Mon. Jul 8th, 2024
Spread the News

කයිට්‌ස්‌ සිසුවිය පිළිබඳ
පොලිසියේ ක්‍රියාකලාපය ගැන ඇමැති වාර්තාවක්‌ ඉල්ලයි

චමින්ද සිල්වා

යාපනය කයිට්‌ස්‌ සිසුවිය දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්‍ෂණවලදී පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව වාර්තාවක්‌ ලබාදෙන ලෙස මහජන සාමය ආපදා කළමනාකරණ හා ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා ඇත.

සිසුවිය අමානුෂික ලෙස ඝාතනය කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබියදී කළහකාරී ලෙස හැසිරී යාපනය අධිකරණයට හා පොලිසියට පහර දුන් පිරිස වළක්‌වාලීමට අපොහොසත් වූ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ඇතුළු උසස්‌ නිලධාරීන් පිරිසක්‌ මාරුකර යෑවීමට පොලිස්‌පතිවරයා ක්‍රියාකර තිබිණි.

මෙහිදී පොලිසිය යම් රාජකාරියක්‌ මඟහැර හෝ අඩුපාඩුවක්‌ සිදු වී ඇති බවට විමර්ශනවලදී තහවුරු වුවහොත් ඔවුන්ගේ තරාතිරම නොබලා නීති පියවර ගන්නා බව ඇමැති ජෝන් අමරතුංග මහතා ඊයේ (24 දා) “දිවයින” ට පැවසීය.

යාපනය කොට්‌ඨාසයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්‌ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් කිහිපදෙනකු තනතුරෙන් ඉවත්ව ඊයේ වන විටත් යාපනය කොට්‌ඨාසය තුළම රැඳී සිටින බවට වාර්තා විය.

සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ ස්‌විස්‌ටර්ලන්තයේ අරක්‌කැමියකු ලෙස සේවය කළ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් එදිනම අල්ලා පොලිසියට භාරදීමෙන් පසු ඔහු නිදහස්‌ කර හැරීමට උසස්‌ පොලිස්‌ නිලධාරියකු සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වී ඇත. ඔහු වැල්ලවත්ත ප්‍රදේශයට පැමිණ සිටියදී පොලිසිය පසුව අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ වංචා විමර්ශන අංශය යාපනයට ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන අතර එහි වාර්තාව පොලිස්‌පතිවරයා වෙත බාරදීමට නියමිතය.