Mon. Jul 8th, 2024
Spread the News

කොටි ඝාතකයන් සැමරීම
හමුදාව විසින් ව්‍යාර්ථ කරයි

source:
“සෑම ඇදවැටීමකදී අපි නැගිට්‌ටෙමු. යළිත් වරක්‌ නැගිට්‌ටෙමු.
ද්‍රවිඩ ඊළම ලබාගැනීම සඳහා අපේ නායකයා (ප්‍රභාකරන්) අනුගමනය
කළ මාර්ගය නමැති ස්‌ථාවරයේ අපි සිටින්නෙමු.
– යාපනය විශ්වවිද්‍යාල සිසුන්
“We will rise and rise again after every fail”

* බ්‍රිතාන්‍යය, කැනඩාව, ස්‌විට්‌සර්ලන්තය, නෝර්වේ
යන රටවලදී කොටි ඝාතකයන්ව සමරති

* කොටි මූලස්‌ථානයේ සිට යෑයි දක්‌වමින්
යාපනයෙත් කොටි නිවේදනය විකාශනය වේ

* නෝර්වේ අරමුදල් ලබන එන්.ජී.ඕ. කම්පැණියේ පසුබිම හෙළිවේ

* ද්‍රවිඩ සන්ධානය ඇමරිකාවට හා දකුණු අප්‍රිකාවට යන බව පවසයි

* එරික්‌ සෝල්හයිම් යළි මතුවේ

* මැලේසියානු පාර්ලිමේන්තු කමිටුවක්‌ ශ්‍රී ලංකාවෙන්
නිදහසට කරුණු අසයි

* වව්නියාවේද කොටි හොල්මන්

* කොටි මිනීමරුවන් සැමරීමත් අදහස්‌ ප්‍රකාශ කිරීමේ
නිදහස යෑයි ඇමරිකානු තානාපති කාර්යාලය කියයි

* මිනීමරු කොටි වෙනුවෙන් පහන් පත්තු කිරීමට ඉඩදිය යුතුද?

* කොටි ගැටුම් යළි ඇරඹීම සඳහා හමුදාව බැරැක්‌කවලට සීමා කරන්නලු


කොටි මිනීමරු කණ්‌ඩායම සැමරීම ව්‍යර්ථ කිරීම ගැන
උදහසට පත් විශ්වවිද්‍යාල සිසුන් පොලිසිය සමග තර්ක කරමින්


ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන අයි.එම්.එච්.ඕ.
සංවිධානයේ කොටි සබඳතා

කොටි ඝාතක සමාගමේ මිනීමරු නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 58 වැනි උපන් දිනය හා මියගිය කොටි අපරාධකරුවන්ව සැමරීමේ දිනය පසුගිය 27 වැනිදාට යෙදී තිබිණි. වසර ගණනාවක්‌ තිස්‌සේ කොටින්ගේ පාරාදීසය වූ යාපනය විශ්වවිද්‍යාලය තුළ කොටි මිනීමරුවන් සැමරිම සඳහා යළිත් වරක්‌ සැලසුම් කර තිබූ බව ආරක්‍ෂක බුද්ධි අංශවලට වාර්තා විය. විශ්වවිද්‍යාල භූමියේ තිබූ කොටි ස්‌මාරකය ඉදිරියේ පහන් දැල්වූ කොටි හිතවාදී සිසූහු කොටි පෝස්‌ටර් හා අත්පත්‍රිකා බෙදාහැරීමට ද ක්‍රියා කළහ. මෙදින සවස්‌ යාමයේ ආනන්ද කුමාරස්‌වාමි සහ බාලසිංහම් යන ශිෂ්‍ය නේවාසිකාගාරවලදී මියගිය කොටි ත්‍රස්‌තයන් වෙනුවෙන් පහන් දැල්වීමට ද කටයුතු යොදා තිබිණි. මේ බව සැලවූ විගස ආරක්‍ෂක බලධාරීහු එකී ශිෂ්‍ය නේවාසිකාගාර වෙත පැමිණ විමර්ශන අරඹන අවස්‌ථාවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු සහ උතුරේ කොටි හිතවාදී පුවත්පතක මෙන් කොටි වෙබ් අඩවිවලට තොරතුරු සපයන්නන් ද කඩාවැදුනි.

මේ කොටි හිතවාදීන්ගේ අරමුණ වූයේ ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජනතාවගේ හා සිසුන්ගේ ආගමික වතාවත්වලට බාධා කරන බව ජාත්‍යන්තරයට පෙන්නුම් කිරීමයි. මේ පසුබිම මැද යාපනය විශ්වවිද්‍යාලය තුළ අලවා තිබූ කොටි පෝස්‌ටර් රැසක්‌ සොයා ගැනුණි. මේ එක්‌ පෝස්‌ටරයක මෙලෙස සඳහන් විය. “අරගලයේ රටාව වෙනස්‌ විය හැක. නමුත් අරමුණ වෙනස්‌ නොවේ. කුමන බාධාවක්‌ පැමිණියත් කම් නැත. අපේ දිවි පිදූවන්ගේ අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියා කරන්නෙමු. සෑම ඇදවැටීමකදීම අපි නැගිට්‌ටෙමු. යළි නැගිට්‌ටෙමු. අපේ නායකයා ගමන් කළ මගේ අපි යන්නෙමු.”

මෙහිදී උතුරු නැගෙනහිර කොටි ක්‍රියාකාරීහු ප්‍රභාකරන් සහ කොටි ඝාතක කණ්‌ඩායම සැමරීම සඳහා තවත් උපක්‍රමයක්‌ දියත් කර තිබිණි. ඒ නොවැම්බර් 27 දා ද්‍රවිඩ ජනතාවගේ කාර්දිකායි නමැති ආගමින උත්සවයට මුවාවෙන් මියගිය ත්‍රස්‌තයන් උදෙසා පහන් දැල්වීමයි.

මේ බව ආරක්‍ෂක බුද්ධි අංශ වෙත ද වාර්තා විය. කාර්දිකායි ආගමික උත්සවය යෑයි කියමින් මියගිය ත්‍රස්‌තයන් වෙනුවෙන් පහන් පූජා පවත්වන ලෙස කොටි ක්‍රියාකාරීන් විසින් කෝවිල්වලට ද දැනුම් දී තිබිණි.

මෙම තත්ත්වය මැද අක්‌කරපත්තුව ප්‍රදේශයේදී කොටි පෝස්‌ටර් රැගෙන යමින් සිටි හිටපු කොටි ක්‍රියාකාරීන් පස්‌ දෙනකු ද ආරක්‍ෂක අංශවලට අසුවිය. මේ අතර තමිල් ඊළම් රාජ්‍යයේ ඊළම් මූලස්‌ථානය නමින් හඳුන්වමින් කොටි සංවිධානය නමින් නිවේදනයක්‌ ප්‍රකාශයට පත්විය. මෙම නිවේදනය ද්‍රවිඩ භාෂාවෙන් පසුගිය 27 දා ප්‍රකාශයට පත්කර තිබුණේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරා වූ ශ්‍රී කූගන්ගේ යුරෝපා කොටි වෙබ් අඩවිය විසිනි. මෙම කොටි නිවේදනය නෝර්වේහි සිට ක්‍රියාත්මක වන ටැමිල්නෙට්‌ නමැති වෙබ් අඩවියට ඒ වන විට එය ලැබී නොතිබූ බව හෙළි විය.

මෙම කොටි නිවේදනයේ මෙසේද සඳහන් විය. “සතුරා විදේශ හමුදා සහයෙන් අපේ භූමිය අල්ලා ගත්තේය. වසර 3 1/2 කට පසුත් ශ්‍රී ලංකා හමුදාවට අපේ ජනතාව කොටුවී සිටී. අපේ ජනතාවගේ අරමුණ මව්බිම මුදා ගැනීමයි. අවස්‌ථාවක්‌ උදාවූ විට ඔවුහු ඊට කැපවනු ඇත. ඔවුන් දැනටමත් සිය විරෝධතා දක්‌වා තිබේ. ඩයස්‌පෝරාවේ සිටි සහෘදයිනි· ද්‍රවිඩ නිජබිමේ සිටි ද්‍රවිඩයන්ගේ අරගල සීමාවී ඇති බව එබ දන්නෙහිය. ලෝක කරලිය තුළ ඊට දායකවීමට ඔබට හැකිවේ. අපේ අරගලය සඳහා සියලුම සමාජ කණ්‌ඩායම්වල සහාය ලබාගත යුතුය. අපගේ ජනතාවගේ ආරක්‍ෂාව රැඳී ඇත්තේ ඔබ අතේය. ජාත්‍යන්තර ප්‍රජාවගේ ආකල්පය නිසා අපේ ජනතාව තුළ දැඩි කණගාටුවක්‌ ඇතිවී තිබේ. අපේ අරගලය ත්‍රස්‌තවාදය ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් හඳුන්වා තිබේ. දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා කොටි තහනම ඉවත් කරන ලෙස අප ඉල්ලන්නෙමු. සිංහල ආණ්‌ඩුවෙන් කිසිවිටෙක ඊළාම් ද්‍රවිඩයන්ට සාධාරණ විසඳුමක්‌ නොලැබේ. වත්මන් තත්ත්වය මත සිංහලයන්ට සහ ද්‍රවිඩයන්ට එකට ජීවත්විය නොහැකිය. මරණවලින් අපේ විමුක්‌ති අරගලය නතර කළ නොහැකිය. මේ නිසා තමිල් ඊළම අරමුණ සඳහා අරගලය දියත් කිරීම පිණිස අපි ශපථ කරමු.”

මේ කොටි නිවේදනයේ වචන භාවිත කර ඇති අන්දම පිළිබඳ විමර්ශනය කරන විට එය සකස්‌ වී ඇත්තේ යාපනයේ සිට බව සනාථ වේ. මේ අතර නොවැම්බර් 27 වැනිදා ඉන්දියාවේ යලිම් දිස්‌ත්‍රික්‌කයේ පුලියූර් – කෝලාතුර් සහ මෙට්‌මුර් ඩෑම් නමැති ගම්මානවල ජනතාව ද ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි මිනීමරුවන් සමරා ඇත. ඔවුහු ප්‍රභාකරන්ගේ ගුණ ගායනා කර තිබේ. 1983 දී කොටි පුහුණු කඳවුරු ආරම්භ වූයේ මේ ගම්මානවලිනි. පොන්නම්බාන් නමැත්තාගේ මෙහෙයවීම යටතේ කොටි 800 ක්‌ වේ. කඳවුරුවලදී පුහුණුව ලබා ඇත.

මෙලෙස කොටි ත්‍රස්‌තයන් පුහුණුව ලත් කුම්බරුපට්‌ටි ගම්මානයට පුලියූර් නමින් නම් කර ඇත්තේ ද කොටි සංවිධානයයි. පුලියාර් ගම්මානයේ සිටින බාලසුබ්‍රමනියම් නමැත්තා සිය පුත්‍රයාව නම් කර ඇත්තේ ද තම්බි ප්‍රභාකරන් නමිනි. එසේම වන්නි මෙහෙයුමේදී මියගිය කොටි හමුදා නායකයන්ව සිහි කිරීම සඳහා එම ගම්මානයේ තරුණයන් එකී කොටින්ගේ නම් භාවිත කරන බවද හෙළිවී ඇත. මෙම ගම්මානවල වෙසෙන කොටි හිතවාදීන් ප්‍රභාකරන් තවදුරටත් ජීවතුන් අතර සිටින බවත් ඔහු යළි ජීවමානවී ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද වදිනු ඇති බවටත් තරයේ විශ්වාසය පළ කරන බවද ඉන්දීය මාධ්‍ය විසින් හෙළි කර තිබේ.

