Fri. Sep 6th, 2024
Spread the News

කෙනෙක්ව ඝාතනය වූ පළියට මියගිය තැනැත්තාගේ පක්ෂයට හෝ බිරිඳට ජන අනුකම්පාවක් ලැබී එම පක්ෂය මැතිවරණයකින් ජයග්‍රහණය කරන බව මොහුගේ පුරෝකථනය ජාතික ජන බලවේගයට
ආවැඩීමක් පමණක් බව කිව යුතුයි.

මේ සඳහා මා උදාහරණ කිහිපයක් දෙන්නම්.

1959 දී SWRD බණ්ඩාරනායක මහතාව ඝාතනය කරනු ලැබුවා.

එතුමාගේ බිරිඳ සිරිමා බණ්ඩාරනායක 1960 මාර්තු මැතිවරණයේදී පරාජය වුණා.

එම වසරේම ජූනි මස පැවැත් වූ මහ මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිනියට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ සැමියාගේ මරණය නිසා ලැබුණු අනුකම්පාව මත නොව සම සමාජ හා කොමනිස් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකාබද්ධ වීම නිසයි.
1986 දී Corazon Aquino පිලිපීනයේ බලයට පත් වන්නේ ඇගේ ස්වාමියා වූ Benigno Aquino ගේ ඝාතනයෙන් පසුව නමුත් දිගටම බලයේ රැඳී සිටීම සඳහා අවශ්‍ය ජනතා සහයෝගය නොලැබුණේ ඇමරිකානු CIA සහ වතිකානුව Ferdinand Marcos ට නැවත වතාවක් බලය ලබා ගැනීම සඳහා උදව් කළ නිසයි.

1993 මැයි පළමුවෙනිදා කොළඹදී ඝාතනය වුණු ජනාධිපති ආර් ප්‍රේමදාසගේ බිරිඳට හෝ පුතාට අනුකම්පාව මත හෝ මේ වනතුරුත් බලයට ඒමට නොහැකි වුණා.

රෝහණ විජේවීරව 1989 නොවැම්බර් 13 වැනිදා පණ පිටින් පුළුසසා මරා දැමුවත් ඔහුගේ බිරිඳට හෝ දරුවකුට මේ වනතුරුත් පාර්ලිමේන්තුවට වත් තේරී පත්වීමට බැරිවුණා.

1994 දී  චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත් වන්නේ ඇගේ ස්වාමිපුරුෂයා වන මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංගගේ ඝාතනය නිසා නොව
ශ්‍රීලංනිපයට හා බණ්ඩාරනායක මැතිණියට තිබුණු පිළිගැනීම හා ජනප්‍රියතාවය නිසයි.

මෙවැනි උදාහරණ මෑත ලෝක දේශපාලන ඉතිහාසයේ අනන්තවත් තිබෙනවා.

අනුර කුමාර දිසානායකෝ ඝාතනය කළ කළහොත් පක්ෂය 80% ඡන්ද ප්‍රතිශතයක් ලබන බව මෙම කථිකයා (හිටපු පොලිස් නිලධාරී ධර්මපාල) පවසන්නේ වාසි පැත්තට හෝයියා නිසා බව හොඳටම පැහැදිළියි.

-තෙවැනි ඇස-
17.07.2024