Mon. Jul 8th, 2024
Spread the News

ජනවාර්ගික ප්‍රශ්නය ගැන රජය
සමග සාකච්ඡා පවත්වා ඵලක්‌ නෑ

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන්

කල්මුනේ – ආර්. ශ්‍රීවේල්රාජා (source)

“ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව රජය සමග සාකච්ඡා කිරීමෙන් ඵලක්‌ නොවන තත්ත්වයක්‌ හටගෙන තිබෙනවා. එම නිසා මෙම සාකච්ඡාව ඕනෑම මොහොතක බිඳවැටෙන්න පුළුවන්”යෑයි වන්නි දිස්‌ත්‍රික්‌ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතා පැවසීය. මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඔහු ද්‍රවිඩ ජනතාව පිළිබඳවත් ද්‍රවිඩ ජාතික සන්ධානය පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රජාවට හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට මේ තත්ත්වය පිළිබඳව පැමිණිලි කිරීම හැර වෙනත් විකල්පයක්‌ නොමැති බවත් හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර ප්‍රජාවට හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමත් සමගම ජනතාව එAකරාශී කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී සටනකට ද යොමුවීමේ අවස්‌ථාව මතුවී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

මෙතෙක්‌ පැවැත්වූ සාකච්ඡා රජය හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර පැවැති සාකච්ඡා බව පවසන නමුත් එය ද්‍රවිඩ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අතර පැවැත්වෙන සාකච්ඡාවක්‌ බවට පත්වී ඇති හෙයින් ඉදිරියේදී එයින් ඵලක්‌ නොවන බවද අඩෛකලනාදන් මහතා පවසයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ සාකච්ඡා පවත්වන ලෙස රජය පවසන නමුත් 13 වැනි සංශෝධනයේ ඇතුළත් ඉඩම් හා පොලිස්‌ බලතල පළාත් සභාවලට ලබාදීම රජය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. උතුර නැගෙනහිර එක්‌ කිරීමට ද රජය එකඟ නැහැ. මෙවන් තත්ත්වයක්‌ මත සාකච්ඡාව දිගටම ගෙන යැමෙන් ඵලක්‌ වෙන්නේ නැතැයි ඔහු වැඩිදුරටත් කියා සිටී.

2 thoughts on “ජනවාර්ගික ප්‍රශ්නය ගැන රජය සමග සාකච්ඡා පවත්වා ඵලක්‌ නෑ”

Comments are closed.