Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtecy colombotelegraph

චන්ද්‍රිකා! මම ඔබගේ පියාට ඉතාමත් ගරු කළා. මම ඔබගේ මව සමග සමීපව කටයුතු කළා. ඇගේ උපදේශකයෙක් වශයෙන් ද පක්ෂය තුල ක්‍රියාත්මක වුණා.

මම මහජන පක්ෂයේ ආරම්භකයෙක් බවත්, එම පක්ෂයෙන් කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායකවී සිටි බවත් ඔබ දන්නවා.

දිවංගත විජය කුමාරතුංගයන් මා මගේ සහෝදරයෙක් මෙන් සැලකුවා.

ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව විජයගේ මිනීමරුවන් සමග ඔබ කටයුතු කළා. ඔබට මොළයක් තිබුනානම් එම ශ්‍රේෂ්ඨ මිනිසාව රැකගන්න තිබුණා.

ඔබගේ මව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඔබට තරම් අධ්‍යාපනයක් නොතිබුනත් දේශපාලනයේ දී ඇයට තිබුණු ප්‍රායෝගික දැනුම ඔබට කවදාවත් තිබුණේ නෑ.

ඔබත් මෛත්‍රිපාලත් දෙදෙනා ම ඉතිහාසයට එක් වන්නේ ලංකාවේ සිටි අසාර්ථකම පාලකයන් දෙදෙනා හැටියටයි.

දහතුන් වෙනි සංශෝධනය නැතිව කිසිවක් කරන්න බැහැ කියා කියන්න තරම් ඔබ දේශපාලනය බංකොලොත් වීම දිවංගත ඔබගේ පියාණන්ටත්, මවටත් විජය කුමාරතුංගයන් ටත් කරන නිගරුවක්.

මම මුලින්ම ඔබට කියා කියාදෙන්න ඕනේ ලංකාවේ ප්‍රශ්නය වාර්ගික ගැටලුවක් නොව ප්‍රධාන වශයෙන්ම ඉන්දියාවත්, ඇමෙරිකානු CIA සහ වතිකානුවත් එක් වී කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව දේශපාලන හා ආර්ථික වශයෙන් අස්ථාවර කිරීමට දසක ගණනාවක් තිස්සේ කරනු ලැබූ දීන උත්සාහයයි.

උතුරේ ත්‍රස්තවාදය ඉහත කී තුන් කට්ටුවේ අවජාතක දරුවායි. “කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි” කිව්වා සේ මේ කියන ජාත්‍යන්තර ද්‍රෝහීන් අදත් උත්සහ කරන්නේ ශ්‍රී ලංකාව විනාශ කිරීමටයි.

දහතුන්වැනි සංශෝධනය නැතිවම බැහැ කියා සාමාන්‍ය මිනිසෙක් කීවා නම් අපට එය ප්‍රශ්නයක් නොවේ.

ලෝක ප්‍රකට පැරිස් සෝබෝන් විශ්ව විද්‍යාලයේත් ඉගෙන ගත්තා යැයි කියන රාජ්‍ය පාලකයින් දෙදෙනෙකුගේ ම දියණියක් දේශපාලන වශයෙන් මේ තරම් බොළඳ වීම තුළ ඊනියා නිදහස ලැබූ දා සිට ශ්‍රී ලංකාව ගමන් කර ඇත්තේ කුමන දිශාවටද යන්න මනාව පැහැදිලි කරනවා.
ඔබ උගතෙක් විය හැකියි. ඒත් ඔබ බුද්ධිමතෙක් නොවන බව සනාථ වන්නේ ඔබ පෙනී සිටින්නේ සිංහල-බෞද්ධ නොවන වෙනත් ආගමික හා ජන කොටස්වල අයිතිවාසිකම් වෙනුවෙන් යයි කරන ලද ප්‍රකාශයෙන්.

ඔබ පවසන අන්දමට ශ්‍රී ලංකාවේ සියළුම බලතල හා වරප්‍රසාද එක්රැස් වී තිබෙන්නේ සිංහල බෞද්ධයින් තුළයි.

එක් අතකින් මෙය අභූත චෝදනාවක්. අනෙක් පැත්තෙන් එය ඔබගේ දේශපාලන දැනුමේ බංකොලොත්භාවය ප්‍රකට කරන ඛේදවාචකයක්.

1995 වසරේ දී මා ඔබට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිට ලියන ලද ලිපියේ ශ්‍රී ලංකාවේ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයට විද්‍යාත්මක විසඳුම් කවරේද යන්න සඳහන් කර මාගේ දැනුමෙන් ශ්‍රී ලංකාවට සේවය කිරීම සඳහා දිවයිනට ආපසු පැමිණීමේ බලාපොරොත්තුවක් ඇති බව පැවසුවා.
ඔබගේ මෑණියන් යටතේ මා අනාගත පාර්ලිමේන්තුවක කැබිනට් ඇමැති ධුරයකට නම් කර තිබූ බවත් ඒ සඳහන් කළා.
නමුත් ඔබ ඒ වෙනුවට ළං කරගත්තේ මිනීමරා ජනාධිපති ගේ මැදිහත්වීමක් තුළින් හය මාසයක් නිවාස අඩස්සියේ තබා ඉන්පසු සඳුන් වතුරෙන් නහවා පවිත්‍ර කරගත් පුද්ගලයෙක් බව මුළු රටම දන්නවා.

එස් බී දිසානායක කියන්නේ මා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ කළ පුද්ගලයෙක්. මාගේ උපදෙස් පිට පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසුණු කෙනෙක්.
පසු කාලයක ඔහු මොන තරම් දේශපාලන වශයෙන් වැරදි කරනු ලැබුවේ ද. ඒ ඔහු ඔබගේ අනුශාසකත්වය ලැබූ දා සිටයි.

ඔබට දේශපාලන අතීතයක්ද නැත. වර්තමානයක් හෝ හෙටක්ද නැත.

ඔබ පාර්ලිමේන්තුවේ නැතත් ජනතාව විසින් එළවා දමන්නට බලාපොරොත්තුවන 225ට ඔබත් අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතුයි.

එය රටටත් හොඳයි ඔබටත් හොඳයි.

  • එඩ්වර්ඩ් –
    30.03.2023