Fri. Jul 5th, 2024
Spread the News

ජර්මන් සහයෝගිතා කණ්ඩායමේ එක් සාමාජිකයෙක් කලින් ලිපියකදී මා විසින් ජන කොටස් හා ජාතිය පිළිබඳව පළ කළ අදහසට එරෙහිව යම් අදහසක් පළ කර තිබෙනවා. ඊට මා දුන් ප්‍රතිචාරය:

මම මෙපමණ පැහැදිලි කරත් දීත් ඔබ ලියනවා “උදා:සිංහල ජාතිය දෙමළ ජාතිය ඉංග්‍රීසි ජාතිය “වශයෙන්. (දෙමළ ජාතියක් හෝ ඉංග්‍රීසි ජාතියක් කියා ජාතියක් ලෝකයේ නැත. මහා බ්‍රිතාන්‍යයේ නම් ඔවුන් බ්‍රිතාන්‍ය ජාතිකයන් ය.
දමිළනාඩුවේ වසන දෙමළ ජනතාව ඉන්දීය ජාතිකයින් ය.
බලු වලිගේ ඇද අරින්න බැහැ වගේ, උණපුරුකක් ඇතුලේ මාසයක් ඔබාගෙන හිටියත්, එයින් එළියට ගත් විට නැවත වලිගය වක් ගැහෙනවා.

මම දැන් හිතා ගත්තා අනෙක් මොන ප්‍රශ්නය විසඳුවත් ඔය බලු වලිගෙ ඇද නම් කවදාවත් අරින්න බැහැ කියලා.

මෙතනදි වැදගත් වෙන්නේ ජන වර්ගයට දී ඇති නිර්වචනය පුළුල් ද පටු ද කියන එක නොවෙයි. ජනවර්ගයක් හඳුනාගැනීමේ නිර්නායකයන්.

යන්නේ කොහෙද මල්ලෙ පොල්වගේ,
ප්‍රශ්නයට එළඹෙනවා වෙනුවට ප්‍රශ්නය වටා කැරකෙනවා.

වැඩි දුරටත් ඔබ පවසනවා “ඔබ කියන වර්ගය විසඳුම අදට යෙදීම අර්ථ ශූන්‍යයි” කියා.

මම කතා කළේ වර්ගයට මුල් තැන දෙන විසඳුමක් ගැන නොවෙයි. සියලුම වාර්ගීක කොටස් එකතු වී ජාතියක් නිර්මාණය කිරීම ගැනයි.

මාව විවේචනය කරන්න කලින් මා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. එවිට සන්නිවේදනයෙන් ඇතිවන ආතතිය වළක්වා ගන්න හෝ අවම කරගන්න පුළුවන්.

මිනිසාට කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍යයත් අතිශයින් වැදගත් වන්නේ, මිනිසා කියන සත්වයාට සමාජශීලිත්වයෙන්
තොර ජීවිතයක් නොමැති නිසයි.

-තෙවැනි ඇස-
06.12.2023