Fri. Jul 5th, 2024
Spread the News

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කතා ඇසුරින් අපිට ලෝකයට දෙන්න වටිනා පණිවිඩ ගණනාවක් තිබෙනවා.

කවුරු මොනවා කිව්වත් ශ්‍රී ලංකාවේ ජීවත් ජීවත් වන බහුතරයේ හැදියාවට පදනම් වී තිබෙන්නේ බෞද්ධ ආචාර ධර්මයි.

එම සාධකය අමතක කරන බොහෝ දෙනෙක් තම තමන්ගේ හැකියාවන් ඔප මට්ටම් කර ගැනීමේදී නිකමටවත් සඳහන් කරන්නේ නැහැ බෞද්ධ දර්ශනය හා සාහිත්‍යය
මේ කියන දක්ෂතා උද්දීපනය කිරීමට දායකත්වයක් දුන් බව. ඒක එක්තරා විධියක අකෘතඥ කමක්.

ගසක් දෙස බලන කෙනෙක් මුලින්ම බලන්නේ ගහේ ගෙඩි තියෙනවද කියලා. ඊළඟට මල් කොළ සහ අතු ගැන උනන්දු වෙනවා. නමුත් මේ හැම දේකටම මුල්වන
ගහේ මුල ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.

සිංහල බෞද්ධ සංස්කෘතියත් දැවැන්ත රුඛක මුදුන් මුළ වගේ. ඒ මුළෙන් පෝෂණය වූ අයට අනාගත පරපුර වෙණුවෙන් දීමට දැවැන්ත පණිවුඩයක් තිබෙනවා.

ඒ තමයි ” කිසිදාක මුළ අමතක කරන්න එපා”
කියන පණිවිඩය.

එය ගෝත්‍රවාදී මනෝභාවයක් නොව යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කරන සෑම මනුෂ්‍යයෙකු තුළම රෝපණය විය යුතු වටිනාම පැළයක්.

-තෙවැනි ඇස-
29.07.2023