Mon. Jul 8th, 2024
Spread the News
Picture Courtesy of law and liberty

ධම්මික පෙරේරා ව ඇමතීමේදී ගරු ධම්මික පෙරේරා කියා ඇමතීමේ අවශ්‍යතාවයක් තිබේද?

ඉතාම දරුණු ගණයේ විසබීජ හා වෛරස් ඇතුළු රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය සහිත බහලූම් 100ක් ලංකාවට නීති විරෝධීව ගෙන්වපු ධම්මික පෙරේරාට “ගරු” ක්‍රියා ඇමතීමෙන් මෙම කොමිසම සමාජයට දෙන ආදර්ශය කුමක්ද?

ධම්මික පෙරේරා මුදල් ඉපයීමට දක්ෂ බව ලෝකයම දනී. මුදල් ඉපයීමට දක්ෂයි යනු කෙනකුගේ වැදගත්කම තීරණය කරන නිර්ණායකයක් නො වෙයි.
අනෙක් අතට ඉංග්‍රීසි භාෂාවේ ඇති වැදගත්කම කියාපාන්න ධම්මික පෙරේරා ගන්නා උත්සාහය පුදුම සහගතයි.
යුරෝපයේ එංගලන්තය හැර අනෙක් හැම රටක්ම පරිගණක ක්ෂේත්‍රයේ පමණක් නොව සමාජ ආර්ථික හා දේශපාලන කටයුතුවලදීත් පාවිච්චි කරන්නේ තමන්ගෙ රටේ භාෂාවයි. ආසියාවේ උදාහරණ හැටියට ජපානය දකුණු කොරියාව, චීනය මේසා දියුණුවක ලබාගෙන තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාව හරහා නොව රටේ ජනතාව කතා කරන සාම්ප්‍රදායික භාෂාවන් හරහායි.

ඉංග්‍රීසි නැතුව දියුණු වෙන්න බෑ කියන කතාව පිටුපස ඇත්තේ රටේ ජනතාව වහල් මානසික තත්වයට ඇද දමන කුමන්ත්‍රණකාරී කතිකාවක්.
පරිගණක තාක්ෂණය විසින් වර්තමානය වන විට ලෝකයේ ඕනෑම රටක මව් භාෂාවක් තවත් රටක බව භාෂාවකට පරිවර්තනය කිරීමට ගතවන්නේ තත්පර ගණනයි.
භාෂාව ලෝකයේ ආර්ථික සමාජීය හෝ සංස්කෘතික
සුරක්ෂිතතාවය සඳහා තවදුරටත් බාධකයක් වන්නේ නැහැ.

යටත් විජිත යුගයේ එංගලන්තයේ මහ රැජිනට හෝ රජ්ජුරුවන්ට තිබුණු භය පක්ෂපාතී කම තව දුරටත් රැක ගැනීමේ අවශ්‍යතාවයක් නිදහස ලබා වසර 74 ක් ගෙවුණු මොහොතක පැන නැගිය නොහැකියි.
අපි වචනයේ පරිසමාප්තියෙන්ම නිදහස් නම්, අපි තැන දිය යුත්තේ අපගේ යටත් විය ස්වාමියාගේ භාෂාව ඉගෙන ගැනීමට නොව අධ්‍යාපනයේ දියුණු තාක්ෂණ ක්‍රමවේදයන් ඉගෙන ගැනීමටයි.

එම තාක්ෂණ දැනුම ලෝකයේ ඕනෑම භාෂාවකින් ලබා ගැනීමේ හැකියාව අද දවසේ උපරිමයෙන්ම තිබෙනවා.

රට හදන්න කතා කරන කවුරු කවුරුත් මේ ගැන හිත යොමු කළා නම් හොඳයි
(Educational curriculum and overseas job opportunities පිළිබඳව මේ දිනවල විමසා බැලීම කරන චරිත හේරත්ගේ මූලිකත්වයෙන් යුත් කොමිසම ඉදිරියේ සාක්කි දුන් ධම්මික පෙරේරා ගේ හැසිරීමත්, ඔහුට ගරු නම්බුවක් ඈඳා කතා කිරීමෙන් කොමිසමේ සභාපති විසින් කර ඇත්තේ සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි අපගේ හැඟීම)

තෙවෙනි ඇස