Mon. Jul 8th, 2024
Spread the News
Picture Courtesy freepik

ඡන්දදායකයාගේ හඬ නමින් පවත්වාගෙන යන WhatsApp කණ්ඩායමක කුමාර නම් තැනැත්තෙක් මාගේ අධ්‍යාපන සුදුසුකම්ද හෙළා දකිමින් මා ජවිපෙ සහ කතෝලික පල්ලිය අතර ඇති සම්බන්ධය හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් මා හට දැඩි විවේචනයක් එල්ල කර තිබුණා.

මම ඊට දුන් පිළිතුර මෙහි පහත සඳහන් වේ.

රට හරි මගට ගෙන ඒමට බලාපොරොත්තු වෙන කෙනෙක් (උසස් අධ්‍යාපනයක් ඇතිව හෝ නැතිව)

දේශපාලන වශයෙන් අයාලේ යන කණ්ඩායමක් පිළිබඳව විශ්වාසයක් තබන්නේ කෙසේද?

ජවිපෙ කියන්නේ පල්ලිය විසින් මෙහෙයවන කණ්ඩායමක් නොවන බව හැකිනම් ඔප්පු කරන්න කියා මම අභියෝග කරනවා.

කාදිනල් කෙලින්ම කිව්වා ගෝඨාභය බලයට පත්කරන්න කියලා. පත්කර ගත්තට පස්සේ ඔහු කීවා ගෝඨාභයව පත් කළේ ඔහු කියා.

පල්ලියට අවශ්‍ය පරිදි ගෝඨාභයව දැක්කීමට නොහැකි නිසා, ජාත්‍යන්තරයේ ද ඉල්ලීම පරිදි කාදිනල් තීරණය කරනවා ගෝඨාභයව පන්නන්න.

ඉතාමත් සැහැසි අන්දමින් ඔහු පවසනවා ගෝඨාභය පත් කළෙත් මමයි එළවන්නේත් මමයි කියා.

එයාට එහෙම බලයක් තියෙනවා නම් ජනතා පරමාධිපත්‍යය නිකම්ම නිකම් විහිළුවක් බවට පත් වෙනවා. මැතිවරණ ක්‍රමය අහෝසි කර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පත්කිරීම කතෝලික සභාවට නිළ වශයෙන් පැවරුවා නම් මැතිවරණ සඳහා යන වියදමත් විවිධ කණ්ඩායම් අතර තියෙන ගැටුම්ද වළක්වා ගන්න පුළුවන්.

ආගමික වශයෙන් තමන්ට පැවරුණු වැඩය නොකර ජනාධිපතිවරු පත් පත්කරන්නත් ජනාධිපතිවරු එලවන්නත්, ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උදව් කරන්නත් කාදිනල් ට උපදෙස් ලැබෙන්නේ කොහෙන්ද?

මේ පසුබිම වසර 50ක පමණ කාලයක් තිස්සේ අධ්‍යායනය කිරීමෙන් පසුවයි අපි මේ ප්‍රකාශය කරන්නේ.
කැමති නම් මාගේ අභියෝගය භාර ගන්න.

නමුත් ඉන් අදහස් කරන්නේ නැහැ දේශයේ හතුරු කුමන්ත්‍රණකාරීන් ට බලය ලබාදිය යුතුයි කියා.

අමතක කරන්න එපා අප දැන් සිටින්නේ විනාශයේ එළිපත්ත මතයි කියා.

– එඩ්වර්ඩ් –
11.04.2023