Fri. Jul 5th, 2024
Spread the News

ආරියතිලක
2023.12.10

කතරගම දෙවියන්ගේත් ඇස් වසා රන් තැටියට විද්ද හැටි මෙන්න…” කතරගම දෙවියන්ට ය කියා පරිත්‍යාග කළ පවුන් 38 ක රන් තැටියක් වංචාකල කතරගම දෙවොල් පූජක ප්‍රධාන කුපු තැන සහ එයට අදාළ අනෙකුත් පිරිස් අතඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව මාධ්‍යයක වාර්තා කර තිබිණි.

පුරා විද්‍යා පර්යේෂණ වලින් සනාථ කර ඇත්තේ සඳකඩ පහන ස්ථාපිත කරනුයේ බෞද්ධ සිද්ධස්ථානවල පමණක් බව ය. එය ලෝකයේ පුරා විද්‍යාවෙන් පිළිගෙන ඇත. කතරගම අෂ්ට ඵලරුහ බෝධි පරිශ්‍රයේ ඇති වත්මනෙහි “කතරගම දේවාලය” යනුවෙන් ඇදහීම් කරන ස්ථානය බුදු රදුන් උදෙසා කරන ලද ආසනඝරයක් බව කිව යුතු ය. එහි කිස්තු පූර්ව යුගයට අයත් සඳකඩ පහනකි. බෝධි පරිශ්‍රයට ඇතුල් වන තොරණ සමීපයේ ද(පාමුළ) සඳකඩ පහනකි. එය පොළොන්නරු යුගයට අයත් සඳකඩ පහනකි.
පසු කාලයේ සොළී බලපෑමෙන් ක්‍රි:ව: 1017 න් පසුව මෙකී ආසන ඝරය කතරගම දේවාලයක් බවට කෝවිල් ඇදහිල්ලට නතු වීඅ ඇත. සොළී යුගයේ වර්ෂ දෙකක් පමණ කාලයක් සොළි සාමන්තයෙක් කතරගම රාජ්‍යපාලනය කර ඇත. එය වංශ කතා තහවුරු කරයි.
ඒ යුගයේ ඇති වූ බලපෑමෙන් ආසනඝරය දේවාලයක් බවට පෙරළිණි.

දුටු ගැමුණු මහරජ තමා විසින් කතරගම දේවාලයක් සෑදූ බවට ජනප්‍රවාදයක් ඇත. ඇතැම් වත්මන් පොත් පත්වල ඒ පිළිබඳව දක්වත්. ඒ කියුම් අත්තනෝමතික අදහස් මිස කිසිදු සාධරණ සාක්ෂි නැත. කිසිදු වංශකතාවක එවැනි සඳහනක් නැත. මහාවංශය, දීපවංශය, ථූපවංශය, අටුවාවක, ටීකාවක නැත. ටැම් ලිපි, සෙල් ලිපි, පුවරුලිපි,ගිරි ලිපි අදී කිසිදු පුරාවිද්‍යා මූලාශ්‍ර නැත. පුරාවිද්‍යාත්මක සාධක නැත. කතරගම දේවලය යනු බුද්ධ සංතක ආසනඝරයක් පසු කාලයේ දෙවොළක් බවට පෙරළීමකි.

සාසන භූමියේ තිබිය හැක්කේ, තිබිය යුත්තේ තථාගත සම්බුද්ධ දේශිත අරිඅට මඟට අදාළ දේ පමණය. ශාස්වත දෘෂ්ටික ඇදහිළි තිබෙනවා නම් එය බුදු රදුන්ට කරන අවමානයකි. ආර්ය උපවාද කර්ම ද සිදු වෙත්.
බුද්ධ සංතක ආසනඝරය තම දෙවොලකයැයි කියන දෙවියා ගැන ද කියනු කවරේ ද?
සම්බුද්ධ ශාසන සන්තක භූමිය හොරකම් කළ, (මනුෂ්‍ය සහ අමනුෂ්‍ය) ඇත්තන්ට මෙවැනි රත්‍රං හොරකම මහ ලොකු කජ්ජක් ද?

මෙම ශාසන සන්තක භූමිය කෙළසීම පාපය සුළු පටු නැත. එකී පාපයට එය කරන කරවන, අනුග්‍රහය දක්වන මනුෂ්‍ය අමනුෂ්‍ය සියලු දෙනාට ම විපාකය ලැබෙනවා ඇත. සම්බුදු රදුන් සන්තක ආසනඝරය කෝවිලක් බවට පත් කරන විට ඇස් වසා ගෙන සිටි දෙවියා මේ රන් හොරකමේ දී ඇස් ඇරේවි ද?