Fri. Jul 5th, 2024
Spread the News
Firefighters struggle to extinguish the fire.
Adolf Hitler Paul Joseph Goebbels

රැවුළද කැඳ ද නැත්නම් දෙකම ද?

ශ්‍රී ලංකා ජන සම්මුතිවාදී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන සාගර ධනංජය
කැටීපෙ ආරච්චි මහත්මයාගේ සිතුවිලි ඉතාමත් නිරෝගී බව පැහැදිලියි.

හෙට දිනය වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි අන්දමේ උදාර අදහස් ඒ මහතාට තිබෙනවා.

එහෙත් එක් තැනක ඔහු විසින් සඳහන් කරන ” උතුරේ ත්‍රස්තවාදය තීව්‍ර කිරීමට යාපනයේ පුස්තකාලයට ගිනි තැබීම හේතුවූ බව”
සඳහන් ප්‍රකාශය ඇත්තෙන්ම සාවද්‍යයි.

1933 පෙබරවාරි 27 වෙනි දින බර්ලින්හි ජර්මන් පාර්ලිමේන්තුවට
(Reichtag ) ගිනි තැබීම ගැන හොඳින් අධ්‍යයනය කළ කිසි කෙනෙක් යාපනයේ පුස්තකාලයට ගිනි තැබුවේ දෙමළ විරෝධී කණ්ඩායමක් යන මතය දරන්නේ නැත.

එවකට හිට්ලර්ට විශාල අභියෝගයක් වී තිබුණ කොමියුනිස්ට් ව්‍යාපාරය මර්දනය කිරීමට ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය ලෙස හිට්ලර් තෝරා ගත්තේ තමාගේම මිනිසුන් ලවා Reichtag ගොඩනැගිල්ලට ගිනි තබා එය කොමියුනිස්ට් කාරයින්ගේ වැඩක් ලෙස දැවැන්ත ප්‍රචාරයක් දීමයි.
එම උපක්‍රමය ඉතාමත් සාර්ථක වුණා. කොමියුනිස්ට් යැයි සැක කරන හැම කෙනෙක්ම පාහේ ඝාතනය වුණා.

උතුරේ ත්‍රස්තවාදය බිහිවුණේ දේශපාලන අවශ්‍යතාවයකට වඩා හින්දු හා බෞද්ධ විරෝධී ආගමික කණ්ඩායම් වල අවශ්‍යතාවය වෙනුවෙන් බව සැක හැර පිළිගත යුතුව තිබෙනවා.

කතෝලික පල්ලිය එදා හිට්ලර්ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තැබීමට උපදෙස් දුන්නා සේම නාසිවාදයට අවාසි විය හැකි මාක්ස්වාදී මෙන්ම දාර්ශනික පොත් පත් ලක්ෂ ගණනක් Gobel ගේ මෙහෙයවීම මත ගිනි තබා විනාශ කළා.

ඇත්තෙන්ම ඒ පොත්පත් වලට බිය වූයේ හිට්ලර් නොව වතිකානුවයි. එවැනි පොත් වල අදහස් ව්‍යාප්ත වීම තුළින් අනාගතයේදී කතෝලික දහම පැතිර වීමට විශාල බාධාවක් වන බව පල්ලිය දැන සිටි නිසයි එවන් පොත් ගිනි තැබීමේ ක්‍රියාවක් දියත් වූයේ.

උතුරේ ක්‍රිස්තියානි රාජ්‍යයක් බිහිවීමට තිබූ එක් බලවත්ම බාධකයක් වූයේ ඉතාමත් දුර්ලභ ගණයේ පැරණි හින්දු සහ බෞද්ධ පොත් පත් රාශියක් යාපනය පුස්තකාලයේ තිබීමයි.

එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරාගන්නා උපක්‍රමය භාවිතා කරමින් උතුරේ දෙමළ අනාගත පරම්පරාවට ඔවුන්ගේ පාරම්පරික සභ්‍යත්වය පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඇති ඉඩකඩ නැති කිරීම එක් අරමුණක් වූ අතර අනෙක් අරමුණ වූයේ එම තුච්ච ක්‍රියාව කරන ලද්දේ සිංහල අන්තවාදීන් යන මතය පතුරුවා සිංහල මිනිසුන්ට වෛර කිරීමට දෙමළ ජනතාව පොළඹවා ගැනීමයි.

ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වලදී, විවිධ ස්ථාන වලදී සාමය අභිබවා ම්ලේච්ඡත්වය හිස ඔසවනු ලැබුවේ යමක් තේරුම් ගැනීමේදී බුද්ධිමත් බවට තැන නොදීම නිසයි. රවටණු ලැබූ මිනිසාගෙන් බොහෝ වැඩ ගත හැක.
සත්‍ය පමණක් වටහා ගැනීමට මිනිස්සුන්ට උදව් කිරීම පල්ලි පන්සල් වෙහෙර විහාර තනනවාට වඩා වැදගත් බව නැවත නැවතත් මතක් කර දෙනු කැමැත්තෙමි.

– එඩ්වර්ඩ් –
25.04.2023