Mon. Jul 1st, 2024
Spread the News

කතාවේ සඳහන් වෙන බොහෝ දේවල් වල ඓතිහාසික සත්‍යතාවයක් තිබෙන බව පිළිගන්න පුළුවන්.

ඒ සමගම මතක් කර දෙන්න ඕනේ, ජාතියක් තනන්න එම වර්ගයටම අයිති ජානම තිබිය යුතු නැහැ කියලා. චින්තනමය වශයෙන් ඒ වෙනස කරගන්න පුළුවන්. සිංහල බෞද්ධ සමාජය ඒ අතින් විවෘතයි.
උදාහරණයක් ලෙස ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවන්ව ගන්න පුළුවන්.

ඒ හිමි ජීව විද්‍යාත්මකව ටිබෙට් වුනාට, හදවතින්ම සිංහලයි.
සිංහලයාගේ උන්නතිය වෙනුවෙන් සිංහලයාට වඩා හඬක් නැගුවා.

එස් ඩබ්ලිව් ඩී ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ පරම්පරාවට දකුණු ඉන්දියානු සම්භවයක් තිබෙන්නට පුළුවන්.

නමුත් බණ්ඩාරනායක මහතා ලොවට බිහිවන්නේ 100%ක්ම ඉන්දියානු ජාන ඇතිව නොවෙයි. ඒ වන විට සිංහලයින් සමඟ මිශ්‍ර වී, SWRD බණ්ඩාරනායක මහතා උපදින විට ඒ පරපුරේ සාරධර්ම හා වටිනාකම් බොහෝ දුරට වෙනස් වුණා.

පෑගී සිටින සිංහල බෞද්ධයින්ව ඔසවා තබන්න ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, දෙමළ ක්‍රිස්තියානි අන්තවාදීන් හා ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් බණ්ඩාරනායක මහතා ව ඝාතනය කරනු ලැබුවා.

JR ජයවර්ධන කියන තක්කඩියා මරණය දක්වාම ඉටුකළේ සිංහල බෞද්ධ විරෝධී භූමිකාවක්.

නමුත් 100%ක් සිංහල ජාන තිබෙනවා යැයි කියන කිසිම දේශප්‍රේමියෙක් JR ගේ රෝම කූප යකට වත් අත තියන්න ඉදිරිපත් වුනේ නැහැ. ඒ සිංහලකම ඇඟේ පෙරාගත් ඇතැම් පුද්ගලයින් තුළ තිබූ නිවට කම නිසයි.

දේශපාලන ලෝකයේ පමණක් නොව සමාජ ජීවිතයේදීත් අතරමං වී සිටින සිංහල බෞද්ධයින් මේ යථාර්ථය හොඳින් වටහා ගත යුතුයි.

කාලාම සූත්‍රය සිංහල බෞද්ධයින්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ ජීවත් වෙන හැම ජන කොට්ඨාසයකටම මුළ සිටම කියාදිය යුතුයි.

දේශාභිමානි ලුතිනන් කර්නල් විජේසුන්දර අසෝක මහතා මෑත ලංකා ඉතිහාසය පිළිබඳ විශ්වකෝෂයක් මෙන් වුවද, ශ්‍රී ලංකාවේ වාසය කරන්නේ විවිධ ජාතීන් නොව විවිධ ජන කොටස් යන අදහස අමතක කිරිම ඇත්තෙන්ම කණගාටුවට හේතුවක්. එහෙත් එතුමා ඌනතාවයන් මැද හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය නගා සිටුවීම සඳහා ගන්නා උත්සාහය පැසසිය යුතුයි.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා )

සංවාදය සඳහා විවෘතයි

මහාචාර්ය එඩ්වඩ්

පහතින් දැක්වෙන්නේ ජාතිය ගැන අශෝක මහත්මයාගේ සාකච්ඡාවක්