Fri. Jul 5th, 2024
Spread the News

ජර්මන් සහයෝගිතා නම්වූ කණ්ඩායමේ නායකයා, 1980 නොවැම්බර් මස මා විසින් බර්ලින් විශ්වවිද්‍යාලයට භාරදුන් මාගේ ආචාර්ය උපාධි පර්යේෂණ කෘතිය සොයා ගොස් ලත් අත්දැකීම කණ්ඩායමේ සැමටම කියැවීම පිණිස පළ කර තිබුණා. ඊට මා දුන් පිළිතුර:

දෙව් දත් අපායේ ගිය කතාව බොරු. අපායේ යන්න ඒක මැරෙන්න ඕනේ. නමුත් ඌ මළේ නැති බව පහත සඳහන් සිදුවීමෙන් පැහැදිලි වේවි.

ශිෂ්‍යයාධාර කිසිවක් නැතිව, බොහෝ කම්කටොලු වලට මුහුණ පාමින්, එහෙත් මගේ මහාචාර්යවරුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් මාගේ ශාස්ත්‍රීය කෘතියට ප්‍රථම පන්තියේ (Magna cum Laude) සාමාර්ථයක් ලැබීමට තරම් මම වාසනාවන්ත වුණා.

එහෙත් දෙව් දත්තයට අනුව වසර 43කට පසු මගේ ග්‍රන්ථය දැක ඇත්තේ ඒකා විතරයි.
දෙව්දත්තයාගේ කතාවට අනුව මාහට උපාධිය පිරිනැමු මහාචාර්යවරුන් පස්දෙනෙකු ගෙන් සැදුම්ලත් මණ්ඩලයේ කිසිම සාමාජිකයෙක් මගේ පොත කියවා නැහැ.

ඔවුන් මට ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් පිරිනමා ඇත්තේ එය කියවනවා තබා එයට අතවත් නොතබායි.

දෙව්දත්තයා මගේ පොත හොයන්න බර්ලිනයේ FU විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට ගොස් තිබෙන්නේ එය කියවා එහි අන්තර්ගතය දැන ගැනීමට නොව, එය කීදෙනෙක් විසින් කියවා ඇත්දැයි දැන ගැනීමටයි.

ඒකාගේ පව්කාර සිතිවිලි මහා සතුටකින් මෙන් වමාරා තිබෙනවා.

ඒ මදිවට මේ සර්පයා කියනවා මේ පොත තියෙන්නේ එතැන විතරයි කියා.

මම මගේ වියදමින් පිටපත් 250ක් මුද්‍රණය කළේ අපේ අධ්‍යනංශයේ ඉල්ලීම මතයි.

මා සිටිනා නගරයේ ඇති විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ එම ග්‍රන්ථය දැනට වසර තිහකට පමණ ඉහතදී සමාජ විද්‍යා මහාචාර්ය Detlef Kantowski විසින් කියවා තිබුණා. මගේ පොත කීදෙනෙක් කියෙව්වා ද කියා මා කිසිදාක සොයා බැලුවේ නෑ. මන්ද එය කියවන එක මගේ ප්‍රශ්නයක් නොවන නිසා.

මා මෙය සඳහන් කළේ මගේ පොත ඇත්තේ බර්ලිනයේ පමණයි කියන්න මේ සාතන් සැහැසි වුණ නිසයි.
(හරි නම් ඒකා සතුටු වෙන්න ඕනේ මා වගේම ලංකාවේ ඉපදුනු එකෙක් හැටියට එහි එක පිටපතක් හෝ පුස්තකාලයේ තිබීම ගැන)
සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරක් සමාජගත කරන්න මේ පව්කාරයා මෙතරම් උනන්දු වුණේ ඇයි?

ඒ වාක්‍යය ලියා ඇති ආකාරයෙන්ම එනම් එම ග්‍රන්ථය තිබෙන්නේ බර්ලිනයෙ පමණයි කියා කාලකන්ණි සතුටක් වින්ද බව පෙනුනා.

සුනඛයෙකුට බත් පිඟානකට වඩා අසූචි ගොඩක් වටිනවා. ඒ ඌ සුනඛයෙක් වන නිසයි. එහෙත් මිනිහෙකුට අසූචි පිඟානක් රස වුණේ කෙසේද?

ඒ මිනිස් ගතියට වඩා බලු ගතිය මතු වුණු නිසාද?

ගැටුම් දෙස මා නිෂේධාත්මකව බලන්නේ නැහැ. මන්ද ගැටුම් තුළින් අලුත් දෙයක් නිර්මාණය වන්න ඉඩ තිබෙන නිසා.

සිද්ධාර්ථට බුදුවීම සඳහා දායකත්වයක් දුන්නා කියා දෙව්දත්ලා අයිතිවාසිකම් කියන යුගයකයි අපි මේ ජීවත් වන්නේ.

මා බුද්ධත්වය ප්‍රාර්ථනා නොකරන කල්හි, ඒ සඳහා පෙරුම්පුරන්නෙ නැති විටෙක මේ පව්කාරයා මට දෙව්දත් කෙනෙකු වූයේ ඇයි?

මා සපා කන්න පොරකන බලු රෑනට
ඔන්න අවස්ථාවක් තිබෙනවා මේ දෙව්දත්තයාව රැකගන්න.

මේ පව්කාර හැත්ත ගැන මගේ ද්වේෂයක් නැති නමුත් වචනයෙන් ප්‍රකාශ කරන්න බැරි තරම් පිළිකුලක් මා තුළ තිබෙනවා.

1972දී මාගේ ගෞරව උපාධියේ ලකුණු කැපීමෙන් ආරම්භවුණ පළිගැනීම මේ මොහොත දක්වාත් අවසන් වී නැති නිසා, මා පාගා දමන්න උත්සාහ කළ විශ්ව විද්‍යාල පාලකයින් ඇදුරන් හා දූෂිත දේශපාලකයින්ට අත්වූ සෝචනීය ඉරණම කාගේත් දැන ගැනීම පිණිස ප්‍රථම වතාවට මෙම කණ්ඩායම තුළ ප්‍රසිද්ධියට පත් කරනවා.

හැම පව්කාරයාට ම ස්වභාව ධර්මය දඬුවම් දෙන බව අත්දැකීමෙන්ම මා දන්නවා. ඒ නිසා මේ කාලකන්ණින්ට සාප කර පව් පුරවා ගන්න මම කැමති නෑ.
මා මේ සටහන තැබුවේ වෛරයකින් හෝ ද්වේශයකින් කියා සිතන්නේ නම් උඹලා සියලු දෙනාම එකතුවෙලා මට සාප කරපල්ලා!
එසේ කර ඒ සාපය මට වදිනවාද කියාත්
සෝදිසි කර බලාපල්ලා.

මෙතන ජය පරාජයක් නැත. එහෙත් අවසාන විනිශ්චයක් ඇත.

මගේ ග්‍රන්ථයට අත තැබුවේ මිනිසෙක් නම්, ඉංග්‍රීසි භාෂාව තේරුම් ගත හැකි නම්, ඒ මිනිසා එම ග්‍රන්ථයේ අන්තර්ගතය කියවා
සතුටක් ලබනු ඇත.

එහෙත් ඒ පොත තිරිසනෙක් අතට ගිය කල්හි…..?

(ප.ලි: සමහරවිට මේකා කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්.
2019 වසරේ මා ලංකාවට ගිය විටදී, අහම්බෙන් මෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගොස් 1972දී මා විසින් ලියන ලද ග්‍රන්ථය හා 1980 දී ලියන ලද ග්‍රන්ථය පුස්තකාලයේ තිබේදැයි සොයා බැලුවා.

කවුරුන් විසින් හෝ එම ග්‍රන්ථ දෙක විනාශ කර මාගේ නම ද පුස්තකාල කර්තෘ නාමාවලියෙන් ඉවත් කර තිබුණා. සමහරවිට ලංකාවේ අනෙක් විශ්වවිද්‍යාල වලට භාරදුන් පිටපත් වලටත් මේ වන විට ඒ ඉරණමම අත් වී තිබෙන්න පුළුවන්.

-තෙවැනි ඇස-
20.11.2023