Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtecy Big Think

ජර්මන් සහයෝගිතා නම්වූ සමාජ මාධ්‍ය ජාලා කණ්ඩායමට ලන්ඩනයේ සිට බෞද්ධ විරෝධී අදහස් ලියන, සටහන අවසානයේ “දෙවි පිහිටයි” කියා කොඳුරන කෙනෙකුට යැව් පිළිතුරක්:

ඒ අතින් වියට්කොං ගරිල්ලා භටයින් ලොවට කදිම ආදර්ශයක් දුන්නා.
God save America කියමින් වියට්නාම් ගම් පිටින් ගිනි තබා විනාශ කරන විට ගම්වලට නපාම් බෝම්බ දමන විට, ආසියාවේ බෞද්ධ රටක් ආක්‍රමණිකයාට දුවන්නම දුන්නා.
දුවන පිරිස අතරේ දෙවියන් වහන්සේත්
සැඟවී සිටියාදෝ කියා කුහුලක් ඇති වුණහොත් ඒ ගැන අහන්න වත් දෙවියන් සොයා ගන්න බැරුව යනවා.

මානව ඉතිහාසය පුරා ම මිහිතළය මත විවිධ ජාතීන් වර්ග ගෝත්‍ර හා ආගම් අතර ඇති වුණු යුද්ධ ඇත්ත වශයෙන් මිනිසුන් අතර ඇතිවුණු යුද්ධ නොව එම මෝඩ ජනයා නියෝජනය කළ නොසන්ඩාල දෙවිවරුන් විසින් දියත් කළ යුද්ධයයි.

“සියලුම ආගම් එකයි” කියන හිතලුව ජනගත කරන්න හදන කපටින්ට මතක් කර දිය යුතුව ඇත්තේ බුදුදහමට පරාජිත දෙවිවරුන් ඇතුල් කරන්න එපා කියායි.

බැතිමතුන් හිඟන දෙවිවරුන් බුදුදහමට අවශ්‍ය වන්නේ නැහැ.

ආගම් ගින්නක් නම් එය නිවන සිහිල් ජලය දහමයි.

-තෙවැනි ඇස-
19.10.2023