Mon. Jul 8th, 2024
Spread the News
Picture Courtesy Discovery.com

හැමදේම කාලයට ඉඩ දී බලා ඉන්න බෑ. ඉතිහාසය කියන්නේත් කාලයක්. ඒ කියන කාලය ඉබේ ඇතිවන දෙයක් නොව මිනිසුන් විසින් නිර්මාණය කරන දෙයක්.

මිනිසා ඔහුගේ භෞතික හා භෞතික නොවන පරිසරය හා සමග කරන ගනුදෙනුවේදී මේ කියන ඉතිහාසය නිර්මාණය වෙනවා.

මිනිසුන් අතරින් එක කොටසක් ඉතිහාසය නිර්මාණය කර ඒ තුළ ජීවත් වෙනවා.

තව කොටසක් පරපෝෂිතයන්සේ දක්ෂ මිනිසුන් විසින් නිර්මාණය කළ ඉතිහාසය කා දමමින් සිටිනවා.

ආගම් ජාති භූගෝලීය කලාප සමේ වර්ණ, කුල ගෝත්‍ර වශයෙන් හඳුනාගන්නේ ඉහත කී ඉතිහාසය නිර්මාණය කරන හා ඉතිහාසය කාදමන මිනිස් කොට්ඨාශවල අනු බෙදීම් වශයෙන්.

ගෝත්‍රවාදී පටු බෙදීම් තුළ සිර නොවී සකල ලෝක සත්ත්වයා වෙනුවෙන් කළ යුතුව ඇති මෙහෙවර ඉටු කරන මිනිසා, මිය යන්නේ කයින් පමණි.

යුතුකම් ඉටුකිරීම පිළිබඳ සවිඥානික බව තුළ මිහිතලය මත සැබෑ මිනිසාගේ චර්යා ධාර්මික භූමිකාව නිර්වචන වනු ඇත.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
21.04.2023