Fri. Jul 5th, 2024
Spread the News

Page 29 | Buddhism Buddha Buddhist Images - Free Download on Freepik

බුදුදහමට බුද්ධාගම කියා දිගින් දිගටම ඇමතීමෙන් ඔබගේ යටි අරමුණ, එසේත් නැතිනම් සැඟවුණු අභිලාෂයේ සැබෑ මුහුණුවර එළියට පැන ඇත.

ප්‍රජාව ඇමතීමේදී මහා ගැඹුරු බවක් විදහා පෑවත් ඔබ තවමත් දැනුම් ලෝකයේ අතරමං වූ වෙක්.
බුද්ධිය ඔබට අකැප බවයි පෙනෙන්නේ.

සංවාදයට බුද්ධිගෝචර මුහුණුවරක් දෙනවා වෙනුවට බුදු දහම සමග ඇති සැඟවුණු වෛරයක් විධාරණය වීමට සළස්වා ඔබ ස්වයං වින්දනයක් ලබන බව පේනවා.

සමහරු ඕකට කාලකණ්ණි සතුට කියලත් කියනවා.

ඒ කුමක් වුවත් දහම තියා ඔබට විද්‍යාව වත් හරි හැටි තේරුම් ගැනීමට බැරි බව ඔබ අනුගමනය කරන තර්ක වේදය තුළින් මනාව ඔප්පු වෙනවා.

මා දිගින් දිගටම උත්සාහ කලේ නූතන විද්‍යාවේ ඇති සාපේක්ෂ බවත්, බුදු දහමේ ඇති නිරපේක්ෂ බවත් පාඨකයින්ට තේරුම් කර දීමටයි.

ගෙට ගොඩ වදින හැම කෙනකුටම බුරන සුනඛයෙක් සේ, ඔබ එකඟ නොවන පුද්ගලයින්ට පරිභව කිරීමට ඔබ පෙළඹී ඇත්තේ බෞද්ධ විරෝධී බලවේග විසින් කරනු ලබන “ගෙවීම්” හෝ “තුටුපඬුරු” නිසායයි
යමෙක් සැක කළ හොත්,,ඊට සාධක ඔබගේ තර්ක ක්‍රමවේදය හා භාෂා ශෛලිය තුළම අන්තර්ගත වී තිබෙන බව අප විසින් වටහා ගෙන තිබෙනවා.

මෙම ද්‍රෝහි ක්‍රියාවේ යෙදෙන පළමුවැන්නා හෝ අවසාන පුද්ගලයාත්
ඔබ නොවන බව අප දන්නවා.

විද්‍යාව සහ බුදුදහම අතර සමීප බව හෝ දුරස්ථ බව හදාරන්න කලින් බුදු දහම සහ “බුද්ධාගම” අතර තිබෙන වෙනස හඳුනා ගන්න උත්සාහ කරන්න.

ගෞතම බුදුන්ට කළින් උගත් බුද්ධිමත් ආගමික ශාස්තෘවරුන් ලොවට පහළ වුණ ද
පටිච්ච සමුප්පාදය වැනි එතෙක් ලොව කිසිම ශාස්තෘවරයෙක් කතා නොකළ දර්ශනයක් ලොවට ඉදිරිපත් කලේ ගෞතම බුදුන් බවට
ඔබ නො පිළිගත්තාට, ඔබට වඩා සිය දහස් ගුණයකින් දැනුම හා බුද්ධිය ඇති විද්‍යාර්ථීන් විසින් පිළිගෙන තිබෙනවා.

ඔබ ඉතා බොළඳ ලෙස ඇදහිල්ලක් ගැන කතා කරනවා.

ඇදහිලි ආගම්වල මුහුණුවරින් මිනිස් ජීවිත වලට සම්බන්ධ වන්නේ මැවුම්කාර සර්වබලධාරී දෙවිවරුන් ලොවට පහළ වුණාට පසුවයි.

ඔබ හිතාමතාම සත්‍යය විකෘති කරමින් බුදුදහම ඇද ගෙන අවුත් නතර කර ඇත්තේ ආගමකට හේත්තු කරමින්.
බුද්ධාගම අදහන්නේ බෞද්ධයින් නොව දිය යටින් ගිනි ගෙන යන තක්කඩි ක්‍රිස්තියානි හා කතෝලික පූජකයින්.

ඔබත් සමහර විට අවිඥානිකව හෝ සවිඥානිකව සේවය කරන්නේ New World Order එක සඳහා කුමන්ත්‍රණය කරන ඉලුමිනාටි වැනි සංවිධානයකට විය හැකියි.
(The Unseen Hand: An Introduction to the Conspiratorial View of History ග්‍රන්ථය ලියූ
A. Ralph Epperson ගෙන් ඔබට බොහෝ දේ ඉගෙන ගත හැකි වනු ඇත).
ප්‍රශ්නය වන්නෙ එවන් ග්‍රන්ථයක් කියවා තේරුම් ගන්න තරම් ඔබගේ බුද්ධිය මුහුකුරා ඇද්ද යන්නයි.

-තෙවැනි ඇස-
20.10.2023