Mon. Jul 8th, 2024
Spread the News

Divaina : කීර්ති වර්ණකුලසූරිය

criminal

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කිරීමට මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ගොනු කළ නිර්දේශය එම අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් කර නොතිබීමයි. ජාත්‍යන්තර අධිකරණයේ ආරංචි මාර්ග ඊයේ (29 දා* පැවසුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මිස මානව හිමිකම් කොමසාරිස්වරියට ඒ සඳහා බලයක් නැති බවයි. මේ අතර මාර්තු මස ආරම්භ වන 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඡන්ද විමසීමක් පැවැත්වේ.