Mon. Jul 8th, 2024
Spread the News

කරූත් සුන්, මහානායක හිමිවරුත් සුන්.. ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට ජය.!

කරූ ව විනාශ කරලීමේ සැලසුමේ සිටින්නේ කවරහු ද? (source)

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳීම අරමුණු කරගෙන එහි නායකත්වය කරූ ජයසූරිය මහතාට ලබා දෙන ලෙස ඒකාබද්ධ ප්‍රකාශයක් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් ප්‍රකාශයට පත් කලේය. මහනායක හිමිවරුන්ගේ මෙම නිවේදනය සම්බන්ධයෙන් සමාජයේ දැන උගත් පිරිස අතර විවිධ අදහස් හා මත පළ විය. ඇතැමුන් විමසා සිටියේ මහනායක හිමිවරු කළ වැඩේ හරි ද යන්නයි.

තවත් පිරිස් විමසා හිටියේ රටේ කොතෙකුත් ජාතික ශාසනික ප්‍රශ්න තිබියදී පක්ෂයක අභ්‍යන්තර අර්බුදයකට මැදිහත් වීම, මහනායක හිමිවරුන්ට උචිතද යන්නයි. ඇතැම් උගත් වියත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මහ නාහිමිවරුන්ගේ මේ නිවේදනය දැක විමතිය පළ කළ අතර ශාසන භාරධාරීන් ලෙස සංඝනායක හිමිවරුන්ට කථා කල යුතු, මැදිහත්විය යුතු ශාසනික ප්‍රශ්න තිබියදී, පක්ෂයක නායකත්ව අර්බුදයකට මැදිහත් වූයේ ඇයි ද යන්නයි.

සිංහල බෞද්ධ නිහතමානී සදාචාරවත් නායකයකු ලෙස කරූ ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඔසවා තබන්නට රනිල් විරෝධී එ.ජා.ප ක්‍රියාකාරිකයින්ට හා එහි කැරලිකාර පිරිස් වලට අවංක උවමනාවක් තිඛෙන්නට ඇත. එහෙත් ඒ සඳහා මහානායක හිමිවරුන් පාවඩයක් කර ගැනීම, මහනාහිමිවරුන් කඩේ යැවීම මේ රටේ සමස්ථ සිංහල බෞද්ධ ජනතාවට කළ නිග්‍රහයකි. අඩුම වශයෙන් පක්ෂ නායකත්වය සඳහා වූ සටනට මහානායක හිමිවරුන්ගේ අත්සන් පාවිච්චි කිරීමෙන් වැලකී සිටීමට තරම්වත් ශිෂ්ඨ සම්පන්න භාවයක් හෝ සිංහල බෞද්ධ කමට ආදරයක් ලැදියාවක් මහෝපාසක කරූ ජයසූරියට තිබුනේ නැත. මෙය නොකළ යුතු නොගැලපෙන දෙයක් ලෙස එ.ජා.ප නායක්තවයට සටන් වදින රනිල් විරෝධී කරූ නායකත්වයට ඔසවා තබන කරූ හිතවාදී පිරිසටත් එහි පසු පස සිටි සංඝයා වහන්සේලාටත් නොතේරීම අරුමයක් නොවන්නේ සිංහල බෞද්ධ කමට වඩා කොළ පාට ලේ ඔවුන්ගේ ඇඟේ දුවන බැවිනි.

රටේ කොතෙකුත් ජාතික ආගමික ශාසනික ප්‍රශ්න තිබියදී ඒ වෙනුවෙන් නිවේදන ප්‍රකාශන නිකුත් නොකරන මහනාහිමිවරු එ.ජා.පයේ නායකත්වයට කරූ ජයසූරිය ගෙන එන්නට තම අත්සන සහ තනතුරු නිර්ලෝභීව ලබාදුන් ආකාරය මේ රටේ සමස්ථ සිංහල බෞද්ධ ජනතාවගේ පමණක් නොව සංඝයා වහන්සේලා අතර ද යම්කිසි ජුගුප්සාවක් ඇති කළ අවස්ථාවකි.

බෞද්ධයන්ගේ දැවෙන ප්‍රශ්න බවට පත්ව තිඛෙන අන්‍යාගමීකරණ ප්‍රශ්ණය, රදගුරු මැල්කම් රංජිත් සහ කතෝලික සභාව රාජ්‍ය නායකයාගේ සිට රටේ නීතිය ප්‍රාණ ඇපකාරයෙක් කර ගැනීම යි. සංඝයා වහන්සේලා විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීම, මිහින්තලේ විහාරාධිපති හිමියන් සහ ශ්‍රී පාද හිටපු භාරකාර හිමියන් අත්අඩංගුවට ගැනීම, උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, රට පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු මුස්ලිම් අන්තවාදයට ගොදුරුවීම, කූරගල මුස්ලිම් ආක්‍රමණය, විහාර දේවාලගම් පනත, බෞද්ධ දේපල විනාශ වීම ඇතුළු දහසකුත් ප්‍රශ්න ගැන ඇස් කන් පියා ගෙන නිහඬතාවය රැකි අපේ මහනායක හිමිවරු රනිල් හා කරූ අතර සටනට කිහිලිකරුවක් වූයේ ඇයි ?

රනිල් හා කරූ සටනින් කරූ පරාජය වී ඇත. කරූ ආවොත් පායයි හිරු කියූ අයට දැන් තරු පෙනී ඇත.
ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු කරූගේ ආධාර කරුවන් සිරිකොත ඉදිරිපිට හැසිරුනේ සිංහල බෞද්ධ කම අවිහිංසාව පෙරටු කරගත් පිරිසක් ලෙස නොව මැරවර ත්‍රාඩයින් පිරිසක් ලෙස ය. බලාපොරොත්තු සුන් වූ කරූගේ ආධාර කරුවන් සිරිකොත මන්දිරය ඉදිරිපිට වැඩහිටින බුදු පිළිම වහන්සේටත් ගල් මුල් ප්‍රහාර එල්ල කර එයටද හානි කළේ ය. එය නතර කරන්නට සිංහල බෞද්ධ මහෝපාසක කරූට බොහෝ වේලාවක් ගත විය.

බීමත්ව මැරවරයින් පිරිසක් සේ හැසිරුන මේ පිරිස පිටුපස එ.ජා.පය තුළ සිංහල බෞද්ධ කමට වෛර කරන ක්‍රිස්තියානී මූලධර්මවාදී කල්ලියක් ක්‍රියාත්මක වූයේද ? කරූ ජයසූරිය දේශපාලනිකව විනාශ කළේ මෙම මූලධර්මවාදී හස්තයද? මහානායක හිමිවරුන් ද රට තුළ හෑල්ලූවට ලක් කර පච කර කිච කළ මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී හස්තය ද? එ.ජා.පය තුළ කරූගේ නායකත්වයෙන් නැගී ආ ජාතික ප්‍රවාහය තිඹිරිගෙයිදි ම සැලසුම් කොට ගබ්සා කළේ මෙකී කුමන්ත්‍රණකාරී “බෝර්න් අගේන්” ක්‍රිස්තියානි කල්ලිය ද? කරූගේ ව්‍යාපෘතිය එ.ජා.පය තුළ පරාජය වූවා පමණක් නොව මහනායක හිමි වරුත් සංඝ රත්නයත් එම වැඩ පිළිවෙලට උපකාර කර අද අන්ද මන්ද වී ඇත. මේ සිදුවෙම්න් තිඛෙන්නේ කුමක්ද? එක්සත් ජාතික පක‍ෂය තූළ නැගී ආ සිංහල බෞද්ධ ප්‍රවාහය තලා පොඩි කොට දැමීමක්ද?

කරූ ජයසූරිය මෙම උගුලට හසු කොට දංගෙඩියට දැක්වූවෝ කවරහු ද?

මේ සියල්ල අප ඉදිරියේ නොවිසඳී ඇති ප්‍රශ්නයි. කරූ ජයසූරිය දේශපාලනිකව හරාකිරි කර ගැනීම ගැන අපට දුක් වීමට හේතුවක් ඇතත් ඊටත් වඩා අප දුක්වන්නේ කරූ ජයසූරිය දංගෙඩියට දැක්කීමේ හා මද්දුම බණ්ඩාර කිරීමේ ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලියේ ව්‍යාපෘතියට අපේ මහනායක හිමිවරුන්ද අලගු තබමින් කිහිලිකරුවක් වීම ගැනය.

– සපුමල් මොණරවිල