මේ පසුබිම යටතේ කොටි සංවිධානය සතුව ඇති ජාත්‍යන්තර වත්කම ඩොලර් බිලියනයක්‌ (රුපියල් කෝටි 10000 ක්‌) යෑයි කොටි ජාත්‍යන්තර අවි ජාලයේ හිටපු ප්‍රධානියා වූ කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන් විසින් හෙළි කර ඇත. මෙම වත්කම්වලින් වැඩි හරියක්‌ ඇත්තේ කැනඩාවේයි. කොටි ජාත්‍යන්තර ජාලය සතුව මෙවන් අතිවිශාල මුදල් සම්භාරයක්‌ ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පවා හෙළිවී තිබේ.

මෙකී වත්කම් අතර කොටි නැව් ද වේ. මේ නැව් ජාත්‍යන්තර නාවික සංවිධානයේ ලියාපදිංචි අංක යටතේ යාත්‍රා කරන අතර ඊට අදාළ තොරතුරු මෙරටට ලබාදීමට ක්‍රියා කර නැත. මේ අතර විමුක්‌ති කොටි යන ශීර්ෂය යටතේ පසුගිය 26 වැනිදා වව්නියා ආරක්‍ෂක අංශ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිපි ලැබී ඇත. මුල්ලිවයික්‌කාල්හිදී අපේ ආයුධ නිහඬ කළා. එහෙත් නැවතත් ආයුධ අතට ගෙන ද්‍රවිඩ ඊළාම් විමුක්‌තිකාමීන්ගේ ඊළාම් රාජ්‍යය නැවත බිහි කිරීමට කටයුතු කළ යුතුයි. ද්‍රවිඩ කොටින්ගේ පිපාසය ද්‍රවිඩ ඊළාම් රාජ්‍යයයි යනුවෙන් දැක්‌වෙන ලිපි කිලිනොච්චිය සහ මුලතිව් යන ප්‍රදේශවල පිහිටි රජයේ කාර්යාල වෙත ද බෙදාහැර තිබූ බව හෙළිවිය. මෙලෙස සැඟවී සිටි කොටි යළිත් උතුරේ තැන් තැන්වල මතුවන අවස්‌ථාවේ වන්නි දිස්‌ත්‍රික්‌ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානන්දන් නමැත්තා මෙලෙස ප්‍රකාශ කර ඇත. “මම හිටපු සටන්කාමියෙක්‌. මා මරණයෙන් ගැලවුණේ අනූනවයෙන්. දෙවියන් මට ජීවත්වීමට ප්‍රසාද දීමනාවක්‌ ලබාදී ඇති බවට මා විශ්වාස කරනවා. ද්‍රවිඩ ජනතාවට නිසි විසඳුමක්‌ නොලැබුණොත් මම මරණීය උපවාසයක්‌ කරනවා. ලබන වසරේදී රජය විසඳුම දිය යුතුයි යෑයි ඔහු කියා සිටියේය.

මෙයට සමගාමීව ද්‍රවිඩ සන්ධානය විසින් ශ්‍රී ලංකාවට ආධාර දීමෙන් වළකින ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ද ඉල්ලා තිබේ. මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන ද්‍රවිඩ සන්ධානය ලබන ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට හා ඇමරිකාවට ද ගොස්‌ ගිනි ඇවිලවීමට සැලසුම් කර ඇතැයි වාර්තා විය. කලකට පෙර ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායමක්‌ ජර්මනියේ බර්ලින් නුවරට ද ගොස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. මෙම රහස්‌ සාකච්ඡාවට කොටි හිතවාදියකු වන දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති ඉබ්‍රාහිම් ඉස්‌මයිල් හිටපු නෝවීජියානු අමාත්‍ය එරික්‌ සෝල්හයිම්, ද්‍රවිඩ ඩයස්‌පෝරාව සහ සුරේශ් ප්‍රේමචන්ද්‍රන් සහ සෙල්වම් අඩෙයිකලානන්දන් ද සහභාගි වී තිබේ. මින් සනාථ වන්නේ කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම් දැන් ද්‍රවිඩ සන්ධානය පසුබිමේ ක්‍රියාත්මක වන බවය. මෙහිදී දකුණු අප්‍රිකාවට අවශ්‍ය වී ඇත්තේ 1995 දී දියත් කළ සුද්දන් හා කල්ලන් අතර වූ සහජීවන ක්‍රියාමාර්ගය මෙරට ද ඇති කිරීමයි.

