Mon. Jul 8th, 2024
Spread the News

ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවේ (2) වෙනි අනු ව්‍යවස්ථාවෙහි ය.

“ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය.”
යනුවෙන් එම ව්‍යවස්ථාවෙන් පනවා ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුල් පැනවීම ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක කාලයකට සම්මත කර තිබිණි. 2015 අප්‍රේල් 28 වන දින ශ්‍රී ලංකා පර්ලිමේන්තුව විසින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 30වන ව්‍ය්වස්ථාව මුල් පැනවීම ඉවත් කර, එකී 30 ව්‍යවස්ථාවට ප්‍රතියෝජනය කිරීමෙන් අවුරුදු හයක් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහක් දකවා අඩු කෙරිණි.

2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට වර්ෂ හයක ධූර කාලයකට පත් විය. එනම් 2015 .01..09 දින සිට 2021.01. 09 වන දිනට ඉකුත් වීමට මාසයකට අඩූ නොවන කාලයක් සඳහා ජනාධිපති ධූරය දැරිය හැකිය. නමුත් මෛත්‍රිපාල සිරිසේන මහතාට එපමණ කාලයක් ජනාධිපතිධූරය දැරීමට නො හැකි විය. හේතුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථා සංශෝධනය අනුව ජනාධිපතිධූරයේ වසර පහ ඉක්මවීමට පෙර ජනාධිපතිවරණය කැදවීම සහ ජනාධ්පතිවරණය පැවැත් වීම ය.

2019 සැප්තැම්බර්18 දින ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමෙහි උපදෙස් පරිදී ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුව විසින් 2019 ඔක්තොම්බර් 7 දින ජනාධිපතිවරයා තෝරා පත් කර හැනීමට නාමයෝජනා බාර ගන්නා දිනය බවත්, නොවැම්බර් 16 දින මැතිවරණ දිනය බවත්, අංක 2141/25 අති විශේෂ ගැසට් පත්‍රය මුද්‍රණය කර ප්‍රකාශය කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවට අංක 2141/25 අති විශේෂ ගැසට් පත්‍රය මුද්‍රණ්‍ය කිරීමට බලය පවරන ලද්දේ මැතිවරණ කොමිසම මගින් ය. මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයක් කැඳවීමේ අයිතිය ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලත් බලය මත ය. 2015 .01.09 වෙනි දින ජනවරමකින් වසර හයක(6) කාලයකට ජනාධිපතිධූරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය වසර හයක් දැරීමට ඇති අයිතිය අහෝසි කර, වසර පහකට පහකට අවසන් වන ලෙස ජනාධිපතිවරණයක් කැදවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 30 ව්‍යවස්ථාවේ 2 වන අනු ව්‍යවස්ථාව අනුව ය.

ඒ අනුව මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය කැදවීම මගින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව සිදු වී ඇත. යමෙක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවෙහි 1 වන සහ 2 වන අනුව්‍යස්ථා නො පිළිගෙන ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහක්(5) නොව අවුරුදු හයක් ලෙස යැයි කියා අභියෝග කරන්නේ ද එම අභියෝගය එසේ ම යැයි කියා පිළිගතහොත් හෙවත් හරියැයි කියා පිළිගතහොත්, 2019 වසරෙහි මැතිවරණ කොමිසම විසින් අංක 2141/25අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පිළිබඳ සියලු ක්‍රියා බල රහිත වනවා ඇත.

මැතිවරණ කොමිසමට එම අතිවිශේස ගැසට් පත්‍රය පළ කරීමට සහ ඒ ආකාරයෙන් ක්‍රියා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවිණි.

2019 ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ මැතිවරණ ක්‍රියා බල රහිත වුව හොත් 2019 නොවැම්බර් මස 16 දින ජනාධිපතිවරණ ඡන්ද විමසීම සහ එකී මැතිවරණයෙන් ජයග්‍රහනය කරන ලද, 2019 නොවැම්බර් 18 දින ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිවුරුම් දී සක්‍රිය වූ ජනාධිපතිධූරය ද බල රහිත වනවා ඇත.

2022 ජූලි 14 දින ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ඉතිරි ධූරකාලය සඳහා පත් වන ජනාධිපති ධූරය ද බලරහිත වනු ඇත. හේතුව හිස් වූ ජනාධිපතිධුරයෙහි ඉතිරි ධූර කාලය සඳහා ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම කළ යුතු වන්නේ 1981 අංක 2 දරණ ජනාධිපති තෝරා පත්කරගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 ව්‍යවස්ථ ප්‍රකාරව වන බැවිණි.

1981 අංක 2 දරණ ජනාධිපති තෝරා පත්කරගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 ව්‍යවස්ථා ප්‍රකාරව ක්‍රියා කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ලෙස, නීත්‍යානුකූලව පත් වූ ජනාධිපතිවරයකුගේ ධූරය හිස් වීමකදී පමණි. ඉහත දැක්වූ ප්‍රකාරව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුරය ඉකුත් වීමට පෙර ධූරය හිස් වීමක් සිදු නැත. හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් වීම ඉහත දැක්වූ ආකාරයට නීත්‍යානුකූලව පත් නො වුණු බැවිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පත් වූ ජනාධිපතිවරයෙකුගේ ධූරය හිස් වීමෙන් ඉතිරි ධූර කාලයට පත් වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරණ ජනාධිපති ධූරය ද බල රහිත වනවා ඇත.

මේ පිළිබඳව ඇති කරන්නා වු සියලු ගැටළු පිළිබඳව විසදුම, ශේෂ්ඨාධිකරණයෙන් දෙන තීන්දු ප්‍රකාරව පවතින බව පැහැදිලි ය.

ආරියතිලක
2024.07.04

Leave a Reply

Your email address will not be published. Required fields are marked *