Mon. Jul 8th, 2024
Spread the News

Divaiana : දිනසේන රතුගමගේ

kaaala333

මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසලේ ක‍්‍රීඩාංගණය සංවර්ධනය කරන ප‍්‍රදේශයේ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමා තිබූ කාලතුවක්කු උණ්ඩ 214ක් යුද හමුදාව විසින් පෙරේදා (28දා* සොයා ගෙන තිබේ.  පසුගිය සතියේදී මේ ස්ථානයෙන් මෝටාර් උණ්ඩ හතරක් ද හමුවූ අතර මුල්ලියාවලෙයි පොලිසිය හා යුද හමුදාව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලින් පසුව මෙලෙස තවත් කාලතුවක්කු උණ්ඩ 214ක් සොයා ගෙන තිබේ.

යුද හමුදාවේ 9 වැනි ඉංජිනේරු බළකාය විසින් සොයා ගන්නා ලද එම මෝටාර් උණ්ඩ අතර මි.මී. 152 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 110 ක්, මිලිමීටර් 122 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 36 ක් හා තවත් වර්ගවල කාලතුවක්කු උණ්ඩ 78 ක් සොයා ගෙන තිබේ.

මෙම කාලතුවක්කු උණ්ඩ තොගය නිෂ්ක‍්‍රීය කිරීම සඳහා මුලතිව් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට මුලතිව් මුල්ලියාවලෙයි පොලිසිය පියවර ගෙන ඇති අතර එම කාලතුවක්කු උණ්ඩ හමුවූ විදුහලේ ක‍්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දමා තිබේ.

 

kandos18