Mon. Jul 8th, 2024
Spread the News

‘කොටි සැකකරුවන්ගේ
පාපොච්චාරණ අහෝසි කරන්න’

ජිනීවා කවුන්සිලය රජයට දන්වයි

කීර්ති වර්ණකුලසූරිය

කොටි ත්‍රස්‌aතවාදී සැකකරුවන් පොලිසියට ලබාදුන් සියලුම පාපොච්චාරණ අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.

ඒ සඳහා ත්‍රස්‌තවාදය පිටුදැකීමේ නව කෙටුම්පතද සංශෝධනයට ලක්‌කරන ලෙස මානව හිමිකම් කවුන්සිලය රජයට දැනුම්දී තිබේ. එම කෙටුම්පත සංශෝධනය සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායමකට ඉදිරි සති දෙක තුළ ජිනීවා නුවරට පැමිණෙන ලෙස මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් දන්වා ඇත.

ත්‍රස්‌තවාදී සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන ලෙස මානව හිමිකම් කවුන්සිලය නිර්දේශ කර ඇත්තේ ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඇතුළු වෙනත් බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධවූවන් ලබාදුන් පාපොච්චාරණ අහෝසි කිරීමෙන් ඔවුන් නිදහස්‌ කරගැනීමට බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග කියයි.