මේ අතර සෝෂල් ආකිටෙක්‌ට්‌ස්‌ නමින් හඳුන්වා ගන්නා රාජ්‍ය නොවන සංවිධානයක්‌ ශ්‍රී ලංකාවේ සහජීවන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා යෑයි කියමින් ක්‍රියාශීලී සැලැස්‌ම නමින් තවත් මෙහෙයුමක්‌ දියත් කර ඇත. මේ සැලැස්‌මට අවශ්‍ය තොරතුරු ලබාdගෙන ඇත්තේ උතුරු නගෙනහිර හා මධ්‍යඹ කඳුකරයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගෙනි. එය සකස්‌ කිරීම සඳහා වූ සාකච්ඡා වට හැත්තෑවක්‌ පවත්වා තිබේ. මෙහිදී පෙනී යන්නේ මධ්‍යම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව ලවා ද ඉල්ලීම් යොමු කිරීමට ක්‍රියා කර ඇති බවය. මේ තත්ත්වය මැද කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතැයි යන කියමන සනාථ කරමින් පසුගිය නොවැම්බර් 20 දා ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් සංවිධානය සිය අලුත්ම වාර්තාවේ දැක්‌වූයේ කොටින්ගේ නෙදියවන් කණ්‌ඩායම ටැමිල් නෙට්‌ නමැති වෙබි අඩවියට සම්බන්ධ බවයි. මෙම හෙළිදරව්වත් සමගම ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය පැවසුවේ එකී සංවිධානයට එරෙහිව නඩු දමන බවයි. එහෙත් ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය මෙහෙය වනු ලැබුවේ හිටපු ත්‍රස්‌තවාදියකු වන ඩී. පී. සිවරාම් හෙවත් තාරකීය. මාධ්‍යවේදී වෙස්‌ ගත් මේ ත්‍රස්‌තයාගේ බිරිය ඇතුළු පවුලේ අයට කැනඩාවේ දේශපාලන රැකවරණ ලැබී ඇත. කරුණාගේ සගයන් පිරිසක්‌ අතුරුගිරියේ නිවසකදී ඝාතනය වී ඇති බව පොලිසියටත් පෙර දැන සිටියේ සිවරාම්ය. (D.
P. Sivaram – ex terrorist)

එහෙත් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේ නැත. මෙවන් පසුබිමක්‌ යටතේ වෙස්‌ මුහුණු දමාගත් කොටි හිතවාදීහු ශ්‍රී ලංකා රජය වෙත සමීප වී ඇති බව අපි පසුගිය කාලයේ අනාවරණය කළෙමු. දැන් එය සැබෑ වී ඇත. මෙයට වසර කීපයකට පෙර ඉන්ටර්නැෂනල් මෙඩිකල් හෙල්ත් ඕගනයිසේෂන් නමැති ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානය ගැන හෙළි කළෙමු. 2010 ඔක්‌තෝබර් 10 වැනිදා ඒෂියන් ටි්‍රබියුන් සංවිධානයේ ඇමරිකානු නියෝජිත දයා ගමගේ ද කොටින්ට අරමුදල් සපයන එකී සංවිධානය ගැන හෙළි කළේය. (T.RO. –
I.M.H.O. which is the new front for LTTE Terrorist)

මේ සබඳතාවය ඇමරිකාවේ ලොස්‌ ඇන්ජලීස්‌හි ශ්‍රී ලංකා තානාපති නිලධාරියකු ද තහවුරු කරනු ලැබීය. මෙයට සමගාමීව 2009 සැප්තැම්බර් මස දිනෙක ලොස්‌ ඇන්ජලීස්‌ නුවර සිටින ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියක්‌ වූ හසිතා ලීලාරත්න විසින් දීර්ඝ ලෙස කරුණු දක්‌වමින් කොටි හා එම අයි.එම්.එච්.ඕ. සංවිධාන අතර පැවති සබඳතාවය හෙළි කර ඇත. එහෙත් එකී සංවිධානය නිහඬ විය. මේ ගැන එදා හමුදා බුද්ධි අංශයට ද වාර්තා විය. එසේ වුවත් වෙස්‌ මුහුණත් දමාගත් මේ සංවිධානයේ ප්‍රධානියා පසුගිය ජුලි මස මෙරටට පැමිණ රජයේ අමාත්‍යාංශයක්‌ සමග ගිවිසුමක්‌ අත්සන් කර ඇත.

මෙකී ගිවිසුම ගැන අපි හෙළිදරව් කරන්ම එකී සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ යෑයි හඳුන්වා ගන්නා ද්‍රවිඩ ජාතිකයා නෝර්වේ අරමුදල් ලබන එන්.ජී.ඕ. කම්පැනිය වූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට සම්බන්ධ පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කර තිබේ.  ඒ සමගම නොර්වේ ක්‍රෝන් අරමුදල් මත යෑපෙන මෙකී එන්.ජී.ඕ. කොමිසමේ මාධ්‍ය අඳබාලයෙක්‌ ඉන්ටර්නැෂනල් මෙඩිකල් හෙල්ත් ඕගනයිසේෂන් නමැති සංවිධානය ගැන අප හෙළි කළ තොරතුරු සම්බන්ධව කනගාටුව පළ කරන්නැයි ඉල්ලා ඇත.

එහෙත් මේ එන්.ජී.ඕ. කම්පැනියට ප්‍රතිචාර දැක්‌වීමට හෝ එකී ආයතනය ගැන අපි කිsසිදු තැකීමක්‌ නොකරන්නෙමු. මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රය පාලනය කිරීමට නෝර්වේ අරමුදල් ලබන්නන්ට කිසිදු හිමිකමක්‌ නැති බවද කිව යුතුය. නෝර්වේ රාජ්‍යය විසින් දියත් කළ ව්‍යාජ සාමය උදෙසා ක්‍රියා කළ මේ එන්.ජී.ඕ. කම්පැනියට 2001 දී මෙරට නෝර්වේ සහ නෙදර්ලන්ත තානාපති කාර්යාල විසින් රුපියල් 98,92,972 ක මුදලක්‌ ලබාදී තිබේ.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ පැවැති කොටි සැමරුම ව්‍යාර්ථ කිරීම සඳහා හමුදාව ක්‍රියා කිරීම නිසා කෝපයට පත් සිසුන් විශ්වවිද්‍යාලය අසල සිට විරෝධතා පෙළපාලියක්‌ මෙහෙයවා ඇත. මේ විරෝධතාවය මෙහෙය වූ සිසු සංගම් නායකයන්ගේ අරමුණ වූයේ හමුදාව සහ පොලිසියට පහරදී ගිනි ඇවිලවීමයි.

