Mon. Jul 8th, 2024
Spread the News
Karl Marx
Lenin

කාල් මාක්ස්ට වගේම ලෙනින්ටත් වැරදුනා.
සමාජයක් පවතින්නේ ආර්ථිකය මතයි කියන දුර්මතය පැල කරනු ලැබුවේ ද්‍රව්‍යවාදී බටහිර චින්තනය නැමැති පසෙහි කාර්මික විප්ලවය නැමැති සාධකය විසින්.

පෙරදිග සමාජයේ කෘෂිකර්මය මත පදනම් වූ සමාජ සංස්කෘතික ආගමික හා දේශපාලන රටාව තුළ ආර්ථික සාධකයට වඩා බලවත් වූයේ ආධ්‍යාත්මික සාධකයයි.

සමාජවාදය ගැන කතා කළ දර්ශනිකයන්ට පමණක් නොව ධනවාදී චින්තනයට පොහොර දැමූ දාර්ශනිකයන්ට පවා හිතා ගන්නටවත් බැරි ශක්තිමත් තිරසාර සමාජ ක්‍රමයක් වසර දහස් ගණනක් තිස්සේ ස්ථාපිත වී තිබුණා.

සමාජයක් ශක්තිමත් වෙන්නේ හා පවත්වාගෙන යාමට හැකි වන්නේ කාල් මාර්ක්ස් කිව් ලෙසට ආර්ථික සාධක මත නම් සෝවියට් දේශය මේ වන විට ලෝකයේ බලවත්ම රට වෙන්න තිබුණා.

එය කඩාවැටෙන්නට වසර දහයකට පමණ කලින් අප විසින් සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් එය කඩා වැටෙන ආකාරය පැහැදිලි කරනු ලැබුවා.
ඒ වගේම සෝවියට් දේශයට වඩා වෙනස් ගමන් මගක් ගනිමින් චීනය ලෝකයේ ආර්ථික බලවතා වන බවත් 1980 වසරේදී අප විසින් පෙන්වා දුන්නා.

සහතිකවලින් උගත්කම ප්‍රදර්ශනය කරන නූතන පඬිවරුන්ට අනාගතය පිළිබඳ දැක්මක් නැත්තේ න්‍යායන් පමණක් කරපින්නා ගෙන යාම නිසයි.

සඳ හිරු යැයි සිතා සඳට වන්දනා කරන්නන් සඳෙහි ඇත්තේ හිරුගෙන් පරාවර්තනය වූ එළියක් පමණයි යන්න මෙනෙහි නොකිරීම කනගාටුවට කරුණකි.

-මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා

20.02.2023