Wed. Jul 3rd, 2024
Champika Ranawaka
Spread the News

අනෙකුත් සියලු වෘත්තීන් අතර වෛද්‍ය වෘත්තීය ශ්‍රී ලංකාවේ සමාජ හා සංස්කෘතික සන්දර්භය තුළ ගෞරවනීය පමණක් නොව පූජනීය තත්ත්වයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට බෞද්ධ ඉතිහාසයක් තිබෙන නිසයි.

බුද්ධදාස වැනි රජවරුන් වෛද්‍ය පමණක් නොව ශල්‍ය වෛද්‍ය තත්ත්වයෙන් සැත්කම් විස්කම් කර ඇති බව අපි සැවොම දන්නවා.

එහෙත් අවාසනාවකට මෙන් කාලකන්ණි, තක්කඩි, චිරස්තීන දේශපාලුවන්ට කඩේ යෑම නිසා ඇතැම් වෛද්‍යවරු තමන්ගේ වෘත්තිය කෙසාගෙන හත් පොළේ ගා ගත් දේවල් නොසෝදාගෙනම කරළියේ රඟන එක ශෝචනීයයි.

අපේ පවුල් වලට වෛද්‍යවෘතීය අලුත් දෙයක් නොවේ. මගේ බිරිඳ ඇතුළු මාහට සම්බන්ධ සියලුම වෛද්‍ය ඥාතීන් ඉතාමත් ගරු කටයුතු අන්දමින් තමන්ගේ වෘත්තිමය සේවය අවසන් කර විශ්‍රාම සුවයෙන් පසු වෙනවා. ඔවුන්ගෙන් කිසි කෙනෙක් ජඩ දේශපාලනයේ කොටස්කරුවන් වී සිටියේ නැහැ.

වෛද්‍ය ගයන්ට චම්පික වීරයෙක් වෙන්න පුළුවන්.

දිනක මා මගේ ජීවිත කතාව පොතක් හැටියට පළ කරන වෙලාවක කාට කාටත් දැන ගැනීම පිණිස චම්පිකගේ පමණක් නොව චම්පික දරදිය ඇද්ද පව්කාර හැත්තගේත් පැඩිගිරිය පිළිබඳව සටහනක් තබන්නේ මෙවැනි පව්කාරයින් අතේ දුරින් පමණක් නොවෙයි ගව් ගණනක් ඈතකින්වත් තබාගන්න එපා කියන අවවාදය දීම සඳහායි.

මම විශ්‍රාම ගොස් වසර 15කට ආසන්න වුවත් සෙනසුරාදා ඉරිදා කියා වෙනසක් නැතුව දිනකට පැය 15කටත් 20කටත් කාලයක් අසනීපයෙන් පසුවන මගේ බිරිඳගේ උවටැන් කටයුතු මෙන්ම මා මගේ උපන් භූමිය වෙනුවෙනුත් යම්කිසි කාර්යභාරයක් ඉටු කරනවා.
වසර පනහක පමණ කාලයක් තිස්සේ මා නිදාගන්නේ දිනකට පැය 4ක හෝ පැය 5ක කාලයක් පමණයි. ඒත් මම ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා.

වෛද්‍ය ගයන්, මාව විශ්‍රාම ගන්වන්න ඔබට තියා ශක්‍රදෙවියන්ටවත් බැහැ.
ඔබ වැන්නකු ජීවත් වුණත් මගේ ලෝකය තුළ ඔබ මළකඳක් පමණයි.

ඔබ චම්පිකව ප්‍රිය කරන්නෙත් චම්පික ඔබව ප්‍රිය කරන්නෙත් මළවුන්ගේ ලෝකයක සිටයි.

අපේ කණ්ඩායමේ චිරස්ථිතිය සඳහා මම ඔබව ඉවත් කරනවා නොව පන්නා දමමි.

අනාගතයේ ලැගීම සඳහා සුදුසු ගුබ්බෑ‍යමක් සොයාගන්න!

-තෙවැනි ඇස-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *