Mon. Jul 8th, 2024
Spread the News

කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය කොටි ගුහාවක්‌


source link:


“සිවිල් වැසියන් 7000 ක්‌ මියගියා”

– එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක ගෝඩන් වෙයිස්‌ 2009 කොළඹදී

“සිවිල් වැසියන් 40000 ක්‌ මියගියා”

– එ. ජා. හිටපු ප්‍රකාශක ගෝඩන් වෙයිස්‌ – ඔස්‌ටේ්‍රලියාවේදී

ගෝඩන් වෙයිස්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සිටි ප්‍රකාශකයායි. ඔහු 2009 වසරේදී ප්‍රකාශයක්‌ කරමින් සිවිල් වැසියන් 7000 ක්‌ මියගිය බව පැවැසීය. ගෝඩන් වෙයිස්‌ ඔස්‌ටේ්‍රලියාවට යැමෙන් පසු එකී සංඛ්‍යාව 40000 ක්‌ විය. බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනී සේවාව දක්‌වන්නේ ලක්‍ෂයක්‌ අතුරුදන්වී ඇති බවයි. කොටි හිතවාදී මහාචාර්ය ප්‍රැන්සිස්‌ බොයිල් පවසන්නේ සිවිල් වැසින් 50000 ක්‌ මියගිය බවයි. බ්‍රිතාන්‍ය කොටි වෙබ් අඩවිය පැවැසුවේ ලක්‍ෂ තුනක්‌ ඝාතනය කර ඇති බවය.

මේ පසුබිම මැද ගෝඩන් වෙයිස්‌ බ්‍රිතාන්‍ය මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකාව යුද අපරාධ කර ඇති බවත් එA ගැන ක්‍රියා කළ යුතු බවත් සෘජුව පවසා ඇත.

ගෝඩන් වෙයිස්‌ගේ මේ එක්‌ ප්‍රකාශයකින් ඔහු පවසා ඇත්තේ වන්නියේ කඳවුරක තුවාලකරුවන් අතර සිටි සිය මිත්‍රයකු තොරතුරු ලබාදුන් බවයි.

එසේ නම් ඔහුට තොරතුරු සපයා ඇත්තේ කොටි හිතවාදියකු බව පැහැදිලිය.

වෙයිස්‌ කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය තුළ සිටි ඊළාම්වාදියායි. ඔහු එක්‌සත් ජාතීන්ගේ නීතිරීති බිඳ දමමින් විදේශ මාධ්‍යවලට විවිධ ප්‍රකාශ කරනු ලැබීය.

වන්නි මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය තොරතුරු විදේශගත කිරීමේ මූලස්‌ථානය වූයේ ද කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයයි.

ගෝඩන් වෙයිස්‌ එහි මූලිකයා විය. මෙලෙස ශ්‍රී ලංකා රජයට එරෙහිව සාවද්‍ය තොරතුරු ලොව පුරා විකාශනය කළ වෙයිස්‌ට රජය කීපවිටක්‌ම අවවාද කළ නමුත් ඔහු එA ගැන තැකීමක්‌ කළේ නැත.

පසුගියදා ඔහු විශ්‍රාම ගියේය. ඔහුගේ ඊළාම් මෙහෙයුමේ 2 වැනි අදියර ආරම්භ වූයේ ඉන් පසුවය.

කොටින්ව බේරා ගනිමින් ශ්‍රී ලංකා හමුදාව සෘජුව යුද අපරාධ කළ බවට ඔහු සාක්‍ෂි ගෙතීය. ඔස්‌ටේ්‍රලියානු ගුවන්විදුලිය අමතමින් යුද අපරාධ සියෑසින් දුටු අයෙක්‌ මෙන් ඔහු බේගල් පැවැසීය.

ගෝඩන් වෙයිස්‌ගේ 3 වැනි මෙහෙයුම විද්වත් මණ්‌ඩල වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් ආරම්භ විය. කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය “කොටි ගුහාවක්‌” බවට පත් කළ ගෝඩන් වෙයිස්‌ කොටි වෙබ් අඩවි මෙහෙයවන්නන් සහ කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය සමග ද දැඩි සබඳකම් පවත්වනු ලැබීය.

ඔහු කළ ප්‍රකාශ කොටින්ගේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ පවා විකාශය විය. එසේම බටහිර තානාපතිවරුන් වෙත ශ්‍රී ලංකාවට එරෙහිව තොරතුරු සැපයුවේ ද මොහුයි. වරක්‌ ගෝඩන් වෙයිස්‌ කළ ප්‍රකාශයක්‌ දින 2 කට පසු එම ප්‍රකාශයම මෙරට සිටි ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ද පවසනු ලැබීය.

මෙම පසුබිම මැද වන්නි මෙහෙයුම දියත්වූයේ විදේශ සතුරන් කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය තුළ ක්‍රියාත්මක වන අවස්‌ථාවකයි.

විද්වත් මණ්‌ඩල වාර්තාව ඊට නිදසුන්ය. අපට තොරතුරු සැපයුවේ එක්‌සත් ජාතීන්ගේ විවිධ ආයතන බව එකී වාර්තාවේ දැක්‌වේ.

සිවිල් වැසියෝ 40000 ක්‌ මියයැම ගැන ද වාර්තාවේ සඳහන්වේ. මේ නිසා විද්වත් මණ්‌ඩල වාර්තාවට සාවද්‍ය තොරතුරු සපයා ඇත්තේ ගෝඩන් වෙයිස්‌ බව පැහැදිලිය.

මෙම වාර්තාවේ දැක්‌වෙන තොරතුරුවලින් මතුවන බරපතල ප්‍රශ්නය නම් ගෝඩන් වෙයිස්‌ වැන්නකු සැපයූ තොරතුරු නිවැරැදි ද යන්නයි.

“අපි මේ වාර්තා ගැන අපේම අධ්‍යයනයක්‌ කළෙමු” යෑයි එකී වාර්තාව සකස්‌ කළ කමිටුව කියා සිටී.

එහෙත් සැබෑ යථාර්ථය නම් වෙයිස්‌ වැනි ඊළාම්වාදීන්ගේ සාවද්‍ය තොරතුරු විද්වත් මණ්‌ඩලය පිළිගැනීමයි.

වාර්තාවේ පිටු රැසක ඇති කරුණු ඊට ප්‍රමාණවත්ය. බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනිය විසින් විකාශනය කළ වීඩියෝ පට හා තොරතුරු විද්වත් මණ්‌ඩලය විසින් පිළිගෙන තිබේ.

මේ නිසා තවදුරටත් සාක්‍ෂි කුමකටද? කොටින්ගේ ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය සැපයූ ඡායාරූප පවා විද්වත් මණ්‌ඩලය විසින් පිළිගෙන ඇති විටෙක මෙකී වාර්තාවේ නිරවද්‍යතාව පිළිබඳ සැක පහළ නොවන්නේද?

කොටි රූකඩය වූ බී.බී.සී. සේවාවට 2009 මැයි 11 වැනිදා ප්‍රකාශයක්‌ කළ ගෝඩන් වෙයිස්‌ පැවසුවේ වන්නිය ලේ විලක්‌ වීමට ඉඩ ඇති බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟවූ බවයි. එසේම ළමුන් 100 ක්‌ මරුමුවට පත්වී ඇති බවත් සිවිල් වැසියන් විශාල ලෙස මරා දමන බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.

රජය මේ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත අමින් අවාඩ් කැඳවා දැඩි විරෝධතා දක්‌වනු ලැබීය.

එසේ වුවත් ගෝඩන් වෙයිස්‌ සිය තානාපති වරප්‍රසාද භාවිත කරමින් ශ්‍රී ලංකාවේ හමුදාව විස සහිත බෝම්බ භාවිත කරන බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත තොරතුරු යවා ඇත. මින් සනාථ වන්නේ වෙයිස්‌ නමැත්තා කොටි න්‍යායපත්‍රය අනුව කටයුතු කළ බවයි.

එසේම ඔහුට තොරතුරු සැපයුවේ කොටි ඝාතක සමාගම පරාජයවීම වැළැක්‌වීමට උත්සාහ කළ මෙරට ෙද්‍රdaහීන් පිරිසකි. ඇමරිකානු හමුදාව ගල්µa යුද්ධයේදී යුද අපරාධ කළ බවට ඇමරිකාවේ කිසිදු පාර්ශ්වයක්‌ විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා යෑව්වේ නැත. ඊශ්‍රායලය විසින් යුද අපරාධ සිදු කළේ යෑයි දක්‌වමින් ඊශ්‍රායලයේ පිරිස්‌ ද එවන් ෙද්‍රdaහී ක්‍රියාදාමයක යෙදුණේ නැත. එහෙත් මෙරට සිදුවූයේ ඊට හාත්පසින්ම එරෙහි පාවාදීමකි. විද්වත් මණ්‌ඩල වාර්තාවෙන්ම එකී ෙද්‍රdaහී ක්‍රියාදාමයේ යෙදුන පිරිස්‌ හෙළි කර ඇත. එA රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, විද්වතුන්, අතරමැදියන්, තානාපතිවරුන්ය.

ප්‍රභාකරන් බිහිසුණු ඝාතන සිදු කරද්දී ගෝඩන් වෙයිස්‌ මෙන්ම මෙකී පාර්ශ්වයන් ද නිහඬ විය.

ඔවුන් කිසිවිටෙක එක්‌සත් ජාතීන්ගේ මහලේකම් වෙත කොටි ඝාතනවලට එරෙහිව වාර්තා යෑවීමට ක්‍රියා කළේ නැත.

අපේ සෙබළුන්ට අත්වාරු ප්‍රදානය කරනු වෙනුවට කොටින්ට අත්වාරු ලබාදීමට ක්‍රියා කළේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ය.

එම තත්ත්වය මැද ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මොවුන් සාවද්‍ය වාර්තා යෑවීම පුදුමයක්‌ නොවේ.

මෙලෙස කොටි ඝාතකයන් වෙනුවෙන් හඬ නඟන මාධ්‍ය පාර්ශ්ව අතර පිටුවහල්වී සිටින මාධ්‍ය හා මානව හිමිකම් ජාලය නමින් සංවිධානයක්‌ ද වේ. මේ ජාලයේ සිටින පිරිසගේ පසුබිම මෙසේය. එක්‌ අයෙක්‌ 1971 කැරලිකරුවෙකි. තවත් අයෙක්‌ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියායි. ඔහු ද 1971 කැරැල්ලේ කැරලිකරුවෙකි. කැනඩාවේ සිටින තවත් තැනැත්තියකට මරණ තර්ජන එල්ලවී නොතිබිණි. ඇය පවුලේ අර්බුද නිසා කැනඩාවට ගියාය. ජර්මනියේ සිටින තැනැත්තිය පුද්ගලික ලේකම්වරියකි.

එහෙත් ලෝක ප්‍රජාව හමුවේ මොවුහු මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිති. මේ පසුබිම මත මෙකී ව්‍යාජ පාර්ශ්වයන් ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නඟන්නේ විදේශ න්‍යාය පත්‍රයක්‌ මත බවට සැකයක්‌ නැත.

කීර්ති වර්ණකුලසූරිය