Fri. Jul 5th, 2024
Spread the News
Ranil Wikramasighe

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී බොහෝම පැහැදිලිව ප්‍රකාශ කළා අරගලයට තවදුරටත් රට අරාජික කරන්න ඉඩදෙන්නේ නැහැ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය මගින් රට ආරක්ෂා කරන්න හමුදාවට බලය තියෙනවා කියලා*

ඒ කිව්වේ ශ්‍රී ලංකා යුධ හමුදාව *බුද්ධ ශාසනය රකින හමුදාව* බවයි.

*රාජ්‍යය නායකයා* එසේ කියද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියා තිබෙන දේ *සම්මතය බවත් එය ස්ථාපිත නීතිය බවටත්* තහවුරු කිරීම සිදුවේ.

ශ්‍රි ලංකාවේ හමුදාව සහ බුද්ධ ශාසනය එකිනෙකට වෙන් කළ නොහැකි, අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතී. එබැවින් මෙරට යුධ හමුදාව ජාතික හමුදාවක් වන්නේය.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් හි මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා බුද්ධ ශාසනය සමග සිංහල ජාතිය (ව්‍යවස්ථාව රකින්න කටයුතු කරන අනෙකුත් ජනවර්ග ද ඇතුලත් ය) රකින හමුදාවේ ප්‍රධානියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය ප්‍රකාරව ශ්‍රි ලංකා රාජ්‍යය විසින් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුත්තේ ය. බුද්ධ ශාසනයේ ආරක්ෂාව සැලසීම, පෝෂණය කිරීම, සුරක්ෂිත කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයේ වගකීම වේ.

ඒ නිසා ශ්‍රි ලංකා යුධ හමුදාවට එරෙහිව වැඩකරන පුද්ගලයින්, ආයතන, ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන්
ප්‍රතිපුරුෂ ලෙස වගකිව යුතු වේ.

©2023| ✍️ඉන්දික සහභණ්ධු

* සංශෝදනය කරන ලද ප්‍රකාශය