Wed. Jul 3rd, 2024
Jeevan Thondaman
Spread the News

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ, අයුතු අවහිරය සහ සිරකර තබා ගැනීම යටතේ 330 ,331 වග්නති ප්‍රකාරව සහ සාපරාධී බලහත්කාරය සහ අඩම්තේට්ටම් කිරීම යටතේ 340, 341,342 වගන්ති ප්‍රකාරව කරන වරැදි බව පැහැදිලි ය. . රජයේ අමාත්‍යවරයෙක්ව සිටිමින් රාජ්‍ය විරෝධීව හැසීරීම ප්‍රශ්න කළ යුතු ය. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී බලහත්කාරය සහ අඩම්තේට්ටම් කිරීම වූ නීති උල්ලංඝනය කරන බවට තර්ජනය කරන මෙවැනි අමාත්‍යවරයන් ආණ්ඩුවක සිටීම, ලංකා රාජ්‍යට කරන බවත් ද්‍රෝහී කමකි. මොවුන් තමන් නියෝජනය කරන ඡන්දදායකයන්ව රජයට විරුද්ධව කැරළි ගැසීමට පොළොඹවන්නේ නො වේද? මේ සම්බන්ධව ආණුඩු පක්ෂය ජනතාවට පිළිතුරු දීමට බැදී ඇත. රටේ ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන ගමන් පාර්ලිමේන්තු වරප්‍රශාද සහිත, මෙවැනි ආමාත්‍යවරු ආණ්ඩුවේ තබා ගෙන රට පාලනය කිරීම රටේ ජනතාවට කරන මහත් ම නිගාවකි. රටේ ජන්තාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමකි.