Mon. Jul 8th, 2024
Spread the News

ගණිකා වෘත්තිය නීතිගත කල යුතු බව මම කීවම මට හරියට මඩපාරවල් වැදුනා

යුරේනි නොෂිකා– ගණිකා වෘත්තිය පැතිරීමට උදවු කරන්නෝ 

කොහොමද මේ දිනවල කලා කටයුතු එහෙම?
වරදක් නෑ. හොඳින් කරගෙන යනවා. මම කවදත් ලොකුවට වැඩ බදාගෙන කරන කෙනෙක් නෙමේ.
ඇයි ඒ රඟපාන්න කම්මැලිද…?
‍පොඩි කම්මැලි ගතියකුත් තියෙනවා. හොඳ නිර්මාණ ලැබිමේ අඩුව ප්‍රධාන වශයෙන් තියෙනවා. අනික ඉතින් මිනිසුන්ගේ මතකයේ රැඳෙන්න තිරයේ නිරන්තරයෙන් දකින්න ඕනෑ නෑ කියලයි මට හිතෙන්නේ.
ඒ වුණාට ජනප්‍රිය නිළිය සම්මානය තාම ගන්න බැරි වුණා නේද…?
මටම එස්.එම්.එස් කරගෙන ඔය සම්මානය ගන්න හිතෙන්නෙ නෑ. ඊට වඩා මට හැමදාම ලැබෙන ජනතා සම්මානය වටිනවා. පාරට බැස්සහම ඒක හුඟාක් හොඳින් තේරෙනවා.
මෙගා නාට්‍ය කින් ජනප්‍රිය වූ ඔබ එතනින් පසු මෙගාවල නෑ
දෙයක් කරන්න පුළුවන් චරිත විතරයි මම භාර ගන්නේ. ආවාට ගියාට චරිත කරන්නේ නෑ.
කලාත්මක නිර්මාණයක රඟපාන්න කැමැති නැද්ද…?
ඇත්තටම ඔව්.. අභියෝගාත්මක චරිතයක් කරන්න ආසයි. පසුගියදා සිහින සින්ඩරෙල්ලා නිර්මාණයේ නම් මුඩුක්කු චරිතයක් කළා. ඒ ගැන තෘප්තිමත්වයි ඉන්නේ.
දේශපාලනයට එන්න අදහසක් නැද්ද..?
අ‍පෝ නෑ. මම නීතියත් හදාරලා තියනවා. ඒ වුණාට ලංකාවේ දේශපාලනයට එන්නේ නෑ.
ආදරය විවාහය දකින්නේ කොහොමද…?
ආදරය හරිම සුන්දරයි. කෙනෙකුට ආදරය කරද්දි තනිවෙලා නෑ කියලා හිතෙනවා. ඒත් මම ආදරයෙන් පැරදිලා තියෙනවා. ඒ නිසා කෙනෙකුට ළං වෙන්න බයයි. විවාහයට ආසයි. අනාගතයේ විවාහය සිදු වේවි.
සුන්දර තරුණියක් පෙම්වතෙක් නෑ කීවොත් බොරු
අනේ ඇත්තමයි. මේ වෙද්දී මට පෙම්වතෙක් නෑ
පසුගියදා පුවත්පතක පළ වී තිබුණා ඔබ කියලා ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි කියලා අපේ රටේ.?
මම කවදත් සමබරව කතා කරන කෙනෙක්. මේ ප්‍රකාශයට මට හරියට මඩ වැදුණා. අපේ රටේ සාධාරණව කතා කරන්න බෑ. මම දකින සාධාරණ හේතු නිසයි මම  එහෙම කීවේ. හැබැයි බුද්ධිමත් අය දන්නවා මම කියපු දේ මොකක්ද කියලා…?
ඔබ දකින සාධාරණ හේතු මොනවද..?
දැන් බලන්න ගැහැනු කොයි තරම් අපේ සමාජයේ අසරණ වෙන අවස්ථා තියනවද..? ආදරය නාමයෙන් අසරණ කෙල්ලන්ගේ ජීවිත සමග සෙල්ලං කරන පිරිමි කොයි තරම්ද..? අන්තිමට තනි වෙන්නේ අසරණ වෙන්නේ ගැහැනු. ළිඳට වැටුණු පසු ළිං කටින්මයි ගොඩ විය යුත්තේත්. අපේ රටේ ඉහළ මිනිස්සුන්ගේ ඉඳන් පහළ මිනිස්සු දක්වාම ගණිකාවන් ළඟට යනවා. මේ වෘත්තිය නීතිගත කළොත් අපේ රටේ මේ සිදුවෙන අපචාර බොහොමයක් අඩුවෙන්න පුළුවන්.
ඔබ කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු කියලද…?
නීතිගත කරන එකේ කිසිම වරදක් නෑ.
ගැහැනියක් අන්ත අසරණ වූ පළියට ඇඟ විකුණන්න ඕනද..?
ඇත්තටම ඇඟ විකුණන එක පවක් දහම අනුව නම් ඒත් රැකියාවක් වශයෙන් මේ වෘත්තියේ නියැලෙන අය තම පවුල ජීවත් කරවන්න මේ දේ කරනවා. අපහසුතාවක් නැතුව කරගන්න පුළුවන් පරිසරයක් ඒ අයට ඕනේ. මම මේ කියන දේවල් බුද්ධිමත්වයි හිතන්න ඕන.
ගැහැනියක් කැමැත්තෙන් මේ වෘත්තියේ යෙදෙයි කියලා සිතනවාද…?
නැතිවෙන්න පුළුවන්. ඒත් අන්ත අසරණ වුණහම ජීවත්වෙන්න මුදල් අවශ්‍ය වුණහම යොමුවෙන්න පුළුවන් නේද…? අපි මානුෂිකවයි හිතන්න ඕන.
ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් අපචාර අඩුවෙයිද…?
බොහෝ දුරට අඩුවෙයි. දැන් බලන්න අපේ රටේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ කොච්චර සිදු වෙනවද…? අසහනයෙන් ඉන්න පිරිමි නේද මේවා කරන්නේ. ඉතිං ගණිකා වෘත්තිය නීතිගත කරපුවහම මේ අපරාධ අඩුවෙන්න ගොඩාක් ඉඩ තියෙනවා. දැන් බලන්න ඇතැම් රටවල මේ ප්‍රශ්න නැත්තේ මෙය නීතිගත කර තිබෙන නිසානේ. ඇත්තටම අපේ රටේ මේවා කතා කළත් වැරදියි. තේරුම් ගැනීම තමා ඉතිං…

මංජුල ප්‍රසාද් වීරසිංහ

http://www.thenation.com/wp-content/uploads/2015/04/SexWorkersRates1.jpg

Attention:

 Some 200 homosexual and transsexual sex workers were murdered between 1991 and 2003.

work as commercial sex workers and are HIV positive. In San Pedro Sula, the country’s second largest city, AIDS has infected 5.5% of the population. Many of these infections are from prostitutes who work in brothels throughout the country.

International routes for importing prostitutes

An infographic about the main routes used by smugglers for distributing human slaves on the european streets

AIDS & Prostitution in South America

The Girl in Heels | 2012

Five years ago, Violeta sold her body for the first time, earning $5 from her first customer. On her first night as a sex worker, she had 15 clients. Afterwards, she stood in the shower crying, wondering if financial security was worth becoming a commercial sex worker. Since then, Violeta has had as few as 10 clients a week and as many as 30 clients in a night. She said that the only time she is happy in this job is when she earns more than $200 in one night.

Violeta has been able to save up about $15,000 USD and hopes of earning $5,000 more so that she can fulfill her dream of buying a house and opening up her own minimarket, like her mother. She said that her dream is simple and not so far off from what other people dream of. Very few people who meet her during the day know that she is a sex worker because she does not want to endure their judgement and prejudice.

Though her work makes her unhappy, she is very proud of the fact that she is a hard worker and never accepts defeat. She ran away from a sexually abusive step-father and made an independent living, even though she is uneducated.

But the cost of this way of life is high- she has no friends, no stability, no true safety; and worst of all, no easy way out. Violeta’s hope is to raise the remaining $5,000 within the year so she can leave the commercial sex industry for a safer, happier life.

“It is like being a clown.”
-Violeta
http://livinggalapagos.org/en/girl-heels/

ගණිකා වෘත්තිය පැතිරීමට උදවු කරන්නෝ
විශාල කාන්තාවන් ප්‍රමාණයක් ඉහතකි වෘතියට ගොදුරුවී තම ජිවිතයද අනුන්ගේ ජිවිතයද විනාශ  වී ඇති බව මෙම  තැනන්ත්තිය නොදන්වා නොවේ . විවිධ රටවල ඒඩ්ස් රෝගය පැතිරීමට  විශාල හේතුවක්  වී ඇත්තේ ගණිකා වෘත්තියය . මෙවන්  මුග්ධ  සාකච්චා පත්‍රයන් මාර්ගයෙන්  පැතිරීම වහා නතර  කල යුතුවේ.

මැයට  පළමුව මෙම  වෘත්තියේ යෙදීමට සහ ලෝක  වාර්තාවක්  තැබීමේ අවශ්‍ය තාවයක්  ඇති බවද  පෙනේ ….