Wed. Jul 3rd, 2024
Spread the News

ජාතික තලයේ සාකච්ඡා කලයුතු ඉතාමත් වැදගත් කාලීන මාතෘකාවක්.

තර්ක විතර්ක වල දී දෙපිලක් බෙදීම ස්වභාවිකයි.

එහෙත් කරුණු විකෘති කිරීම සදාචාර විරෝධීයි.

මෙම ප්‍රශ්නයේදී මා හට කාගෙවත් පැත්තක් ගැනීම අවශ්‍ය නොවේ.

වර්ගවාදී ප්‍රශ්නයේ සුලමුළ පිළිබඳව 80 දශකයේ මුල සිට මා විසින් කරන ලද අධ්‍යානයන් තුළින් සොයාගත් සත්‍ය කරුණු වලට ආසන්නම කරුණු ඉදිරිපත් කරන ඕනෑම කෙනෙක් සමග ධනාත්මකව එකතු වෙන්න මම කැමතියි.

මෙම සාකච්ඡාව ආරම්භයේදීම මවිසින් පැහැදිලි කරනු ලැබුවා සාකච්ඡා හා වාද විවාදවලදි අප පාවිච්චි කරන වචන පිළිබඳව මීට වඩා සැලකිලිමත් වන්න කියා.

අවාසනාවකට මෙන් අද දවසේ අදහස් දැක්වූ කීපදෙනෙක්, ජාතිවාදය, මහජාතිය, සුළු ජාතිය වැනි සංකල්ප යොදා ගැනීමෙන් වචන හරඹයක යෙදී ඇති බව පෙනෙනවා.

ජාතිවාදය කියන මුසාවාදය පූර්ණ වශයෙන් ම බැහැර කරන්න කියා මා නැවතත් තරයේම කියා සිටිනවා. ඒ වචනය වැරදි අන්දමින් භාවිතා කිරීම නිසා රටට වූ හානිය ගැන කිසිවෙක් කතා කතා කරන්නේ නැහැ. එම වචනය මන්ත්‍රයක්වී තිබෙන්නේ ජාතියේ හතුරන්ට. ජාතිය බෙදා වෙන් කොට රටත් දෙකට තුනට කඩා පාලනය ගෙන යන්න කුමන්ත්‍රණය කරන අයට.

උතුරේ වර්ගවාදයට මා දන්නා තරමින් මුලින්ම ගිනි තිබ්බේ දෙමළ ෆෙඩරල් පක්ෂයේ නායක S.J.V. Chelvanayagam. ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයෙකුවූ
G.G.Ponnambalam ඊට කලින් ගිනි ඇවිලීමට අවශ්‍ය දර සහ ඉන්ධන එකතු කරමින් සිටියා. ඔහු විසින් නිර්මාණය කළ දෙමළ මහා සභාව ඊට සාක්ෂි දරනවා.

1940 ගණන් වල අග චෙල්ව නායගම් ඉන්දියාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පලකළ කුඩා පොත් පිංචක මෙසේ සඳහන් කර තිබුණා.

“Future Tamil daughters and sons of Sri Lanka! Your mother tongue, Tamil, is the most beautiful language in the world. Be ready to fight with enemies who harm it and shed your last drop of blood for it”.

මේ ප්‍රකාශය තේරුම් ගැනීමට අපොහොසත් කිසිම කෙනෙක් මෙම සංවාදයට එකතු වෙන්න එපා කියා මම ඉල්ලා සිටින්නේ පුද්ගල භාෂණ නිදහසට එරෙහිව යාමට නොවේ. ප්‍රශ්නය නිවැරදිව තේරුම් නොගෙන හුදු පාණ්ඩිත්වය පමණක් ප්‍රදර්ශනය කිරීමට ඉදිරිපත් වන අයගෙන් ජනතාව බේරා ගැනීම සඳහායි.

ජර්මනිය සහ ස්විට්සර්ලන්තයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය 80 දශකයේ සිට 2009 යුද්ධයේ අවසානය දක්වා පළ වූ ලිපි සහ වීඩියෝ දර්ශන වල අන්තර්ගත වූයේ සිංහල බෞද්ධ මහා ජාතිය, ශ්‍රී ලංකාවේ සුළුතරය වූ ක්‍රිස්තියානි දෙමළ ජනකොටසට දිගින් දිගටම හිරිහැර කරන බවයි. මෙය සිදු කරන්නේ සිදු කරන්නේ සිංහල බෞද්ධ දේශපාලකයින් බවත්,ශ්‍රී ලංකාවේ ඇත්තේ බෞද්ධ හමුදාවක් බවත් ඒ ප්‍රවෘත්ති දිගින් දිගටම ප්‍රචාරය කරනු ලැබුවා.

උතුරේ කුල වාදය ජනවාර්ගික ප්‍රශ්නයට වඩා බරපතළ හා අමානුෂික බව කියන්න අපේ සිංහල හෝ දමිළ සමාජ විද්‍යාඥයින් හෝ මාධ්‍ය කරුවන් ඉදිරිපත් වුනේ නැහැ.

අඩුකුලේ යයි හංවඩු ගසනු ලැබූ දමිළ ජනතාවට වෙල්ළාල කුලයේ අය බීමට වතුර පොදක් දෙන්න අකමැති වූ ඉතිහාසය ඊනියා තරුණ අසහනයේ ඉතිහාසයට වඩා ශතවර්ෂ ගණනකින් දීර්ඝයි.

උතුරේ සෑම ආකාරයකම මානව විරෝධී කටයුතු ලෝකයාගෙන් වසන් කර, උතුරේ ක්‍රිස්තියානි ජනතාවට දකුණේ සිංහල බෞද්ධ‍යන් ගෙන් සිදුවන “අකටයුතුකම්” ගැන
බටහිර රටවල් වලට
පණිවිඩය රැගෙන ගියේ ක්‍රිස්තියානි හා කතෝලික පූජකවරුන්. ඒ ඔවුන්ගේ උතුර ක්‍රිස්තියානි කිරීමේ නොතිත් ආශාව සංසිඳවා ගැනීම සඳහායි.

මේ ගැන අප විසින් පොතක් ලියා පළ කරන තුරු, කෙටියෙන් හෝ මේ තොරතුරු පවසන්නේ රෝග විනිශ්චය නිවැරදිව කරන තුරු රෝගයට පිළියම් කළ නොහැකි බව සක් සුදක් සේ පැහැදිලි නිසයි.

මේ සම්බන්ධයෙන් එක් නිදසුනක් ඉදිරිපත් කර සටහන අවසන් කරමි.

සාමයේ දූතයා මෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ බඩ පිනුම් ගසන කාදිනල් මැල්කම් රංජිත් දැනට වසරකට පමණ ඉහතදී ජනමාධ්‍යවලට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “ශ්‍රී ලංකාවේ සිංහල හා දෙමළ මිනිසුන් වසර තිහක් තිස්සේ මරාගත්තා” කියායි.

සත්‍ය වෙනුවෙන් කුරුසයේ ඇණ ගැසුම් කෑ උත්තමයෙක් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් හෝ ශ්‍රී ලංකාවේ වර්ගවාදයට ගිනි තැබුවේ පල්ලිය විසින් බව කියන්න ඉදිරිපත් වුනා නම්, මේ ප්‍රශ්නයෙන් අඩකට වඩා විසඳි අවසන්.

අප සටන් වැදිය යුත්තේ මිනිසුන්ට විරුද්ධව නොව අමන මිනිස්සුන්ගේ වැරදි ආකල්ප වලට එරෙහිවයි.

-තෙවැනි ඇස-
24.10.2023