Fri. Jul 5th, 2024
Spread the News

ජවිපෙ මහදැනමුත්තා, එළුවා සහ මුට්ටිය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා NPP (UNP ම තමයි) ඇතාව තාප්පය බිඳ දමා හෝ ඇතුළට ගනී.

ඇතා පිටින් බසින්නේ නැතුවම දොරටුවත් බිඳගෙන මහදැනමුත්තා ගෙවත්තට ඇතුළු වුණ ද, අන්තිමට දොරටුවත් විනාශවී, එළුවාට බෙල්ලත් ගෙහිමියාට මුට්ටියත් අහිමිවී, අතීත කතාව එදා එළෙසින් අවසාන විය.

අද මහදැනමුත්තන් එකෙක් නොව වැඩිවුණු ජනගහනයට සරිළන පරිද්දෙන් (NPP එකේ පමණක්ම 25 දෙනෙක් ඇත) මහදැනමුත්තන් හැමතැනම බිහි වෙලාය. මහදැන මුත්තලා දියසේනලා ටත් බයය. ධාතු කරඬු කටින් රැගෙන කැළණි ගඟෙන් මතු වෙන පුංචි මුචලින්දලාටත් බයය.

අතීත මහදැනමුත්තාගේ සම්භාව්‍ය ගෝලයින් අද සේවය කරන්නේ විදේශිය ගැති රොත්තටමය. මුහුණ කැත නිසා පොල්බෑ මුහුණලා plastic surgery කරගෙන අද හඳුනා ගන්නත් බැරිය.
එදා ඉඳිකටු සිදුරින් රිංගා යන්න තරම් කෘශව සිටි ඉඳිකටු පැංචා පාර්ලිමේන්තුවෙ කෑම කෑ නිසාදෝ තමන්ගේම නිවසේ උළුවස්සෙන් වත් ඇතුල් වෙන්න බැරි තරමට මහත් වෙලා ය.
කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ වෙනස් වෙළාය.
මිනිසුන් දුටුවෙ නැති වුණාට, system change එදාත් තිබිලා තියෙනවා. ඉන් පලක් වුනාද නැද්ද යන්න වෙනම කතාවක්.

අද තිබෙන්නේ එදා තිබුණු ජවිපෙ නොවන බව ජනතාව තරයේ සිතට ගත යුතුයි.

රෝහණ විජේවීරව මරා ගත්තට පසු, ජවිපෙ ඉතුරු වුණේ බලයේ ඉන්න පිරිසට රැකවරණ සපයන්නන්
පමණක් යයි කිවහොත් එය වැරදි නොවේ.

බලය ලබා ගැනීම සඳහා ජනතාව නොමඟ යවන අන්ඳ මේ බොරු කියන සාම්ප්‍රදායික දේශපාලන ආකෘතිය තමන්ගේත් දේශපාලන ආකෘතිය ලෙස ජවිපෙ තෝරා ගැනීම ගැන මා සිනහ නොවන්නේ ඔවුන් එසේ කරන්නේ ඇයිද යන්න අප විසින් සමාජ විද්‍යාත්මකව පැහැදිලි කර දී ඇති නිසයි.

බලයේ සිටින අය මෙන්ම බලය සඳහා ඕනෑම නිර්ලජ්ජිත වැඩක් කිරීමට පවා ඉදිරිපත් වෙන ජවිපෙයද දේශපාලන වශයෙන් පෙළෙන්නේ දැඩි අනාරක්ෂිත භාවයකින්.

අනාරක්ෂිතභාවය නැමැති සාධකයට,
රනිල් මහින්ද සජිත් වගේම අනුර කුමාර ප්‍රමුඛ පිරිසද ගොදුරු වී අවසන්. ඔවුන් අතරින් කෙනෙක් තමයි මීළඟ මහ මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ කියන කතාව හුදු මිථ්‍යාවක් පමණයි.
ජනතාව විසින් පරාජය කළ යුත්තේ දූෂිත පාලකයින් පමණක් නොව එම පාලකයින්ගේ පැවැත්ම සඳහා පතුරුවා හැර තිබෙන මිත්‍යාවන්ද පරාජය කළ යුතුයි.

System Change අවශ්‍යයි කියා අරගලකරුවන් ලවාත් කියවා ගන්නෙ බලයේ දිගටම රැඳී සිටීමට උත්සාහ කරන පිරිසමයි.

අවශ්‍ය කරන්නේ system change නොව පිළිකාව සහමුළින්ම උදුරා දැමීමයි. පිළිකාවේ එක ශෛලයක් වත් ඉතුරු නොකරන්න වගබලා ගත යුතුයි.

අනාරක්ෂිත භාවයෙන් පෙළෙන කිසිම කණ්ඩායමකට රටක් දියුණු කළ නොහැක්කේ
ජනතාවට සේවය කිරීම කෙසේ වෙතත් තමන් ධනයෙන් හා බලයෙන් පොහොසත් විමට තමන් බලයට ආ දිනයේ සිට ම උත්සාහ කරන නිසයි.

නොමග ගිය ගෝළබාලයිනේ. අඳබාල මහදැන මුත්තන්ගේ යුගය දැන්වත් අවසන් කර දමව්!

  • තෙවෙනි ඇස-

27.05.2023