Mon. Jul 1st, 2024
Srilanak Consitiuion
Spread the News

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වර්ෂ 2002 දී බව නීති ක්ෂේත්‍රයේ අය දන්නා කාරණයකි.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ඇතුළත් කිරීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඉන් ප‍්‍රයත්න දරා තිබුණි. 

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් වන අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින එය ගැසට් පත‍්‍රයේ එය පළ කර තිබුණි.

එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් හඳුන්වා දී තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි)වඩුගොඩුපිටිය (වි)බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි)  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එහි තීරණය අනුව ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම වළක්වන විධිවිධානය නීතියක් වන්නේ පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය සහ ජනමතවිචාරණයකදී ජනතාව විසින්ද අනුමත කිරීමෙන් පසුව බව දක්වා ඇත. ඒ හේතුවෙන් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පනත් කෙටුම්පත් අදියරේම අවසන් විය.

වර්ෂ 2015 දී දෙවන වරටත් නැවත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා වළක්වන විධිවිධානයත් තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන 16ක් පමණ සංශෝධනය කිරීමට ගෙනවිත් තිබුණි.

වර්ෂ 2015 දී දෙවන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා වළක්වන විධිවිධානයත් තිබූ හෙයින්, 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව ජනමත විචාරණයකින් ජනතාව අනුමත කිරීම අවශ්‍යම විය.

වර්ෂ 2015 දී දෙවන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, ඩෙප් සහ චන්ද්‍රා ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් තීරණ පාර්ලිමේන්තුවට යොමු කළ අතර එම විනිසුරුවරුන් 3නා මීට පෙර 2002 දී විනිසුරුවරුන් 7දෙනකු ලබා දී තිබූ තීරණය වෙනස් කර තිබුණේ නැත.

ඒ අනුව වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් නැවත 2015 දී සිදුකරන්නේ නම් ජනමතවිචාරණයකට යාම අවශ්‍ය විය. නමුත් මේ දක්වා එය සිදු වී නැත.

පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට එකඟව කටයුතු කරන්නේ නම් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් නැවත 2015 දී සිදුකරන්නේ නම් එයට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කළ පසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ (අවසන් විධානය) පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සඳහන් සටහනක් තබා යොමු කළ යුතු විය. නමුත් එවකට කතානායකව සිටි චමල් රාජපක්ෂ කතානායකවරයා නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කළ පසු පමණක් නීතියක් බවට සටහන් කර ඇත. එය වැරදි සටහනකි. (Per incuriam)

මේ දක්වා 2015 දී ගෙනා  19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට
එය සිදු වී නැත. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව නීතියක් වී නැති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් නීතියක ආරෝපණය ලබා දී ක්‍රියාත්මක කරගෙන යාමට පාර්ලිමේන්තුව සහ වර්තමාන  ජනාධිපතිවරයාද කටයුතු කරන බව පෙනී යන අතර එය නිවැරදි නැත.

වර්තමාන කතානායකවරයාට පෙර කතානායකවරයා කළ ඒ වැරැද්ද නිවැරදි කළ හැකිය.

2015 දී ගෙනා 19 ට  පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කර ඇති හෙයින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ (අවසන් විධානය) පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සඳහන් සටහනක් තබා එය ජනාධිපතිවරයාට  යොමු කළ යුතුය. එවිට ජනාධිපතිවරයා එකී 19ට පැවැත්විය යුතු ජනාධිපතිවරණ පැවැත්විය යුතු අතර, ජනතාව අනුමත කළහොත් එය නීතියක් බවට පත්වන අතර ජනතාව අනුමත නොකළහොත් එය එතනින් අවසන් වේ.

ජනාධිපති ධූරකාලය වසර 6 කිරීමට 2/3 හෝ ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන අතරචමල් රාජපක්ෂ කතානායක 2015 දී 19ට යෙදූ වැරදි සහතිකය නිවැරදි කිරීම පමණක් සෑහෙන බව ඒ අනුව පැහැදිලි වේ.

http://neethiyalk.blogspot.com/2024/06/6-23-2015-19.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.06.19)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *