Fri. Jul 5th, 2024
Spread the News

ජනමාධ්‍ය අමාත්‍යංශය

රටක ජාතික ව්‍යවසන හමුවේ බොහෝ මාධ්‍යවේදීන් තම ජීවිත පවා පරදුවට තබා ඉටුකරනු ලබන කාර්ය අති විශාල යැයිද මෑත කාලීනව බොහෝ අවස්ථාවල මෙරට මුහුණදුන් ව්‍යවසන හමුවේ ශ්‍රී ලාංකීය ජනමාධ්‍යවේදීන් ඉටුකරනු ලැබුවේ වෘත්තීමය භාවය පසෙකලා සුවිශේෂී වූ ජාතික කාර්යභාරයක් යැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වත්මන් කොවිඩි -19 ව්‍යසනය හමුවේ මෙරට මාධ්‍යවේදීන් ඉටුකරනු ලබන සේවාව ඇගයීමට ලක් කරමින් අමාත්‍ය රඹුක්වැල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

” ඇතැම් ව්‍යසන අවස්ථාවල විවිධාකාරවූ දුෂ්කරතා හමුවේ එය අභියෝගයක් කරගනිමින් වෘත්තියට එහා ගොස් ජනතා සේවාවක් ලෙසින් එම ව්‍යවසන පරාජය කිරීමට ඔවුන් දැක්වූ ඉහළ දායකත්වය වත්මන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මාගේ දැඩි පැසසුමට ලක්වේ.

ඉකුත් වසරේ අගභාගයේ සමස්ත ලෝකයම වෙලාගත් ඉතා දරුණුතම මෙන්ම වේදනාකාරී ඛේදවාචකය වන වත්මනෙහි ලොවටම මහත් තර්ජනයක් වී ඇති කොවිඩ් 19 ව්‍යවසනය මේ වසරේ මුල් කාර්තුවේ මෙරටද වෙලා ගනු ලැබීය. එහෙත් සමස්ත ලෝකයටම ආදර්ශයක් දෙමින් එය පරාජය කිරීමට රටක් ලෙස අපට හැකිවිණි.

මෙහිදී බොහෝ ජනමාධ්‍යවේදීන් ඒ වෙනුවෙන් ඉටුකරනු ලැබූ කාර්යභාරය අපරිමිතය. ඇතැම් මාධ්‍යවේදීහු මෙය පරාජය කිරීමට ජනතාවට ලබාදුන් දැනුම,අවබෝධය සහිත තොරතුරු මෙන්ම පණිවුඩය වඩාත් ප්‍රබල විය.

බොහෝ මාධ්‍ය ආයතන ඒකාබද්ධව මේ වෙනුවෙන් පෙළගැසී ජනතාව දැනුවත් කරනු ලැබීය.
වර්තමානයේද අප එවැනිම අභියෝගයකට මුහුණදී සිටින අතර ඒ වෙනුවෙන් අදද බොහෝ මාධ්‍යවේදීහු විවිධාකාර දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙය පරාජය කිරීමට ගන්නා උත්සාහය ඉමහත්ය. .විශේෂයෙන් රට පුරා ප්‍රාදේශීය මාධ්‍යවේදීහු මේ වෙනුවෙන් ඉතාම දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරනු ලබයි. ජාතික කාර්යභාරයක් ලෙසින් මෙලෙස මෙම ව්‍යවසනය පරාජය කිරිමට සෑම තරාතිරමක ම මාධ්‍යවේදීහු ඉටු කරනු ලබන සේවාවට මාගේ ප්‍රණාමය පුදකරමි.

ඔබ ඉටු කරනු ලබන මෙම කාර්යභාරය වෙනුවෙන් ඉදිරියේදී නිසි ඇගයීම ලබාදීමටත් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමටත් අප අමාත්‍යාංශය කටයුතු කරන්නෙමු.”