Fri. Jul 5th, 2024
Spread the News
Umariya Sinhawansa at IPL

ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනයේදී එයට වෙනසක් එක් කල අතර ඊට සමාජ ජාලවල දැඩි විරෝධතාව එල්ල වෙමින් තිබේ.
(ප්‍රවෘත්තියක්)

ජාතික ගීය පමණක් නොවෙයි මුළු ජාතියම බයිලාවක් වෙලා.
ඕක කොහොම ගායනය කළත්
මොකෝ කියල අහන අයගෙන් නව ජාතියක් නිර්මාණය වෙමින් පවතිනවා.

සමහරවිට අරගලකාරයින් බලාපොරොත්තු වෙන “System Change” එකේ නිළ නොවන පෙරහුරුවක් වෙන්නත් පුළුවන්.

මුළු රටම හොයන්නෙ change එකක්.

ඒ හොයන මිනිසුන් වත් දන්නෙ නැහැ change කියන්නේ මොකක්ද කියලා.

අද දවසේ “පොරක්” වෙන්න නම් change ගැන කතා කළ යුතුමයි.

මේ change කථාවටයි නූතන ලංකා ඉතිහාසයටයි දෙකටම ඇත්තේ එකම ආයුෂ කාලයක්.

අපි කොතැනද?

-තෙවැනි ඇස-

02.08.2023