Mon. Jul 1st, 2024
Spread the News

Source : Lanka Leader

Image 6

ජනාධිපතිවරයාගේ බලතල මත ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ස්ත්‍රී පුරුෂ සම අයිතිවාසිකම් නාමයෙන් සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් මෙන්ම ඉතා විශිෂ්ඨ පූර්වාදර්ශයක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ එම පනතට එරෙහිව ලබාදුන් තීන්දුව නොසලකා සමලංගික ක්‍රියා ප්‍රචලිත කිරීමේ යටි අරමුණ සහිතව ස්ත්‍රීන් සවිබල ගැන්වීමේ නාමයෙන් ගෙන එන නව පනතට විරෝධය දැක්වීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දීය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ එම තීන්දුව මගින් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඉතා ගැඹුරින් සහ පුළුල් ලෙස අර්ථ දැක්වෙන බවය.

ඒ පිළිබඳ නඩුවට පෙනීසිටි නීතිඥ මහත්වරුන්ට මෙන්ම අධිකරණයට ද හිසනමා ගෞරවය පුදකර සිටින බවද ඔහු සඳහන් කළේය.

එම නඩුවට ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ යන මහත්වරු පෙනීසිටි අතර, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ මහතා පෙනීසිටියේ ය.

නඩු තීන්දුව පහළින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *