Mon. Jul 8th, 2024
Spread the News
Constantine I

කුරුසය යනු කුමක්ද? එය ක්‍රිස්තියානි ආගමේ සංකේතය කළේ කවුරුන් විසින්ද?
කවදා පටන් ද?

ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් දහමක් බවට පත්වන්නෙ පළමුවන සියවසේදීයි. එතුමාගේ මරණින් වසර 313 කට පමණ පසුව රෝමයේ පාලක Constantine I මිලාන් ආඥාව (Milan Edict) මගින් ක්‍රිස්තියානි ඇදහිල්ල ආගමක් ලෙස නිළ වශයෙන් පිළිගනු ලැබීය. එතෙක් රෝමානු කතෝලික දහම කියා දෙයක් නොතිබීමෙන් පැහැදිලි වන්නේ කුරුසය මත වධ වේදනා විඳි යේසුස් වහන්සේට වත් ආගමක් බිහි කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණු බවයි.

උගත් බුද්ධිමත් බටහිර ක්‍රිස්තියානි විචාරකයින් පවා පිළිගන්නා අන්දමට යේසුස් වහන්සේ කුරුසය මත මිය නොගිය බවත්, ජෙරුසලමේ සිටි රෝම පාලකයින්ගෙන් පමණක් නොව තමන්ව පාවා දුන් ද්‍රෝහි යුදෙව්වන් ගෙනුත් පණ බේරාගෙන ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයට පැමිණ “ඉසා” නමින් බෞද්ධ භික්ෂුවක් ලෙස ජීවත්ව මිය පරලොව ගිය බවක් සඳහන් වෙනවා.

සුප්‍රසිද්ධ ලේඛක කොලට් සේනානායක ඔහුගේ එක් ජනප්‍රිය ග්‍රන්ථයක් වන ” යේසු නම් බුද්ධ ශ්‍රාවකයාණෝ” කෘතියෙහි යේසුස් වහන්සේ ගේ ඉරණම කෙසේ වී ද යන්න මැනවින් පැහැදිලි කර ඇත.

ජෙරුසළම පාලනය කළ රෝම ආණ්ඩුකාර පිලාත් එදා යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරා දමන්නට තීරණය නොකළේ නම් ජේසු චරිතය ලෝක ආගමික ඉතිහාසයට එක් වීමට ඉඩක් තිබුණේ ද යන්න කිතුනු බැතිමතුන් හෘද සාක්ෂියට එකඟව සිතා බැලිය යුතු කරුණකි.

යේසු චරිතය දේශපාලනීකරණය කරන්නේ හිත් පිත් නැති රෝමවරුන් ය.
ජේසු නම් වූ අහිංසක මෙන්ම අභියෝගාත්මක චරිතයට වධ හිංසා දුන් කෲර රෝම වරුන්ය.
රටවල් යටත් කර ගැනීමටත් කොල්ලකෑමටත් එම ජඩකම් සාධාරණීය කර ගැනීමටත් රෝමවරු ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ නාමය තමන් වෙත ආරෝපණය කර ගත්හ.

එහි ප්‍රතිඵලයක් ලෙස, රෝමයත් වතිකානුවත් පාප් වහන්සේත් “ශුද්ධ” වූ ප්‍රපංචයන් ලෙස හැඳින්වීමට මුලින් ලොවක්ම පොළඹවා ගැනීමට රෝම අධිරාජ්‍ය සමත්විය.

එදා යේසුස් වහන්සේගේ ශරීරයෙන් ගලා ගිය රුධිරයෙන් තෙත් වූයේ කුරුසය පමණක් නොවෙයි. එම ලේ විසින් රෝමයටත් වතිකානුවටත් පාප් වහන්සේටත් උරුම කළේ ලේ පැල්ලමක් බව පිළිගැනීමට වත්මන් කතෝලිකයින් නොපෙළඹෙන්නේ මන්ද යන්න මධ්‍යස්ථව සිතා බැලිය යුතුයි.

අපගේ හැඟීමට අනුව (කුමන දෘෂ්ටි කෝණයෙන් බැලුවද) කුරුසය යනු අපරාධකාරයින් ඇණ ගසා මැරූ පෝරකයකි.
ගොල්ගොතාවේ කල්වාරිය යනු අමු සොහොනකි.
ශ්‍රී ලංකාවේ
කතෝලික සභාවට අනුව කල්වාරිය යනු පුදබිමකි.
අඩු වශයෙන් එය අනාදිමත් කාලයක මිනිස් බිලිපූජා පැවැත්වූ ස්ථානයක් වි නම්, ඓතිහාසික දෘෂ්ටිකෝණයෙන් හෝ පුදබිමක් වීමට ඉඩ තිබුණි.

නමුත් සිදුව ඇත්තේ ආගමේ නාමයෙන් සමාජ විපරීත භාවයකි.

අපගේ ගැමි වහරින් ” කන්න හිතුනහම කබරගොයත් තලගොයෙකි”.
එහෙත් යථාර්ථය නම් කබරගොයා කබරගොයාමය යන්නයි. එහි දෙකක් නැත.

පූර්වාපර සන්ධි ගලපා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කළ විට පෙනී යන්නේ, අනු පිළිවෙලින් මේ සෑම දෙයක්ම සිදුව ඇත්තේ යුගයේ අවශ්‍යතාවයන් ලෙස මතු වූ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමට කරන ලද අතිශයින් දුෂ්ඨ වූ මානව විරෝධී ක්‍රියාදාමයන් සමූහයක් ආගමික මුහුණුවරින් සංස්කෘතියක් බවට සකස් වී ඇති බවයි.
දෙවියන්ට ඇති බය රෝමයට, වතිකානුවට හා පාප් වහන්සේට ඇති භියක් ලෙස පරිවර්තනය වීම “වල් ඌරන් කැකුණ තැලූ විට හබන් කුකුළන්ට මඟුල්” කීවා සේ
අවමගුළ මඟුලකට පෙරළාගත් ලෝකයක් අප ඉදිරියේ නිර්මිත වී ඇත.
මේ තත්ත්වය ආගමක් හැටියට පමණක් පැවතුනේ නම් ප්‍රශ්නය මේ තරම් දුර දිග යන්නේ නැත.

කතෝලික සභාව වේවා, ඇංග්ලිකානු ඇදහිල්ල වේවා, එංගලන්ත සභාව වේවා, Born Again හෝ IIluminati වේවා මේවා සියල්ලම රාජකීයන්ගේ සහ ප්‍රභූවරුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත ලොවට පහළ වූ සංසිද්ධීන් ය.

ජේසු ස්වාමි දරුවන් කුරුසයෙන් මුදවා ගන්නා තුරු ලොවට සාමයක් ඇති වන්නේ නැත.
ඔබ ඔබව නිදහස් කර ගන්නා තුරු “සාමය” ලොවට හුදු මායාවක් පමණි.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
24.04.2023