Fri. Jul 5th, 2024
Spread the News

Picture  Courtercy : Vice Chancellor (VC), Sivakolundu Srisatkunarajah, met the students who were carrying out a hunger strike in front of Jaffna university, at 3am today and promised to start the process of rebuilding the Mullivaikkal memorial at its original location. He gave each of the students protesting a cup of Kanji (porridge) to end their hunger strike.

The Vice Chancellor, met the students who were carrying out a hunger strike in front of Jaffna university, at 3am today and promised to start the process of rebuilding the Mullivaikkal memorial at the same place. pic.twitter.com/UnHLUZts7c

Tamil Guardian (@TamilGuardian) January 11, 2021


නැවත ත්‍රස්තවාදී සැමරුම් ප්‍රතිස්ථාපනය කිරිමිට රජය කෙලින්ම දිරි දීමක් කර තිබේ නම්. එදා පැවති යහපාලන රජය අප්‍රියා සහගත වුවාසේ මෙම රාජ්ජය කාලයද,පාලකයන් ද අපහට අප්‍රියා සහගත වී යා නොයාමටනම් මෙවැනි දෙබිඩි පිළිවෙත් වහා ජනාධි පතිවරයා හෝ මැදිහත් වී ඉවත් කල යුතුවේ. යුදෙව්වන් අමු අමුවේ ඝාතනය කළ ජර්මන් ජාතික හිට්‌ලර්ව අද ජර්මනියේ  පවා සමරන්නේ නැත. අමෙරිකාවේ ද්විත්ව කුලුනට ප්‍රහාර එල්ල කොට අමෙරිකානුවන් තුන් දහසකට ආසන්න පිරිසක්‌ මරා දැමූ අල්කයිඩා ත්‍රස්‌තකල්ලියේ නායක ඔසාමා බින් ලාඩන් ඇතුළු මියගිය අල්කයිඩා ත්‍රස්‌තයන්ව අමෙරිකාවේදී සැමරීමට එහි පාලකයන් ඉඩ දෙන්නේ නැත කව්රු හෝ විශ්ව විද්‍යාල පාලකයෙක් එසේ ඉඩ දුනහොත් ඇමරිකන් ජනතාව කෙසේ හැසිරෙනු ඇත්ද? දහස්‌ ගණනක්‌ අහිංසක රටේ ජනතාව අමු අමුවේ කපා කොටා ඝාතනය කළ ත්‍රස්‌තයන් සැමරීමට ත්‍රස්‌තයන්ගේ දේශපාලඥයන්ට හා මේ විශ්ව විද්‍යාල වල  ඒල්ටිටි කිරිසප්ප්යනට යලිත්  අවසර දී තිබේ නම් . ඒ මේ රාජ්ජ්‍ය කාලය තුල සිදුවූ තවත් ජාති ද්‍රෝහී ක්‍රියාවක් වශයෙන් ඉදිරියේදී දේශාභිමානි ජනතාව විසින් සිතීම නොනවත්තනු හැකි නොවුනමානයි.


නමුත් රටේ ජනතාව තවමත් ඒ සම්බන්ධයෙන් නිහඬය අද දවස පුරාවට ද  ‘ජේන සයිඩ් ශ්‍රීලංකාවක්” ඝාතක ශ්‍රීලංකාවක් යැයි දොස් දෙමින් ඉන්දියාවේ,එංගලන්තයේ, කැනඩාවේ සිට ජාත්‍යන්තර මාධ්‍යන් හඬ නගනවිට මේ ඉදිකර ඇත්තේ කොටි සැමරුමක් යැයි  ප්‍රති පිළිතුරු දුන් අප වැනී මාධ්‍ය වේදීන් කරන්නේ කුමක්දැයි සිතමින් දවල් වැටුන වලේ රැ වැටීමට පෙර දෙවරක් ගත යුතු පියවර ගැන සිතමින් සිටිමි.


අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට පෙර රාජ්‍ය කාලයන් තුලදී හඬ නගනවිටබොහෝ විශ්ව විද්‍යාලයයි කියාගන්නා පිරිස්  නැටුවේ කොටියාගේ කොඩිද අත දරමින්ය. රජය නිසි මාවතක නොගොස් අනිසි පිඹුරු පත් සකස් කරන බව ඇඟවීමට පක්ෂ විපක්ෂ උඩු දුවන කාලයක රජය අඳ ගොළු බිරි නායකයන් මෙන් සිදුවන්නේ රජය රජ කෙරු පිරිසකගෙන් දැඩි නිහඬ තවයක්ය නමුත් .ඒ නිහඬ බව වර්තමාන රජය වරදවා තේරුම් නොගත යුතුය. නිහඬ බව ඉවසීමේ ලක්‍ෂණයක් මයි කියයි නමුත් ඉවසීමට සීමාවක්‌ තිබේ. එම සීමාව ඉක්‌මවා ගියහොත් දේශයටද්‍රෝහී  වූ සියලුම පාලකයන්ට ජනතාව නැවතත් යහපාලනයට ලබා දුන් දඬුවමම ලබා දෙනු ඇත.


ඇස් මස් ලේ දැන් දෙමින් අප සිහළ ජිවිත රාශියක් ඒ කාලකන්නි ත්‍රස්තවාදය මැඩ පැවත්තිමට පුජා කලේ පැරද්දු සතුරන් යුද්ධයෙන් පසු කිසිවිටකත් යළිත් බලාත්මක කිරිමිට නොවේ. ඇබිත්තක් හෝ බෙදුම් වාදය දුටුවිට එය විනාශ නොකට අපගේ සතුරන් වන බෙදුම් වාදීන් ට පක්ෂව හෝ විපක්ෂව ‘අපි ඒ ගත්තේ ‘ ඩිමොක් ට්‍රික් ‘ උපාය මාර්ගයක් කියමින් තම පක්ෂය රැකීමට කියන ලොකුම කෙප්පය මේ ලොව පැරැණිම ජාතියක් වන සිහළ බොදු අප පිළිගන්නේ නැත. එය ලොව තියන ලොකුම මුසාවාදයද බව අප දනිමු.


ඉන්දියානු බෙදුම වාදී දේශපාලන හස්තයනට යටවී සිංහල ජාතියම සහ සම්බුද්ධ ශාසනයම විනාශ කිරීමට මාන බලන ත්‍රස්ත උපක්‍රමයක් වශයෙන්ද පළාත් සභා චන්ද ක්‍රමය හඳුන්වාදිය හැක නමුත් කරුමෙකට නැවතත් ඉවත දැමියයුතු එම මර උගුලටම කෙල හලමින් අපේ සමහර මිතුරන් හා පසමිතුරන් වන ‘අර දේශපාලන මිතුරෝ ‘ කෙළ හළමින් සිටි.
ඒවගේම දැන් නැවතත් අරුම පුදුම දෙමළ හිතවත්තු වැඩි වී ගෙන යයි. අද සෑම ප්‍රධාන නගරයකම දෙමළ බස උගන්වන පන්ති ගැන පෝස්‌ටර් අලවා තිබීමෙන් මේ උනන්දුවේ තරම සිතාගත හැකියි. නමුත් ඒ  ශ්‍රී ලාංකීක ගතිය  සිංහල පළාත් තුල පමණි. සිංහල ඉගෙනීමට දෙමළ දරුවන් සිංහල පන්තියාමක් තාම අප ප්‍රසිද්ධියේ දැක නැත. නමුත් මේ රටේ බහුතරයක් දෙමළ දේශපාලකයන් තුලින් බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ ”සංහිඳියාව” ”යහපාලනය” වැනි වචනය එය හුදෙක් මිත්‍යාවක් බව ඉතා පහසුවෙන් වටහා ගත හැක.


ඒ කොහොම ද කිවහොත්  දෙමළ අයට සිංහල ඉගැන්වීම හෝ සිංහල අය දෙමළ ඉගෙන ගැනීම ගැනවත් නොව උතුරේ ස්‌වයං පාලනයක්‌ හා බලතල බෙදීම ගැන දිනපතා ඒ සුද්දා මෙහෙට වහල්ලු වශයෙන් දක්කාගෙන ආ පිරිස් ක්‍රමානුකුලව රජ ඇමති වී පාර්ලිමේන්තු වරප්‍රසාද අස්සේ රිංගා ‘ ලෝකෙම ඉන්න දෙමළ අපේ අය උත්ගොසනය කරන්න ලංකාවේ ඉන්නේ අන්තවාදී මිනිමරපු දෙමළ ජන වර්ගය සමුල ඝාතනය කරණ පිරිස් ය යන්න ලොවට අඬගා කියන විටයි.


එදා සිංහල අපි කියුවේ ‘ අලි මදිවට කොටි කියාය ‘ නමුත් වර්තමානයේ අපි කිව යුත්තේ ‘ අලි මදිවට කොටි නොවේ ‘ නොයෙකුත් පුට්ටු මල් කරුවන්ද ‘ අන්තවාදී හෝ ජාතිවාදී, ත්‍රස්තවාදී පිරිස් විසින් නැවතත් රට ගිලගන්නා තෙක් බලාගෙන ඉන්නා බවයි.
ජනතාව රජයක්‌ පිහිටුවීමට පාලකයන්ට ඡන්දය දෙන්නේ රටේ අභිමානය රකිමින් රට පාලනය කිරීමට මිස රටේ අභිමානය කෙලසමින් බලයේ සිටීමට නොවේ.
අප යුද්ධය ජයග්‍රහණය කරන විට රණවිරුවන් 29000 ක්‌ මියගොස්‌ 14000 ක්‌ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබුණි. රණවිරුවන් සමස්‌ත ජාතියටම බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ නිදහස ලබා දුන්නේ එවන් වූ උදාර කැපවීමක්‌ කරමිනි. ඉතින් එවන් සැබෑ ජාතික විරුවන් සිහි කරමින් අපි අද දින නිහඬ වන්නෙමු.
දීක්‌ වූ සැනෙන් සතුරන්ගේ සිරස සිඳවක්‌නු පොරන සිංහල අත් යුවල අදඔක්‌කෝටම වදින හැටි බල බලා හිඳලක්‌මව හඬයි එය ඔබටත් පෙනෙනවද..?


 නිර්භීත අභිමානවත් ජාතියකට හිමිකම් කියු  සිංහලයන් අද නොරටුන්  ඉදිරියේ නිවටව දණින් වැටී සිටීම දැකීමත් සන්තාපයෙකි.

කොටි සුරතල් තවමත් අවසන් වී නැත.


ඒ ගැන විචක්ෂණ බුද්ධියකින් බැලිය යුතු කාලයකට පැමිණ ඇත.ඔබ සැමට තෙරුවන් සරණයි !

දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න
සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට
2020-11-12