Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy Google

ආරියතිලක
2023.03.25

දස අකුසලය සහ සම්බුදු සසුන එකට පවතින්නේ නැත.

එක්තරා මිනිසෙක් විෂ්ණු බැතිමතෙක් විය. විෂ්ණුගේ මූර්තියක් තම නිවසට නිවසට ගෙනවිත් උස සථානයක තබා අදහන්නට විය. මෙහෙම කාලයක් යන විට පූජාවට තැබූ කෑ හැකි දෑ කෑමට මීයෙක් පැමිණෙන්න්ට විය. එක් දවසක් මීයා විසින් විෂ්ණුගේ මූර්තිය පෙරලන ලදින් බිම වැටී විෂ්ණුගේ මූර්තියේ සිරස කොටස බි‍ඳිණි.

ගෙහෙමියා කල්පනා කරණුයේ “භගාවාන් විෂ්ණුට වඩා මීයා බලවත්” යැ යි සිතා එදවස පටන් මීයා අදහන්නට විය. පොල් කෑලි පුළුස්සා මීයාට පුද පිණිස තබයි. මේ විපර්යාසය ගැන ගෙදර සිටින බළලාට ඉහිළුම් නැත. අඩුම තරමේ පුච්චපු පොල් කෑල්ලක්වත් බළලාට නොදේ. කල් යල් බලා, බළලා විසින් මීයා දඩයම් කොට මරා කන ලදී.

ගෙහෙමියා කල්පනා කරණුයේ “භගාවාන් විෂ්ණුට වඩා මීයා බලවත්” යැ යි සිතා එදවස පටන් මීයා අදහන්නට විය. පොල් කෑලි පුළුස්සා මීයාට පුද පිණිස තබයි. මේ විපර්යාසය ගැන ගෙදර සිටින බළලාට ඉහිළුම් නැත. අඩුම තරමේ පුච්චපු පොල් කෑල්ලක්වත් බළලාට නොදේ. කල් යල් බලා, බළලා විසින් මීයා දඩයම් කොට මරා කන ලදී.

ගෙහෙමියා සිතනුයේ ” භගාවාන් විෂ්ණුට වඩා මීයා බලවත්; මීයාට වඩා බළලා බලවත්” යැ යි සිතා එදා පටන් කුම්බලා ඔළු පුච්චා පූසාට දෙයි. මෙහෙම කාලයක් ගත වෙන විට ගෙදර සිටින බල්ලාට මෙය රුස්සන්නේ නැත. කුම්බලා ඔළු, කරවල මාළු වෙනදා මෙන් බල්ලාට ලැබෙන්නේ නැත. සියලු දේ බළලාට ය. මෙය නො රිස්සු බල්ලා එක් දිනක බළලාගේ බෙල්ලෙන් අල්ලා පොළොවේ ගසා දිවි තොර කෙළේ ය.

ගෙහෙමියා සිතනුයේ ” භගාවාන් විෂ්ණුට වඩා මීයා බලවත්; මීයට වඩා බළලා බලවත්; බළලාට වඩා බල්ලා බලවත්” යැ යි සිතා මස් මාළු ඇතිව බල්ලාට හොඳට සලක යි. මෙහෙම කලක් ගත වෙද්දී ගෙහෙමියාගේ බිරිඳ පොල් ගාමින් සිටින අතර තුර වෙනත් කටයුත්තක් ස‍ඳහා සුළු මොහතක් බැහැර විය. ඒ ඇසිල්ලේ බල්ලා විසින් පොල් බෑයක් හොරා ගෙන යෑමට උත්සාහ කරන ලදී. ඒ මොහොතේ ගෙහෙමියාගේ බිරිඳ විසින් හිරමනයෙන් බල්ලට ගසන ලද අතර ඒ පහරින් බල්ලා ජීවිත්ක්ෂයට පත් විය.

ගෙහෙමියා කල්පනා කරනුයේ “භගාවාන් විෂ්ණුට වඩා මීයා බලවත්; මීයට වඩා බළලා බලවත්; බළලාට වඩා බල්ලා බලවත්; බල්ලට වඩා බිරිඳ බලවත්” යැයි සිතා ඒ මොහොතේ පටන් බිරිඳට වදින්න පුදන්න ගත්තේ ය. මේ විපර්යාසය ඉවසා ගත නොහී බිරිඳ ” මේ මිනිහට පිස්සු! මට වදින්නේ; මේ නෝන්ජල් මිනිහා සමඟ තවත් දීග කෑ නො හැක” යැ යි සිතා තම සවාමි පුරුෂයා අත හැර මවපියන්ගේ නිවසට ගියා ය. සැමියා කාත් කවුරුවත් නැති ව ගෙදර තනි විය.

පසු ගිය කාලයේ ලංකා දේශපාලනය ගැන විමසා බැලීමේදී දේශ්පාලන ඡන්ද ව්‍යාපාර මෙහෙය වූ දේශපාලන නායකයන් විසින් එක් එක් ප්‍රතිපත්ති දක්වන ලදහ. රට දියුණු කළ හැක්කේ අපගේ අසවල් ප්‍රතිපත්තිය තුලින් පමණයි කියූ විට ඡන්ද දායකයෝ ද වග විභාගයකින් තොරව ඔවුන්ගේ ප්‍රතිපත්ති විස්වාස කොට ඡන්දය දී ඔවුන් බලයට පත් කලහ. ටික කලක් යන විට තමන් බලයට පත් කළ ඇත්තන් කරන්නේ කියූ දේ නොවන බව අවබෝධ වෙත්. ඊට පසුව වෙන පිරිසකට බලය ලබා දෙත්.

දේශපාලනය කරන, කරවන එක් එක් ප්‍රතිපත්ති ගැන කතා කරන ඇත්තන්ට අමතක වූ දෙයක් ඇත. මේ ලංකාද්වීපය සම්බුදු රදුන්ට පූජා වීඇති බව ය. බුදු රදුන්ට පූජා වී ඇති මේ ලංකා භූමියේ රාජ්‍ය පාලනය බුදු රදුන්ගේ අභිප්‍රායට පාලනය කළ යුතු ය. බුදු රජුන්ගේ අභිප්‍රාය නම් දස අකුසලය පිටු දැකීම සහ දස කුසල් කිරීම ය. දස කුසලයෙන් පෝෂිත සමාජයක් සඳහා සතර සංග්‍රහ වස්තු බුදු රදුන් විසින් අනුදැන වදාළහ.
එයට පිටස්තරව ,තථාගත බුදුරදුනට හිමි භූමියෙහි එක් එක අයගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හිමි කමක් නැත.

මේ රට කිරුළක් හිමිව තිබූ, බුදු රදුන්ගේ සම්බුද්ධ ශාසනයේ උන්නතියට හෙළ කිරුළ මෙහෙය වූ උරුමය ලත් රටකි. ඒ හෙළ කිරුළේ හිමිකම මතු කරනවා මිස එක් එක් පුද්ගලයන්ගේ ප්‍රතිපත්ති වලට මේ රටේ හිමිකම් නැත.

බණ්ඩාරනායක ප්‍රතිපත්ති, ජේ.ආර් ධර්මිෂ්ඨ රාජ්‍යය, සුදු නෙළුම් ව්‍යාපාරය, මහින්ද චින්තනය, යහපාලන ආණ්ඩු කිරීම, සෞභාග්‍යයයේ දැක්ම, සමාජවාදය.
ආදී නම් වලින් දියත් කළ ප්‍රතිපත්ති සම්බුදු රදුන්ගේ ධර්ම විනයෙහි බහා බැලීමෙන් මෙය මැනවින් පැහැදිලි වනවා ඇත.

මේ එකදු ප්‍රතිපත්තියක්වත් බුදු රදුන්ට පූජා වූ භූමියෙහි සම්බුදු දහම පෝෂණය පිණිස නැත. දස අකුසලය පිටු දැකීම පිණිස නැත.

විෂ්ණුගෙන් පටන් ගෙන අවසානයේ තම බිරිඳට වැදුම් පිදුම් කරන තැනට පත් වූ පුද්ගලයා මෙන්, මුලින් වරදවා ගත් ඔහුට අවසානයේ වූයේත් වැරදීම ය.

අද පාලනය දෙස බැලීමේදී ද මුලින් “හොරා, හොරා” යැ යි චෝදනා ලත් පුද්ගලයන් ම චෝද්නා ලත් කරුණු අවසන් විමරශනයකින් තීන්දු ප්‍රකාශ නැතිව ම ” අද පාලනය හොඳ ම කෙනා තමයි මේ ඉන්නේ” “අපේ පත් කිරීම නිවැරැදියි ” යැයි කියමින් ඇතැමෙක් ප්‍රකාශ කරත්.

ධීවර ඇමති කම දැරූ පුද්ගලයන් ම බුද්ධ ශාසන ඇමති කමත් දැරූ රටක, ඒ චින්තන තුලින් සම්බුද්ධ ශාසනය සුරැකීමට පිටුවහලක් නොවුන බව නම් පැහැදිලි ය. දස අකුසලය සහ සම්බුදු සසුන එකට පවතින්නේ නැත.

බෞද්ධ කුලයට සිදු වී ඇති අසාධාරණය නම්, ඊනියා දේශපාලන ප්‍රතිපත්ති තුලි පක්ෂ දේශපාලනයට නතු කර, බුදු රදුන් කෙරෙහි පිහිටුවා ගත් යුතු සිත වෙනත් ඊනියා මතවාදයන්ට උපාදාන කොට වල්මත් කිරීම ය. මෙය බෞද්ධ කුලයට කර ඇති මහත් වූ ව්‍යසනයකි. බෞද්ධ කුල පදනම් සදාචාරයෙන් ඈත් වීමට මෙය සෘජුව ම බලපාන බව අපගේ අදහස ය.