කලබලකාරී තත්ත්වයක්‌ ඇති කරගැනීමේ අරමුණින් පැමිණි මේ සිසු විරෝධතා පෙළපාලිය පොලිසිය විසින් විසුරුවා හැරීමෙන් පසු උතුරේ කොටි හිතවාදීහු පොලිසිය සහ හමුදාව විසින් සිසුන්ට පහර දුන් බවට ප්‍රචාරය කරනු ලැබීය. මේ තත්ත්වය යටතේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයෙක්‌ සිය වාහනය විශ්වවිද්‍යාල ගේට්‌ටුව අසල නවතා තිබියදී ඊට අලාභහානි සිදුවී ඇති බවට ප්‍රචාරය කර ඇත.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් මේ දේශපාලකයා විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වූයේ මන්ද යන්නයි. යාපනය විශ්වවිද්‍යාල සිසුන් මිනීමරු කොටි කණ්‌ඩායම සැමරීමට ක්‍රියා කිරීම ව්‍යාර්ථ කිරීම සඳහා ආරක්‍ෂක හමුදාවට හිමිකම් ඇත. එවැනි විටෙක මේ ද්‍රවිඩ මන්ත්‍රීවරයා සිසුන්ගේ ඉල්ලීමට යෑයි කියමින් විශ්වවිද්‍යාලය වෙත ගියේ එම ආරක්‍ෂක හමුදා ක්‍රියාදාමයට බාධා කිරීමට ද? මේ පසුබිම යටතේ විශ්වවිද්‍යාල සිසුන්ට පහර දුන්නේ යෑයි කියමින් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ විසින් දෙසැම්බර් 4 වැනිදා යාපනයේදී විරෝධතා ව්‍යාපාරයක්‌ දියත් කිරීමට සැලසුම් කර තිබේ. මේ අතරේ උතුරේ සැඟවී සිටින කොටි දැන් යළිත් මතුවී තිබේ. එය තහවුරු වූයේ ද්‍රවිඩ සන්ධානයේ සාමාජිකයකු මෙන්ම උතුරේ ව්‍යාපාරිකයකු වන ආන්කුලම් වේලායුදම් නමැත්තා ද කොටි මිනීමරුවන් කණ්‌ඩායම සැමරීමයි. මේ අතර මැලේසියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විසිපස්‌ දෙනකුගෙන් යුත් කමිටුවක්‌ ශ්‍රී ලංකා ද්‍රවිඩයන්ගේ මානව හිමිකම් අහිමි කිරීම හා ජිනීවා යෝජනාව සම්බන්ධව ගත් ක්‍රියාමාර්ග ගැන විමර්ශනය කිරීමට තීරණය කර ඇත. මේ බව නියෝජ්‍ය අමාත්‍ය දතුන් පෙරි නස්‌රි විසින් හෙළි කර තිබේ. මෙය මැලේසියානු පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමකි. එහෙත් ශ්‍රී ලංකා රජය මැලේසියානු පාර්ලිමේන්තුවට ප්‍රතිචාර දැක්‌වීම ප්‍රතික්‍ෂේප කර තිබේ. මේ අතර මෙරට ඇමරිකානු තානාපති මිචෙලි සිස්‌සන් මෙහෙය වන ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය 29 දා නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කරමින් යාපනයේ සිසුන්ට පහරදීමේ වාර්තාවක්‌ කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇති බවත් සාමකාමී පෙළපාලිවලට ගරු කරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව දක්‌වා ඇත.

ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉල්ලීම අනුව කොටි ඝාතකයන්ව සැමරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලය තුළ සිටින කොටින්ට ඉඩදිය යුතුද? එය වැළැක්‌වීමට යුද හමුදාවට සහ පොලිසියට හිමිකම් නැත. මේ අන්දමට බින්ලාඩන් සැමරීම සඳහා ඇමරිකාව නිව්යෝර්ක්‌ නුවරදී ඉඩ දෙන්නේද? මෙයට සමානව ලංකා ගුරු සංගමය හා මාතර හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සිසුන් කොටසක්‌ ද යාපනයේ සිසුන්ට සහාය දක්‌වමින් විරෝධතා ව්‍යාපාර පවත්වා ඇත. එම විරෝධතාවලින් කියන්නේ යාපනය සිසුන්ට මිනීමරු කොටින් වෙනුවෙන් පහන් පත්තු කිරීමට ඉඩදිය යුතුයි කියාද?

මේ තත්ත්වය මැද උතුරේ හමුදාව බැරැක්‌කවලට සීමා කළ යුතු යෑයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු ඉල්ලා ඇත. ඒ යළි උතුරේ කොටි ගැටුම් ඇරඹීමට ද?

යාපනය විශ්වවිද්‍යාල සිසුන් උතුරේ කලබලකාරී තත්ත්වයන් ඇති කිරීමට ක්‍රියා කරන අවස්‌ථාවේ කොළඹ සිට උතුරට දුරකථන ඇමතුම් රැසක්‌ ලැබී ඇතැයි හෙළි විය.

කීර්ති වර්ණකුලසූරිය