස කරන අතරම මේ රටේ සින්න්හල බෞද්ධ ජන නාකයින් බිහිවීමටද එරෙහිව පුළුල් සින්හල බෞද්ධ විරෝධී මිසදිටුවන්ගේ ව්‍යාපාරයක්ද රට පුරාම ඉතා රහසිගතව දියත්කොට ඇති බව අනාවරණය වෙමින් පවතී. මේ අතර සින්හල නම් ඇති ඇතැම්විට් සිවුරු පොරවාගත් භික්ෂූන් වෂයෙන් පෙනීසිටිමින් කොන්ඩා රැවුල් වවාගෙන, පෙළපාලි යමින් උපවාසකරමින් මහමඟ සිවුරු දමා වැටවල් උඩින් වඩින චීවර ධාරින්ද සිටී.

මෙහිදී කිවයුතු තවත් විෂ්ශේෂ කරුණක් ඇත, එනම්  බුදුන් ලකාවේ උපන් බව කියමින් බෞද්ධ ඉතිහාසය විකුර්ති කොට වසර 2567 ක් පුරා මේ රට ආලෝකමත් කරමින් ලෝකයම මවිත කළ සින්හල බෞද්ධ ශිස්ඨාචාරය සහ සන්කෘතිය හෑල්ලුකොට විනාශකිරිමට වෙර දරන පිරිස්ය. මේ අතර බටහිර රට වලින් අසීමිත ඩොලර් එවමින් රවටා සම්ප්‍රදායික බෞද්ධ ලාන්චනය විකුර්ති කරන ඇතම් භික්ෂූන් ගැනද එසේම රටේ රාජ්‍ය නායකයාට පවා අමු තිත්ත කුණුහරුපයෙන් බනින චීවරධාරීන්ද බිහි කරමින් සිටී.

මෙහිදී අපගේ මවිතයට හේතුවන තවත් වැදගත් කාරණයක් වනුයේ  කිසිම කතෝලිකයෙක් හෝ මුස්ලිම් මිනිසෙක් ඔවුන්ගේ ආගම් ගැන හෝ  ආගම් මෙහෙයවන පූජකයින් විවෙචනය නොකෙරීමය. එවැනි තත්වයක් යටතේ බෞද්ධාගම සහ  භික්ෂූන් පමණක් මේ ආකාරයෙන් දැඩිව විවේචනය කරන්නේ  ගරහන්නේ  අනිවාර්‍යෙන්ම කුමන්ත්‍රණ කාරීව සන්විධානය වූ ගෝලීය වෂයෙන් සන්විධානයවූ සින්හල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණකාරි ව්‍යාපාරයක් බව කිව යුතුය.වසර 2500 ක් පුරා මේ රටේ උජ්වලිතව පැවති, 1505 සිට මේ දක්වාම  බටහිර  ජාතීන්ට විනාශ කිරීමට නොහැකිවූ ලක් පොලවේ සින්හල බෞද්ධ ලාන්චනය  විනාශකිරීමට ඔවුන් විසින් යොදාගෙන ඇති නවතම කුමන්ත්‍රණය වූ මේ මහා විනාශයෙන් මේ රටත් සින්හල  බෞද්ධ ජාතියත් ඔවුන්ගේ ශිෂ්ඨාචාරයත් ආරක්ෂාකර ගැනීමේ කාලය දැන් අපගේ ගෙහි එලිපත්තටම පැමිණ ඇත.

එහෙත් ඒ අයිතිහාසික මෙහෙවර ඉටුකර ගැනීම පසෙක තබා රටේ ජනතාවගේ එදා වේල සපයා දීමටවත් අද මේ රටේ රජයක් නැත. රජෙක්ද නැත. එපමණක් නොව එකම දේශපාලන පක්ෂයක් හෝ එකද සින්හල බෞද්ධ මහජන නියෝජිතයෙක්ද අද පාර්ලිමේන්තුවේද නැත,

මෙවැනි ඛේදනීය පසුබිමක් තුල අද රට දැය හා සසුන බේරා ගැනීමට සිටින එකම සරණ සහ බල මුළුව වසර 2500ක් පුරා රටේ සහ ජාතියේ මුරදේවතාවුන් වූ ඔබ වහන්සේලා පමණි.

එබැවින් රටේත් සින්හල ජාතියේ හා සම්බුද්ධ සානයේත් මුරදේවතාවුන් වහන්සේලාට කෙරෙන ආයාචනය කි මේ?

 මේ රටේ, ජාතියේ හා සම්බුද්ධ සාශනයේ මුරදේවතාවුන් වහන්ස,  වෙහෙර විහාර කුටි තුලින් වහාම එළියට  වැමකොට මේ රටත්  සින්හල ජාතියත් එසේම සම්බුද්ධ සාශනයත් මේ විනාශයෙන් බේරා ගැනීමේ ඔබ වහන්සේලාගේ කාලයයි මේ.

රටත් සින්හල ජාතියත් බුදු සසුනත් පත්ව ඇති මේ අභාග්‍ය සම්පන්න හා භයානක තත්වයෙන් බේරා ගැනීම සඳහා

පළමුවෙන්ම, මල්වතු මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රයිනිකායික මහානායක හිමිවරුන්ගේ සාකච්චාවක් වහාම පවත්වා දිවයිනේ සියළුම භික්ෂූන් මෙහෙයවා පවතින දේශපාලන අවිචාරවත් බවින් සහ අර්භුධයෙන් මේ රට බේරාගෙන සින්හල බෞද්ධ නායකතවයක් යටතේ ධර්මිෂ්ඨ රජයක් පිහිටුවා ගැනීමේ මෙහෙයුමක් කිරීම.

දෙවනුව, බුදු සසුනට එරෙහිව දියත්කොට ඇති කුමන්ත්‍රණයන් පරාජයකොට සම්බුද්ධ සාශනය බේරා ගැනීම.

තෙවනුව, ධර්ම සන්ගායනාවක් පවත්වා සන්ඝ සමාජය පිරිසිදු කරගැනීම සහ සන්ඝ සාමග්ග්‍රිය ගොඩනගා ගෙන   බුදුන් අනුදැන වදාල ඉතිරි 2500 ද බුදු සසුන මේ රටේ පැවතීම සඳහා තිරසාර පදනමක් දැමීම. 

කාලෝ අයන් තේ භන්තේ! අප්පමාදේන සම්පාදේතබ්බන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *