Fri. Jul 5th, 2024
Spread the News

චැනල් 4 -2 සමඟ ද්‍රවිඩ සංධානයෙන්
ඇමරිකාවට “ඔක්‌සිජන්”

source:
චැනල් 4 -2 විඩියෝපටයේ දිස්‌වන ෙමි දර්ශනයේ පිළිබුවන්නේ වන්නි ද්‍රවිඩ ජනතාව අතර තිබු කොටි යුද ටැංකියයි

චැනල් 4 වීඩියෝ පටයේ රංගන ශිල්පීහු ඔස්‌ටේ්‍රලියානු ජාතික පීටර් මැකේ, ඩේවිඩ් මිලිබෑන් සහ

ඡේ. ඩී. එස්‌. නමැති සංවිධානය මෙහෙයවන්නා වූ භාෂණ අබේවර්ධන

* පුද්ගලයන් 32 පැහැරගෙන ගිහිල්ලා දස දෙනෙකුගේ සිරුරුවල වෙඩි තැබූ සලකුණු – ආර්. සම්බන්ධන් මානව හිමිකම් සමුළුවට පිටු 15 ක සංදේශයක්‌ යවයි.

* චැනල් 4 -2 වීඩියෝ පටයේ සෙරෙප්පු දමා ගත් සෙබලුන්.

* දර්ශන රැසක්‌ රජයේ රූපවාහිනී දර්ශන හා කොටි වෙබිඅඩවි සැපයු දර්ශන aයයි හෙළිෙවි


චැනල් 4 -2 විඩියෝපටයේ දිස්‌වන ෙමි දර්ශනයේ පිළිබුවන්නේ
වන්නි ද්‍රවිඩ ජනතාව අතර තිබු කොටි යුද ටැංකියයි

ප්‍රභාකරන්ට රුපියල් පනස්‌ ලක්‍ෂයක්‌ පරිත්‍යාග කළේ ඇම්. ජී. රාමචන්ද්‍රන් ය. ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ නායක පත්මනාභ ඇතුළු සාමාජිකයන් 17 ක්‌ ඝාතනය කිරීම සඳහා ප්‍රභාකරන්ගේ ඝාතකයන්ට අවස්‌ථාව ලැබුණේ කරුණානිධි මහ ඇමැතිව සිටියදීයි. කොටි සංවිධානයට අවශ්‍ය බෝම්බ අමුද්‍රව්‍ය සැපයුනේද කරුණානිධි හා ජයලලිතා ගේ පාලන සමයේයි. ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි බිහිසුණු ලෙස ඝාතනය වූයේද අද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන තමිල්නාඩු දේශපාලනඥයන් සිටින තමිල්නාඩුවේදීය.

එදා රජීව් ගාන්ධි ඝාතනය වූ අවස්‌ථාවේ ප්‍රභාකරන්ට දඬුවම් කළ යුතු යයි මේ දේශපාලනඥයන් ඉල්ලා සිටියේ නැත.

එහෙත් කරුණානිධිගේ ඩී. එම්. කේ. පක්‍ෂයේ සහ ජයලලිතාගේ අන්නා එම්. කේ. පක්‍ෂයේ පිරිස ඉන්දීය පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව මහත් කලබැගෑනියක්‌ ඇති කරමින් ඇමරිකානු යෝජනාවට එරෙහිව ඉන්දීය රජය සහය දැක්‌විය යුතු යෑයි පවසා ඇත.

ඉන්දීය පාර්ලිමේන්තුවේදී මේ කලබැගෑනිය ඇති කළේ ඩී. එම්. කේ. පක්‌ෂයේ මන්ත්‍රී තිරුචි ශිවා කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ඩී. රාජා, භාරතීය ජනතා පක්‍ෂයේ චෙන්නායි හයිද්‍රd යන මන්ත්‍රීවරුන්ය. එහෙත් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධයෙන් තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති කරුණානිධි හා මහඇමැතිනී ජයලලිතාටද එරෙහිව චෝදනා එල්ල විය යුතුවේ.

කොටි නායක ප්‍රභාකරන් සිය ඝාතන ක්‍රියාදාමයන් සඳහා සියලු උපාංග ලබාගත්තේ තමිල්නාඩුවෙනි. තමිල්නාඩුවේ දේශපාලනඥයන් මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුධ අපරාධ චෝදනා එල්ලකරන්නේ නම් ඉන්දීය සාම සාධක බළකාය විසින් වැල්වැටිතුරේ ද්‍රවිඩ ගම්මානයක්‌ සහමුලින්ම විනාශ කිරීම සහ යාපනය රෝහලේ සිදුවූ මිනිස්‌ ඝාතන ගැනද නිසි විමර්ශනයක්‌ සිදුවිය යුතුය.

මෙලෙස තමිල්නාඩු දේශපාලනඥයන් කීපදෙනකු විසින් කොටි හඬ නගද්දී මෙරට එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ද ජිනීවාහි රංගනයක යෙදී සිටී.

සුනිලා අබේසේකර නමැත්තිය විසින් බී. බී. සී. සංදේශය වෙත මෙලෙස පවසා තිබේ.

ඉතාමත් ශක්‌තිමත් යෝජනාවක්‌ වෙනුවෙන් අපි නැගී සිටින්නෙමු.

මෙයට අමතරව කැනඩා කොටි වෙබ් අඩවියක මෙලෙස සඳහන්වේ.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව සාකච්ඡාවට ලක්‌විය. එම සාකච්ඡා මණ්‌ඩපය පාක්‍යසෝති සරවනමුත්තු සහ ගැරී ආනන්ද සංගරීගෙන් යුක්‌ත විය.

මෙහිදී සරවනමුත්තු නමැත්තා ශ්‍රී ලංකා රජයට දැඩි දොaෂාරෝපණයක්‌ කරනු ලැබීය. මෙහිදී ගැරී ආනන්ද සංගරී නමැති කොටි හිතවාදියා ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා හමුදාව අතවරවලට ලක්‌කර ද්‍රවිඩ කාන්තාවන් මරාදමන බවට තවත් ප්‍රකාශයක්‌ කළේය.

සුනිලා අබේසේකර, ගැරී ආනන්ද සංගරී, පාක්‍යසෝතී සරවනමුත්තු, නිමල්කා ප්‍රනාන්දු නමැති එන්. ජී. ඕ. කල්ලියේ මෙම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවාද මණ්‌ඩපය සංවිධානය කර තිබුණේ ඇමරිකාවේ දූෂිත හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයයි.

මේ සංවිධානය අරමුදල් එකතු කිරීමේදී දූෂණ සිදුවී ඇති බවට ජෙෆ්රි ගෝල්ඩ්බර්න් නමැති මාධ්‍යවේදියා විසින් හෙළිකෙරුණි.

Fමබා ර්සිසබට ජදරරමචඑසදබ aඑ Hමප්බ රසටයඑs උaඑජය

එසේම හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය ඇමරිකාවේ විදේශ පිළිවෙත සමග සමීප සබඳතාවක්‌ දක්‌වයි.

මේ පසුබිම මැද ඇමරිකානු යෝජනාවට පක්‌ෂව මෙරට එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ව ජිනීවා වෙත ගෙන්වා ඇත්තේ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය බව සනාථවේ.

මෙහිදී මෙරටින් ජිනීවා ගිය එන්ජීඕ ක්‍රියාකාරිකයන් උතුරේ හමුදාව 13 හැවිරිදි දරියක්‌ අතවරයට ලක්‌කර ඇතැයි චෝදනා කළේය. එහෙත් එවන් සිද්ධියක්‌ යාපනයේ පොලිසියේද සටහන් වී නැත.

සරවනමුත්තු නමැත්තා ද ප්‍රකාශයක්‌ කරමින් තමා ජීවත්වන ප්‍රදේශයේදි මියගිය නාඳුනන අයකුගේ සිරුරට ගිනිතබා ඇතැයි පවසා ඇත. එසේම උතුරේ ද්‍රවිඩ ජනතාව සතු ඉඩම් හමුදාව විසින් අත්පත්කරගන්නා බවද ඔහු පළ කළේය.

මෙලෙස ශ්‍රී ලංකාවෙන් ගිය පී. සරා ප්‍රමුඛ එන්. ජී. ඕ. කල්ලිය ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රෝධය හා වෛරය ව්‍යාප්ත කරද්දී චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ ප්‍රභාකරන් හා ඔහුගේ පුත් බාලචන්ද්‍රන්ව ජිනීවා වෙත ගෙන ආවේය.

ශ්‍රී ලංකා හමුදාව විසින් ප්‍රකාශයට පත් කළ ඡායාරූප ඉදිරිපත් කරමින් ඔහු පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවක්‌ ද ප්‍රදර්ශනය කළේය.

ශ්‍රී ලංකා හමුදාව බාලචන්ද්‍රන්ට වෙඩි පහක්‌ තැබූ වා. ප්‍ර්‍රභාකරන්වත් අත්අඩංගුවට ගැනීමෙන් පසු මැරුවායෑයි ඔහු නන්දිකඩාල් කලපුවේ සිටියාක්‌ මෙන් විදෙස්‌ මාධ්‍ය අමතා කියා සිsටියහ.

එසේම මැක්‌රේට සහය පිණිස කොටි රංගන ශිල්පීහු රැසක්‌ ජිනීවා වෙත පැමිණ සිටියහ. ඒ කොටි සංවිධානය වෙනුවෙන් කටයුතු කළ කැරන් පාකර් සහ යුරෝපා මන්ත්‍රී රොබට්‌ ඉවන්ස්‌ය. ඔවුන්ට සහය පිණිස හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිස්‌ ආබර් සහ දරුස්‌මාන් කමිටුවේ යස්‌මින් සුකාද ජිනීවාහි ස්‌ථානගතව සිsටියහ.

එහෙත් මේ කිසිවෙක්‌ ඇමරිකානු සීල් බළකාය විසින් බින්ලාඩන්ට වෙඩිතබා මැරූ අයුරු දැක්‌වෙන ඡායාරූප ඉදිරිපත් කළේ නැත.

මේ පසුබිම මැද පෝරම් ඒෂියා නමැති එන්ජීඕ සංවිධානය විසින් ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ හෙළ උරුමය විසින් මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට තර්ජනය කරන බව දක්‌වමින් මානව හිමිකම් සමුළුව වෙත සාවද්‍ය පැමිණිල්ලක්‌ යොමු කර ඇතැයි හෙළි විය.

මෙම තත්ත්වය මත කොටි කොන්ත්‍රාත්තුව ගත් චැනල් පෝ රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ පවසන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව ඉඩම් හා නිවාස අත්පත්කර ගැනීම නිසා දසදහස්‌ ගණනක්‌ උන්හිටි තැන් අහිමිවී ඇති බවයි.

ද්‍රවිඩ තරුණ පරපුර ක්‍රෝධයෙන් පසුවනවායයිද මැක්‌රේ සිය කොටි කොන්ත්‍රාත්තුව අකුරටම ඉටුකරමින් පවසා ඇත.

මගේ ශබ්ද කෝෂයේ යටත්වීමක්‌ හෝ සමාවක්‌ නැත යයි ප්‍රභාකරන් විසින් පවසා තිබුණි.

එහෙත් මැක්‌රේ නමැත්තාට දිවැස්‌ ඇත.

ප්‍ර්‍රභාකරන් යටත්වූ බවද ඔහු පවසයි. හමුදා නිලධාරියකු තමන්ට තොරතුරු හෙළිකළ බවද ඔහු කියා සිටී. එම හමුදා නිලධාරියා කව්දැයි ඔහු හෙළිකරන්නේ නැත.

එසේ වුවත් මැක්‌රේගේ වීඩියෝ පටයේ පිටපත සැකසුම තිරරචනය සංගීතය සැපයී ඇත්තේ කොළඹ කොටි හිතවාදීන්ගෙනි.

මැක්‌රේගේ මීළඟ චිත්‍රපටය ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා සහ බිරිය මදිවදිනි හමුදාව මැරූ බවට පෙන්නුම් කිරීම බවද පැහැදිලිය. ප්‍රභාකරන්ගේ නියෝග මත ගම්මානවල සිටි කුඩා ළදරුවන්ව ගස්‌වල ගසා බිහිසුණු ලෙස මරද්දී මේ එන්ජීඕ කල්ලිය ජිනීවා ගියේ නැත.

අධ්‍යක්‍ෂක මැක්‌රේ චිත්‍රපට නිර්මාණය කිරීමට ද උත්සාහ නොකළේය.

අද ඔහු ප්‍රභාකරන් ඝාතකයා සහ ඔහුගේ පුත්‍රයාව ජිනීවා ගෙන ආවේ කොටි සැලසුම මතය. ඒ සඳහා ඩොලර්වලට රට පාවාදෙන මෙරටින් පැන ගිය දීන හමුදා නිලධාරියකුද සහය වී ඇත.

එසේම බටහිර මාධ්‍ය පාර්ශ්වයන් 12 ක්‌ද මැක්‌රේ සහ මෙරට එන්. ජී. ඕ. කල්ලිය වෙත උපකාරී වී තිබේ. මේ පසුබිම මැද නෝර්වේ රජය ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම ගැන ප්‍රමාදයකින් තොරව විමර්ශනයක්‌ කරන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලමින් ඇමරිකානු යෝජනාවට සහය දක්‌වා ඇත.

ප්‍රභාකරන් සමූල ඝාතන සිදු කරද්දී නෝර්වේ රාජ්‍යයට ජාත්‍යන්තර මානුෂීය නීතිය සිහිපත් වූයේ නැත.

මේ වාතාවරණය යටතේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නැතැයි එන්. ජී. ඕ. කල්ලිය ජිනීවා ගොස්‌ පවසා ඇත. එහෙත් එන්. ජී. ඕ. කල්ලිය ජිනීවා ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව බේගල් පවසා නිරුපද්‍රිතව කටුනායකට පැමිණෙති.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් මොවුන්ට නිදහසේ කටුනායකින් රටට ඒමට ඉඩ ලැබෙන්නේ කෙසේද?

මේ එන්ජීඕ කාරයන්ට අද සිදුවී ඇති බරපතල ප්‍රශ්නය නම් ප්‍රභාකරන් කෙනෙකු සොයාගැනීමට නොහැකි වීමයි.

ඒ නිසා ශ්‍රී ලංකාව නරකාදියේ විවරය යයි යෑකක යදකැ මොවුන් ජිනීවාහිදී ප්‍රකාශකර තිබේ.

එහෙත් 30 වසරක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාව නරකාදියේ විවරයක්‌ කළේ ප්‍රභාකරන්ය. ප්‍රභාකරන් මිනීමරද්දී මුව වසාගෙන සිටි මේ එන්ජීඕ කාරයන් එදා ශ්‍රී ලංකාව නරකාදියේ විවරය කිරීම සඳහා ප්‍රභාකරන්ට සහය වූහ.

මේ අතර ආර්. සම්බන්ධයෙන් පිටු 15 ක සංදේශකයක්‌ පෙරේදා (14 දා) දහවල් ජිනීවා මානව හිමිකම් සමුළුවට යවා ඇත. ගතවූ මාස 5 තුළ පුද්ගලයන් 32 ක්‌ පැහැරගෙන ගොස්‌ ඇති බවත් ඉන් 10 දෙනකුගේ සිරුරුවල වෙඩි තැබූ සලකුණු ඇතැයිද සම්බන්ධන් එම සංදේශයෙන් දක්‌වා ඇත.

මේ හැර කොළඹ පදිංචි ද්‍රවිඩයන්ව පැහැරගෙන ගොස්‌ කප්පම්ගන්නා බවටද ද්‍රවිඩ කාන්තාවන් වෛශ්‍යා වෘත්තියේ යොදවන බවටද චෝදනාකරන සම්බන්ධන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ ක්‍රියාත්මක කරන්නැයිද මානම හිමිකම් සමුළුවට කියා සිටී. මෙහි තේරුම නම් ඇමරිකානු යෝජනාවට සමගාමීව හමුදාවක්‌ ශ්‍රී ලංකාවට එවාපල්ලා යන්නයි. මේ නිසා රටේ ෙද්‍රdaහීන් කවුරුන්දැයි ජනතාව දැන්වත් තේරුම්ගත යුතුය.