Fri. Jul 5th, 2024
Spread the News
Image Frevector

කවුරුත් නැහැ කියනව වෙනුවට හැකියාව තියෙන අවංක අය ඕන තරම් රටේ ඉන්න බව පිළිගෙන කතිකාව ආරම්භ කරමු.

ධනයට බලයට කෑදර නොවී ප්‍රධාන දේශපාලන ධාරාවේ වාමාංශික ප්‍රවණතාවයක් ඇති දේශපාලන කණ්ඩායම් තුනක් සමග සමීපව කටයුතු කළ මා හට පොළොවේ පය ගහලා ඉන්නවත් ඉඩ නොදුන් බව ඔබ සැමත් දන්නවා.

ප්‍රශ්නෙ තියෙන්නේ මිනිසුන් නැතිකම නොව හරි මිනිසුන්ට එළියට එන්න නොදෙන බව.

ඒ අමිහිරි යථාර්ථය සමඟ අපි සැමදාමත් ජීවත් විය යුතු නැහැ.

අපි බලයට කෑදර නොවී දක්ෂ අවංක බුද්ධිමත් පිරිසකට ඉදිරියට ඒමට පාර කපා දෙමු.

න්‍යායික වශයෙන් නායකත්වයක් දෙනවට වඩා දෙයක් අප බලාපොරොත්තු විය යුතු නැහැ.

මා සිටින්නේ 100%ක් නිර්පාක්ෂික පදනමකයි. මට අළුතින් අත්වන්න දෙයකුත් නැහැ නැතිවෙන්න දේකුත් නෑ.

-තෙවැනි ඇස-
08.01.2024